lan englan tam

විඩියෝ ගැලරිය

ඩොලර් දහයකින් සිනමාකරුවෙකු වන්නේ කෙසේද? (Documentary)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පහතින් ඔබ නරඹන්නට යන්නේ මෙරට නිර්මාණකරුවන් දෙදෙනෙකු වන ඩෙනිස් පෙරේරා සහ චන්දන ප්‍රසන්න විසින් 2010 වර්ෂයේ දී  පමණ නිර්මාණය කරන ලද වාර්තා චිත්‍රපටයකි (Documentary).

මිතුරන් දෙදෙනෙකු වන ඔවුන් දෙදෙනා සිය සිනමා සිහිනය යථාර්තයක් කරගනු වස් මෙරට ප්‍රධාන සිනමා නිර්මාණකරුවන් කිහිපදෙනෙකුම හමුවෙමින් ඔවුන්ගෙන් 'සිනමාකරුවෙකු වන්නේ කෙසේද?' යන මූලික ප්‍රශ්නය අසමින් සිදුවන සංවාදමාලාවක් මෙම වාර්තා චිත්‍රපටයේ අන්තර්ගත වේ.

එමෙන්ම මෙලෙස සිනමාකරුවන් මුණගැසීමට යාමේදී සිදුවන සජීවී ක්‍රියාවලිය සහ ඔවුන් අත්විදින අත්දැකීම් රූපගත කොට මෙහි ඇතුළත් වේ.

මෙහිදී මොවුන් හමුවන පිරිස අතර වසන්ත ඔබේසේකර, ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම, සත්‍යජිත් මාඉටිපේ, ප්‍රසන්න ජයකොඩි, සිරිමල් විජේසිංහ, සංජීව පුෂ්පකුමාර, තිසර ඉඹුලාන යන නිර්මාණකරුවෝ වෙති.

මෙහිදී මෙම සිනමා නිර්මාණකරුවන් ඉදිරිපත් කරන අදහස් හරහා 'සිනමාකරුවෙකු වන්නේ කෙසේද?' යන මූලික ප්‍රශ්නය පිළිබඳව මෙන්ම ලාංකික සිනමා කර්මාන්තය පිළිබඳවද? එහි ඇති අභ්‍යන්තර ගැටළුකාරී තත්වයන් පිළිබඳව ද විවිධ අදහස් රැසක් මේ හරහා මතුවේ.

මෙම වාර්තා චිත්‍රපටය වඩාත් විධිමත්ව රූපගත කරන ලද, ඉතා පැහැදිලි රූපරාමු සහිත එකක් නොවේ. සිනමා සිහිනය දකින තරුණ නිර්මාණකරුවන් දෙදෙනෙකු විසින් එකල ඉතා අවම නිෂ්පාදන වියදමක් දරා සිදු කරනු ලැබූ නිර්මාණයකි. කෙසේ වෙතත් මෙම නිර්මාණ ආකෘතිය නිසාම මෙම වාර්තා වැඩසටහනට වඩාත් යථාර්තවාදී බවක් ලැබී තිබෙන බව කිව යුතුය.

මෙම වීඩියෝව පළ වී තිබෙන්නේ  ‘Guerilla Filmmakers’  යූ ටියුබ් නාළිකාවේයි.

මතු දැක්වෙන්නේ එම වාර්තා චිත්‍රපටයේ සම්පූර්ණ වීඩියෝවයි.

 

kemadasa

shungara

Back to top
Go to bottom