මේ වසරේ මග නොහැර නැරඹිය යුතු චිත්‍රපටයක් වන 'රෝස ආදරේ' පසුගිය ජනවාරි 03 වැනිදා සිට තිරගත වීම ඇරඹීය.
අනූජ් නම් රැකියා විරහිත, මවගේ සෙනෙහස පමණක් ලබමින් ජීවත්වන තරුණයාට රැකියාවක් නොලැබීමට හේතුව වන්නේ බාල අවධියේ සිටම වැළඳී ඇති නාකොලොප්සි යන අසාමාන්‍ය රෝගයයි.
ඒ සමගින් ආදරයකට අනූජ්ගේ සිත අත වනන අතර ඒ ගැන වන ආදර කතාවක් හැටියට 'රෝස ආදරේ' සැලකේ.
මෙය හර්ෂ උඩකන්දගෑඅ හත්වන සිනමා නිර්මාණයයි. අනූජ් රණසිංහගේ තිර රචනය කර ඇති අතර නිසල හෙට්ටිආරච්චි, දිනක්ෂි ප්‍රියසාද්, දිල්හානි ඒකනායක, රජිත හිරාන්, පැතුම් රුක්ෂාන්, නිමේෂ් එදිරිසිංහ, රුමලි කේෂිඩා, වසන්ත කුමාරවිල, වසන්ත කුමාරසිරි, අශේන් නවීන්, රයන් වැන්රෝයන්, හේෂානි ලියදිපිට සහ ලාල් වීරසිංහ රංගනයෙන් දායක වී ඇත.