ශ්‍රී ලාංකේය වේදිකාවේ දැවැන්තයකු ලෙස නමක් දිනූ ආදරණීය නාට්‍යවේදී ප්‍රියන්ත රන්ජන් මහතා පසුගියදා (17) අප අතරින් සමුගත්තේය.
අන්තඃපුරය හොරු හොරු කඩයි, රයිගමයයි ගම්පලයයි, රූකඩ රාජ්ජේ, සල්ලි අරන් හොරු, මල්වඩම් අනවශ්‍යයි යනාදී නාට්‍ය කෙරෙන් ප්‍රේක්ෂක හදවත් දිනූ ඔහුගේ අවසන් කටයුතු අද සවස 04 දක්වා 'සිසාරා' උඩදෙණිය, දොසම්පහළ, දික්වැල්ල දරණ ලිපිනයේ පිහිටි ඔහුගේ නිවසේ මහජන ගෞරව සඳහා තැන්පත් කර තිබේ.
අවසන් කටයුතු පවුලේ සුසාන භූමියේදී සිදු කෙරේ.
House of Drama පිහිටුවූ ඔහුගේ නිර්මාණ ඇසුරේ විජය නන්දසිරි, මිහිර සිරිතිලක, සරත් කුලාංග, කුමාර තිරිමාදුර වැනි කලාකරුවන් බෙහෙවින් රංගනයේ යෙදුණ අතර සමාජයේ විවේචනය කළ යුතු තැන් උපහාසයෙන් විවෙචනාත්මකව කියාපෑම ඔහුගේ නාට්‍ය කෙරෙන් කදිම ලෙස සිදු විය.
ඔහුගේ හදිසි අභාවය පිළිබඳව 'මිරර් ආට්ස්'හි සංවේගය පළ කරමු!