lan englan tam

පුවත්

හැමෝම එහෙම හිතුවට මම වෘත්තීයෙන් ගුරුවරියක්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

"හැමෝම හිතන්නෙ එහෙම වුණත් ඇත්තටම මම වෘත්තියෙන් ගුරුවරියක්. මේ වෙද්දි මම ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යාපනවේදි ගෞරව උපාධියක් හදාරනවා."

මෙසේ පවසන්නේ 'රස රහසක්' ටෙලිනාට්‍යයේ උදානිගේ චරිතය රඟ දක්වන රංගන ශිල්පිනී තිළිණි කෞෂල්‍යා සමරසේන වේ.
'සිළුමිණ රසඳුන' පුවත්පතේ තිළිණි කෞෂල්‍යා සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඇය මේ බව පවසා තිබිණි.
"කුඩා කාලේ ඉඳලම ගුරුවරියක් වෙන්න ආසාවක් වගේම පොඩි දරුවෝ එක්ක ඉන්න මම කැමති. ඒ නිසාම තමා මේ උපාධියත් හදාරන්න හිතුවේ. ඒ එක්කම ගුරුවරියක් විදියට දැන් පාසලක සේවය කරනවා. වාණිජ අංශයෙන් උසස් පෙළ කළත් විශ්වවිද්‍යාලයට ගියත් නැවතත් මේ උපාධිය හදාරන්න අවශ්‍යයි කියලා හිතුණේ ඒකයි. මම ගුරු වෘත්තිය සහ රංගන වෘත්තිය පටලවගන්නෙ නැහැ. පන්ති කාමරයෙ පොඩි දරුවෝ එක්ක එයාලගෙ පාඩම් වැඩ කරනවා වගේම පාසලෙන්වත් පාසලේ මව්පියන්ගෙන්වත් විදුහල්පතිනිය සන්ධ්‍යා කුමාරි මහත්මියගෙන්වත් මට රංගනයට බාධාවක් නැහැ. එ නිසාමයි මම කියන්නෙත් කටකතා හදන මිනිස්සු අපි ගැන ඇත්තටම දන්නෙ නෑ කියලා." යනුවෙන් තිළිණි සිය සංවාදයේදී පවසා තිබිණි.
සම්පූර්ණ සාකච්ඡාවේ සබැඳිය පහළින්,

https://www.silumina.lk/2024/12/14/rasanduna/31120/%e0%b6%86%e0%b6%af%e0%b6%bb%e0%b7%9a-%e0%b6%b8%e0%b7%8f%e0%b7%80-%e0%b6%bb%e0%b7%80%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b6%bd%e0%b7%8f-%e0%b6%b1%e0%b7%91/

Back to top
Go to bottom

Popular News