ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, මහනුවර සහකාර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, හම්බන්තොට සහ යාපනය ඉන්දීය කොන්සියුලර් ජෙනරාල් කාර්යාල විසින් කොළඹ, ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය හා එක්ව සංවිධාන කරනු ලබන ඉන්දියානු චිත්‍රපට උළෙලක් ජනවාරි 06වැනිදා සිට 10වැනිදා දක්වා ශ්‍රී ලංකාව පුරා නගරවල පැවැත්වීමට සංවිධාන කර තිබේ.
කොළඹ, බදුල්ල, යාපනය, ගාල්ල, කුරුණෑගල, මාතලේ, මාතර සහ නුවරඑළිය ප්‍රදේශවල මෙම චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරන්නේ ජනවාරි 06 සවස 6.30ට බොලිවුඩයේ ඉතා ජනප්‍රිය ‘83’ චිත්‍රපටය කොළඹ PVR සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කිරීමින් උළෙල ආරම්භ කරන බවය.
ඉන්දීය සිනමා ක්ෂේත්රයේ බහුවිධ උරුමය ප්‍රේක්ෂකයාට ලබා දීම මෙම සම්මාන උළ්ලෙලෙන් සිදු කෙරෙන අතර ඇතුළුවීම නොමිලේ සිදු කිරීමට නියමිතය.