ඔබ සංවේදී පුද්ගලයෙක්ද? එසේ නම් මීළඟට අපි කතා කරන්නට සුදානම් වන In a Heartbeat කෙටි චිත්‍රපටය ඔබේ දෑසට කඳුලක් එක් කරනවාට නොඅනුමානයි.
In a Heartbeat කියන්නේ අලුත් ඇනිමේෂන් චිත්‍රපටයක්. එය මේ වනවිටත් අන්තර්ජාලය පුරා උණුසුම් ප්‍රතිචාර ලබමින් සැරිසරන කතාවක් කිව්වොත් මම නිවැරදියි. මිනිත්තු කිහිපයක් තුළ විකාශය වන මෙම කෙටි චිත්‍රපටය අසහනයේ සහ වෛරයේ ගිනිදැල් රජයන වර්තමාන සමාජයට සිසිලසේ පැන් බිඳක් එක් කිරීමට සමත්.
කලා සහ නිර්මාණ පාසලක් වූ රින්ග්ලින් විද්‍යාලයේ ශිෂ්‍යන් දෙදෙනකු වන බෙත් ඩේවිඩ් සහ එස්ටබන් බ්රාවෝගේ පරිගණක නිබන්දනයක් ලෙසින් මෙය එලි දකින නමුත් පාසල් ව්‍යාපෘතියකට එහා ගිය ජීවිතය උගන්වන නිර්මාණයක් බව කිව හැකියි.
මිට පෙර ඇනිමේෂන් චිත්‍රපටයක් ඔස්සේ කතා බහට ලක් නොවූ මාතෘකාවක් මෙහි ලා ඔවුන් පාදක කරගෙන ඇති අයුරු අපට දක්නට පුළුවන්. එක්තරා තරුණ පිරිමි ළමයකුට ඇතිවන හැඟීම් මිනිත්තු 4 ක් කාලයකින් ඔබ වෙත දිග හරින මෙම නිර්මාණය ඇත්තටම සංවේදී බව ඔබට වැටහෙනු ඇත.