Backstreet Boys තරුණ විය ඉක්මවමින් සිටියද ඔවුන්ගේ ජවයද පැරණි ගීතවල ලෙසින්ම ආකර්ෂණීය වීම එක් අතකින් පුදුමසහගතය.
මෙම පුදුමය දනවන කණ්ඩායමේ වැඩිම ආකර්ෂණයක් ලැබූ බව කියවෙන සාමාජිකයා නික් කාටර් එළඹෙන මාර්තු මාසයේදී ශ්රී ලංකාවට පැමිණීමට නියමිතය.
'Who I am World Tour - Asia 2025' සංගීත ප්රසංගය සඳහා නික් මෙසේ සහභාගි වීමට නියමිතය.
Backstreet Boys යනු 90 දශකය සහ ඉන් ඔබ්බට කොතෙක් සංගීත කණ්ඩායම් පැමිණියත් සැම දෙනාගේම ආදරය ලබන කාලයට අනුව පමණක් වියපත් වන සංගීත කණ්ඩායමකි. ආරම්භක සමයේ පටන් යොවුන්, තරුණ මෙන්ම වර්තමානයේ බාල ප්රජාව අතරද Backstreet Boys ලබන ආදරය එයට සාක්ෂි දරයි.
නික්ගේ සහෝදරයා වූ ජනප්රිය ගායකයෙකු වූ ආරොන් පසුගිය වසරේදී හදිසියේ මිය ගිය අතර සංගීත කණ්ඩායමේ සියලු දෙනා එක සේ ඒ පිළිබඳව සිය ප්රසංගවලදී ශෝක වනු දක්නට ලැබිණි.
ශ්රී ලංකාවේද රසිකයින්ට නික්ගේ පැමිණීම නිසැකවම බලාපොරොත්තුසහගත එකක් වනු ඇත්තේ Backstreet Boys එක් සාමාජිකයකු හෝ සජීවීව ගායනා කරනු දැකීම අපේක්ෂාව වීම හේතුවෙනි.
නික් තවමත් Backstreet Boysහි සාමාජිකයකු ලෙස කටයුතු කළත් මෙය ඔහු පමණක් සහභාගි වන ප්රසංගයකි.
ඒ පිළිබඳව නික් සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබිණි.
"The countdown is officially on to the return of the #WhoIAmTour for 2025, and I’m super excited to announce a few more stops throughout Asia! Keep an eye on nickcarter.com/events for all the latest info on tickets & VIP, including pre-sale & on-sale dates. See you soon!
Nick Carter"