සුලෝචනා වීරසිංහ ගේ රංගන කාර්්‍යය ගැන කතාකරන්න කාලය එලැඹ තිබෙනවා. පසුගිය 28 වෙනි දින තරංගනී ශාලාවේදී බොහෝ අය බලාසිටි ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය මාධ්‍යවේදීන් ට ප්‍රදර්ශණය කිරීමෙන් අනතුරුව තැන් තැන්වල විවිධ කතා සාකච්ජා වගේම ෆේස්බුක් හිත් විවිධ අය සිය අදහස් ප්‍රකාශ කර තිබුනා.
සුලෝචනා ගැන කතාකරන්න අවශ්‍යවෙන්නේ ඇය එහි කරන රංගනය පමණක් නිසාම නොවේ. අප කතාකරන්නට පොළඹවන සුලෝචනා විසින් ඉදිරිපත් කරන ලද කතානායිකාව අදටත් ජීවතුන් අතර සිටින නිසයි.
මම සුලෝගනේ ඇහුවා ඔබ චිත්‍රාංගනීව මුනගැහුනද මේ චරිතය කරන්නට පෙර කියලා. සුලෝචනා කිව්වේ "නැහැ මම අවස්ථාවක් ඉල්ලුවා වුනත් ඒ සඳහා ඉඩක් ලැබුනෙ නැහැ" කියලා.
විජේවීරගෙ පුතා චිත්‍රපටය ප්‍රදර්ශණය අවසානයේ සුලෝ සමීපයට සුබපතන්නට පැමිණි විට "මම චිත්‍රාංගනී කියලා ආමන්ත්‍රණය කරන්නද කියලා" ඇහුවා කියලත් සුලෝ කිව්වා.
චිත්‍රපටය ඉවරවෙලා නිලාර්, සුලෝට කතා කරන්න කිව්වහම ඇය කිව්වේ 'මට මේ වලොවෙ කතා කරන්න බැහැ' කියලා. අනෙක් අතින් ඇයට කතාකරන්න දෙයක් තිබුනද?ඇය සිය කාර්්‍ය අපූර්වත්වයෙන් නිශ්චිත යුතුකම ඉෂ්ට කරලා තිබුනා. ඒ ගැන කතාකරන්නෙ ඔිනෙ අපි. පේ්රක්ෂකයෝ, විචාරකයෝ, සිනමා රසවිඳින්නෝ.
රංගනශිල්පිණියකට එවැනි චරිතයක් අභියෝගයක් .
චිත්‍රපටයෙන් පසු කතාකරන්න බැරිවුන සුලෝ මෙහෙම කියනවා
"ඔබ කියු ආකාරයට මට මෙය විශාල අභියෝගයක් වුණා.මේ පිටපත පිළිබදව අනුරුද්ධ අය්යා මුලින්ම මට කියනකොට මම ඇත්තටම බය වුණා මට මෙයට සාධාරණයක් කල හැකිදෝ කියලා.පිටපත කිහිප සැරයක් කියවා,චිත්රාන්ගනීගේ කට උත්තරය පොතත් කියවූ පසු මට යම්තාක් දුරකට ඇයව සොයා ගන්න පුළුවන් වුණා.ඇයව සමීපව දැන සිටි අයගෙන් මා අදුනාගත් චිත්රාන්ගනීත් ,අනුරුද්ධ අය්යාගේ චිත්රානගනීත්,මගේ චිත්රාන්ගනීත්,මා තුළ සිටින ආදරයට සංවේදී ගැහැනියත්, මවත් එක් ලක්ෂයකදී අභිමුඛ කිරීම තුළින් ඇයව ප්‍රති නිර්මාණය කිරීමේ කාර්ය වඩා පයසුවෙන් කල හැකිය යන විශ්වාසය මා තුළ තිබුණා.
එදා 28 තරංගනී ශාලාවේ අසුන්ගෙන සිටි මා චිත්‍රපටිය අවසන් වන තුරුත් මාගේ රංගනයේ ගුණ දොස් සොයන්නියක නොවී ඇයම,එම ගැහැණියම වී,ඇයගේ සුසුම වී,කදුල වී ,ඇයගේ හෘදස්පන්දනය වී ඇයත් එක්කම ඒ පැය දෙකෙහි හුස්ම ගන්නවා වගේ දැනුනා. මාගේ වෙහෙසට මේ දුන් වටිනාමට තුති... මා ඉපැයු ධනය මෙයම පමණක් වේ... අනුරුද්ධ අය්යාටත් දනුෂ්ක අය්යාටත් කමල් අය්යා මගේ දරු පැටව් ටික ඇතුළු මගේ උන් හැමෝටම ආදරෙයි .....❤️❤️❤️
චිත්‍රාංගනී විජේවීර අදටත් ජීවත්වන චරිතයක්. රෝහණ විජේවීරගේ බිරිඳ.
සුලෝ ට ඒ අභියෝගය පහසු නොවන්නට ඇති. නමුත් ඇය ඉතාම සියුම් ලෙස බුද්ධිමත් ආකාරයෙන් ඒ අවස්ථාවන්ට මුහුන දෙන්නේ ඇය ගැන ආදරයක් අපේ සිත තුළ උපද්දමින්.
සුලෝගේ ඇස්, මුහුන, බැල්ම,හුස්ම, සිරුර මේ සියල්ල ම බාවිතා කරන්නේ ඇය නොවන චිත්‍රාංගනීට පණ දෙන්න.
වර්තමානයේ රගපානවා යැයි කියන සියලුම නිළියන් සුලෝචනා වීරසිංහගේ රංගනය කියැවිය යුතුයි.
ඒ නිදහස් හැසිරීමටල ආවේශයට මම කැමතියි.
කෞෂල්‍යා. චාන්දනී,නදී කම්මැල්ලවීර, සමනළී මේ සටහනට ඇතුළත් .ඔවුන්ද ඉතාමත් දක්ෂ රංගනවේදිනියන් නිසාම.
සුලෝ මේ මොහොතවන විට සිනමා වංශ කතාවේ තමන්ගෙ තැන සනිටුහන් කරලා තියනවා.
මට සතුටක් තියනවා හෘදයාංගවම දැනෙන.
ලෝකෙ හොඳම රංගනශිල්පිණියො අපිට ඉන්න එක ගැන.
සුලෝ, විල්ලෝරවත්තට නෙමේ.... ලෝකෙ කොහේ ගියත් ඔයාට තැනක් තියෙයි.
මම චිත්‍රාංගනීට ආදරෙයි .
මනෝහාරී හේවාවසම්
https://mirrorarts.lk/ar/featured/4551-sulochana-weerasinghe#sigProId915c565b09