lan englan tam

පුවත්

අමුතු කතා අස්සේ තවත් එක් කතාවක්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

MirrorArts YouTube channel එකත් එක්ක එකතු වෙමින් ඉන්න ප්‍රේක්ෂකයින්ට සුබ නවසරකට සුබපැතුම් එක් කරනවා පළමුව.

සුබ යහපත් නව වසරක් වේවා!
කලා ක්ෂේස්ත්‍රයේ විවිධ විෂයන්තුළ නියුතු ආදරණීය මිනිස්සු අපිට Mirrorarts තුලින් මුණගැසුනා. ඉදිරියටත් මුණගැසේවි.
Mirrorarts බලන ප්‍රේක්ෂකයො බුද්ධිමත් නිර්මාන රසවිදින කලාකරුවන් අගයකරන්නන් බව ඔවුන්ගේ අදහස් දැක්වීමෙන් අවබෝධ වෙනවා.
සමාජ මාධ්‍ය ඇතුලේ සැරිසරන බොහෝ අය ඔවුන් කැමති දේ තෝරාගෙන නැරඹීමේ අයිතිය බුක්ති විදිනවා.
Mirrorarts YouTube ප්‍රේක්ෂකාගාරයට මම ගරු කරනවා.
ඔවුන් ඉතා යහපත් ලෙස ප්‍රථිචාර දක්වනවා. හොද නරක විචාර ඒ දැක්වීම ඉතා සාධනීය ලෙස බාරගන්නවා. ස්තුතියි ඒ සියලු අදහස් දැක්වීම්වලට. ඒ අදහස් අපිට ශක්තියක් වන නිසාම.
අපිට ඉල්ලීම් කරනවා ප්‍රේක්ෂකයො ඔවුන් කැමති අයව ගෙන්වා සාකච්ජා කරන්න කියලා.
ඉතිං අපි ඔවුන්ගේ අදහස්වලට ගරු කරලා ඒ නම් කරපු අයව ගේන්න උත්සාහ ගන්නවා.
සමහර අය කාර්‍යබහුල උනත් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් එනවා. තවත් අය එයාලගෙම YouTube channels තියෙනවා කියලා කිවුවා. සමහරු subscribersලා කොච්චර ඉන්නවද කියලා ඇහුවා.
ඉතිං ඒ සියල්ල මැද්දේ field එකේ ජනප්‍රිය දක්ෂ වගේම අලුත් අයත් Mirrorarts YouTube channel එකේ සාකච්ජාවට ආවා.
ඒ ආව කවුරුවත් ඒ කිසිදෙයක් ඇහුවෙ නැහැ. කතා කරපු ගමන් දවස් දුන්නා ඒ වෙනුවෙන් පැයක් වෙන් කරගත්තා.
ඉතිං අවුරුද්දේ මුලම ඒ හැමදෙනාම බොහොම ආදරෙන් මතක් කරනවා. ආදරෙයි ඒ හැමෝටම.
Mirrorarts YouTube channel එකේ අපි තුන්දෙනෙක් සාකච්ජා 3ක් කරනවා. දිනිත සහ මාෂි... අපි අලුත් පරපුරක් හදන්න ඕනේ... යහපත් මාධ්‍ය භාවිතාවක් වෙනුවෙන්. මාෂි සහ දිනිත ගත්තේ ඒ බැට්න් එක. තරුණ අය වෙනුවෙන්.
ඒ දෙන්නගෙ සාකච්ජා වෙනුවෙනුත් field එකේ සිය දක්ෂතා පෙන්වමින් රසික ආදරය ලබාගත් අය සම්බන්ධ වුනා. ඒ අයටත් මේ සටහනේ ඉඩක් තියෙනවා. ආදරය තියෙනවා.
ඉදිරියෙදිත් field එකේ ඉන්න බොහෝ දෙනෙක් Mirrorarts YouTube channel එකත් එක්ක එකතු වෙන්න සුදානම්ව ඉන්නවා. අපි ඔවුන්ට බොහොම ගෞරවයෙන් ආදරයෙන් ආරාධනා කරනු ලැබුවා!
අපි 2024 මැයි මාසේ දෙවෙනි වර Mirrorarts YouTube channel එක පටන් ගන්නකොට subscribersලා හිටියෙ 2300ක් වගේ. අපි Boost නොකර Organic Audience එකක් හදාගෙන යන්න තීරණය කළා. ඉතිං මාස හයක් ගිගිං අපිට දැන් 15,000කට වඩා Audience එකක් ඉන්නවා. නමුත් ලෝකේ පුරා ඉන්න ආදරණීය ලාංකික මිනිස්සු අපිත් එක්ක ඉන්නවා.
ඒ සියලු දෙනාට හදවතින්ම ස්තූතියි ආදරෙයි.
අපිත් එක්ක ඉන්න.
අපි යහපත් සංවාද කලාවක් ගොඩනගමු. යහපත් කලාවක් වෙනුවෙන් Mirrorarts 2012 සිට Mirrorarts web එකත් එක්ක හිටියා. හෙටටත් අපේ අරමුණ යහපත් කලාවක් වෙනුවෙන් Mirrorarts පෙනීසිටිමයි.

Mirrorarts Team එක වෙනුවෙන් මනෝහාරි හේවාවසම් .

Back to top
Go to bottom

Popular News