සෝමලතා හේරත් මැණිකේ ගේ “කතා කරන හීන”(Katha Karana Heena) වැඩ නිමවී තිරගත කිරීමට සුදානම් කර ඇති චිත්‍රපටයකි.
“හෝ ගැන පොකුණෙන්” විවර කල ළමා මනස හීන සොයන සමනල්ලු” හරහා පැමිණ තව තවත් ඉදිරියට ගෙන යන්නට සෝමලතා හේරත් මැණිකේ ,තම චිත්‍රපටයෙන් ළමා මනස සමග ජීවත් වන්නට අපට ඇරයුම් කරයි.
වඩ වඩා ළමා චිත්‍රපට කිරීම හොද ප්රවණතාවයකි. ළමයාත්,වැඩිහිටියත්,දෙදෙනාම එකවර සිනමා ශාලාවට ගෙන්වීමට තවත් හොදම ප්රයත්තයකි,මෙම ළමා චිත්‍රපට නිපදවීම. සෝමලතා හේරත් මැණිකේ කතාව හා තිරනාටකය ලියා චිත්‍රපටය නිෂ්පාදනය කරමින් ඇයම අධ්‍යක්ෂණය කිරීම පැසසිය යුතු කාර්යයකි.
අජන්තා ඒකනායකගේ කැමරාකරණයෙනුත්,සුජිත් මිල්රෝයි හා ප්‍රසන්න සංජීව ගේ සංගීතයෙනුත් , ඩිලාන් ගුණවර්ධනගේ සංස්කරණයෙනුත් පූර්ණ වූ මෙම චිත්‍රපටයේ ප්‍රවීන නළු චන්ද්‍රසෝම බින්දුහේවා ප්‍රධාන භූමිකාව රග දක්වනු ඇත. බුද්ධික් ජයරත්න, සේමිණි ඉද්දමල්ගොඩ,ආනන්ද අතුකෝරල,අංජන අතුකෝරල,මනීෂ ශ්‍යාමලී ,දිනුල් රන්සිත,බුද්ධික කළිඳු ,රනිල් ප්‍රසාද් , සෙසු චරිත රගපානු ඇත.
“කතා කරන හීන” කුල්නෙත් මීඩියා ඉදිරිපත් කිරීමකි. සෝමලතා හේරත් මැණිකේගේ ප්‍රථම සිනමා නිර්මාණයකි. මෙය ලගදීම ලංකේය සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරෙනු ඇත.