ආනන්දනීය සිංහල සිනමා සංසදයේ 52 වැනි හමුව පැවති දිනයේදී ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා වෙනුවෙන් උපහාර උළෙලක් පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.
මාලඹේ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණ මෙම උපහාර පිදුමට ආනන්දනීය සිනමා සංසදයේ සාමාජික සාමාජිකාවන් මෙන්ම ප්‍රියංකර පෙරේරාගේ රසිකයෝ විශාල සංඛ්‍යාවක් සහභාගි වූහ.
ආනන්දනීය සිංහල සිනමා සංසදයේ සභාපති ආනන්ද ගමගේ, චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු, නිවේදිකා චිත්‍රා කුමාරි කළුබෝවිල සහ රංගන ශිල්පී සරත් දික්කුඹුර එහිදී කෙටි දෙසුම් පැවැත්වූහ.