lan englan tam

පුවත්

'මුද්‍රිත මාධ්‍ය අත්පොත' එළිදකී

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජනමාධ්‍යවේදීන්ගේ දැනුවත්භාවය ඉහළ දැමීම වෙනුවෙන් සැකසුණු 'මුද්‍රිත මාධ්‍ය අත්පොත' පසුගියදා පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළිදැක්විණි.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් කරන ලද මග පෙන්වීමෙන් මෙම කෘතිය එළිදැක්විණි.
ගුවන්විදුලි, පුවත්පත් සහ සමාජ මාධ්‍ය රාජ්‍ය උපදේශක සභාව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව 'මුද්‍රිත මාධ්‍ය අත්පොත' එළිදැක්වීමේ උත්සවය සංවිධානය කරනු ලැබ තිබිණි.
මහාචාර්ය ජේ.බී. දිසානායකයන් මෙම උත්සව සභාවේ ප්‍රධාන දෙසුම සිදු කළ අතර එය ඉතා වටිනා එකක් වූ බවට එම උත්සවයට සහභාගි වූවන්ගේ ප්‍රතිචාර ලැබිණි.
'මුද්‍රිත මාධ්‍ය අත්පොත' වැනි කෘතියක් එළිදැක්වීම සමග ජනමාධ්‍යවේදියා යනු නිරන්තරව ජනතාවට ඉදිරියෙන් සිටිය යුතු පුද්ගලයකු බව එහිදී හෙතෙම සඳහන් කළහ.
"ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදියෙක් කියන්න නම් ගුණාංග හතක් තියෙන්න ඕනෑ. ඒකට මං සත් ගුණවත් කියලත් කියනවා. සත් කියන එක සත් සතිය කියන අරුතෙන් හත කියල ගන්නත් පුළුවන්. අනෙක් පැත්තෙන් ගත්තොත් සද් – යහපත් කියල ගන්නත් පුළුවන්. පළමුවෙනි එක ඔවුන් සතුව දැනුම තිබිය යුතුයි.... ජනමාධ්‍යවේදීන් තුළ සංස්කෘතික ඥානය තියෙන්නත් ඕනෑ...."
විශේෂඥ ඥානය, බුද්ධියත් තිබිය යුත්තක් බවද මහාචාර්යවරයා එහිදී පැවසීය.

Back to top
Go to bottom

Popular News