lan englan tam

පුවත්

රුපියල් කෝටි 10ක් ඇස්තමේන්තු කළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් කෞතුකාගාරය දිරාපත් වෙයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

- ඇමති මණ්ඩල, නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතියක් ලැබී නැහැ. 

ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රය තුළ ආරම්භ කරන ලද ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් කෞතුකාගාරය සහිත පුස්තකාල ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් වසර 5ක කාලයක් තිස්සේ ඇනහිට තිබෙන බව 'දිනමිණ' පුවත්පත වෙනුවෙන් එහි මාධ්‍යවේදිනී රන්මලී සෝමසිරි අද (17) වාර්තා කර තිබිණි.

නාගරික සංවර්ධන අධිකාරියේ සහ අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව් මෙම ඉදිකිරීම ආරම්භ කර ඇති අතර ඒ වෙනුවෙන් 2023 දෙසැම්බර් 31 දින වන විට රුපියල් 3,134,107ක් ගෙවීම් කර ඇති බව එම පුවතේ සඳහන් වේ.
ඉදිකිරීම් ඇනහිට ඇත්තේ රුපියල් 99,965,061ක ඇස්තමේන්තුගත වටිනාකමකින් යුතුව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට ඉදිකිරීම් කටයුතු පවරා 2019 අප්‍රේල් මස 5 වැනිදා ආරම්භ කරන ලද ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු වන බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක වාතාවක් ඇසුරෙන් මාධ්‍යවේදිනිය පෙන්වා දී තිබේ.
ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාව ඇසුරෙන් පළ කළ පුවත් වාර්තාව අනුව මෙම ගොඩනැඟිල්ලේ ඇති යකඩ කූරු දැඩි ලෙස හානියට ලක්වීමෙන් ගොඩනැඟිල්ල විනාශ වෙමින් පැවතුණ බවද විගණන වාර්තාවේ සඳහන් වූ බවද හෙළි වී ඇත.
එසේම 08/2022 දරන ජාතික අය-වැය චක්‍රලේඛයට පටහැණිව ජනාධිපති සම්මාන උලෙළ පැවැත්වීමෙන් පසුදින ඊට සහභාගි වූ පාර්ශ්ව 45 කට පෞද්ගලික හෝටලයකදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීම, චිත්‍රපට නිෂ්පාදනය හා සිනමාශාලා සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවෙන් ලබා දුන් මුදල්වලින් රුපියල් කෝටි 12කට වැඩි මුදලක් (රුපියල් 121818284) අය කර ගැනීමට කටයුතු නොකිරීම, යනාදී කාරණා ගැනද පුවතෙහි පළ වී ඇත.

Back to top
Go to bottom