lan englan tam

පුවත්

'ක්ලීන් ශ්‍රී ලංකා' නිසා සංගීත කණ්ඩායම්වලට අවදානමක්?

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සිය සංගීත කණ්ඩායමට රටේ පැවති දුෂ්කර ආර්ථික තත්ත්වය හමුවේ බොහෝ ගැටලුවලට මුහුණ දීමට සිදු වූ බව පවසන ජනප්‍රිය Oxygen සංගීත කණ්ඩායමේ නායක තුෂාර සුබසිංහ 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන හමුවේ සිය ක්ෂේත්‍රයටද බලපෑමක් සිදු වේ යන බියක් මතු වන බව පවසයි.

"ඇත්තටම රටේ පැවැති දුෂ්කර කාල සීමා තුළදී අපට ගොඩක් ගැටලුවලට මුහුණ දීමට සිදු වුණා. අපේ පෞද්ගලික දේපොළ පවා විකිණීමට සිදුවුණු අති දුෂ්කර කාලයක් ඒක. කාලයක් අපේ ජීවිත රැකගන්න මහමඟට බහින්නත් සිදුවුණා. ඒ වගේ විශාල ගැටලු රැසකට මුහුණදීලා වර්තමානය වන විට පොඩි සහනයක් ලැබිලා තිබෙනවා. හැබැයි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මඟින් අපේ කේෂ්ත්‍රයට ප්‍රශ්නයක් මතු වෙයිද කියලා අපිට බියක් තිබෙනවා. රටේ තත්ත්වය සාමාන්‍ය අතට පත්වී තිබුණත් සියයට 100ක්ම නෙවෙයි, සියයට 50ක වගේ තැනකයි අපි තවම ඉන්නේ."
යනුවෙන් තුෂාර පවසා තිබිණි.
'මව්බිම - හදගැස්ම' අතිරේකයේ දෙව්මි චමීෂා සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා තිබූ අතර සිය කණ්ඩායමේ මිල සම්බන්ධයෙන්ද ඔහු මෙසේ පැහැදිලි කර තිබිණි.
මිල ගණන් තීරණයේදී Oxygen සංගීත කණ්ඩායම විශාල මුදලක් තීරණය කරන්නේ නැහැ. මොකද රටේ පවතින තත්ත්වය සමඟ විශාල මුදලක් තීරණය කිරීමට අපේ කණ්ඩායම කිසිදු සූදානමක් නැහැ. නමුත් එකෝස්ටික් බෑන්ඩ්වල මිල ගණන් ලක්ෂ 25ත් 40ත් අතර වෙනවා. ඉලෙක්ට්‍රික් බෑන්ඩ්ස්වල තමයි මිල ගණන් අඩු. සමාන්‍යයෙන් 6ත් 8ත් අතර වගේ තමයි තීරණය වන්නේ. නමුත අපි ලක්ෂ 8ත් 7ත් අතර මිල ගණන් අතර නැහැ. ඊටත් වඩා අඩු මුදලක් තමයි අපි තීරණය කරලා තිබෙන්නේ. අපි අය කරන මුදලට සාධාරණයක් ඉටු කරනවා."

Back to top
Go to bottom