lan englan tam

පුවත්

වේදනාව සහ ප්‍රීතිය අතර දෝලනය වන ජීවිත ගැන.... - A Real Pain

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
නොගැලපෙන මිනිස්සු එකට හමිබුනාම කරදරයි නේද? කියලා කාටහරි හිතෙන්න පුලුවන්. ඔවි. අදහස් අතින් හැසිරීම අතින් නොගැලපෙන යාලුවෝ දෙන්නෙක් සෙටි වුනාම එතන තියෙන්නේ ගැටුමක්. නැත්නමි මානසික වදයක්. 'ඩෙිවිඩි' සහ 'බෙන්ජි' කියන්නේ අන්න ඒ වගේ නොගැලපෙන දෙන්නෙක්. 'ඩෙිවිඩි' කියන්නේ සාමාන්‍යයෙන් දෙයක් කියන්න කලින් දෙපාරක් හිතන කෙනෙක්. තැන්පත් ගති තියෙන පුද්ගලයෙක්. කලබලකාරී නොවන චරිතයක්. හැබැයි 'බෙන්ජි' කියන්නේ ඒකේ අනික් පැත්ත. 'බෙන්ජි' කියන්නේ කටට එන ඕනෑම දෙයක් කියලා දාන සෙල්ලක්කාරයක්. ඩිසිප්ලින් එකක් නැති මනුස්සයෙක්. බෙන්ජි කනන් ගියත්, බොන්න ගියත්, ඇවිදින්න ගියත් කරන්නෙ තැනට නොගැලපෙන විදියේ හැසිරීමක් පෙන්වන එක. 'ඩෙිවිඩි' සහ 'බෙන්ජි' ඥාති සහෝදරයෝ දෙන්නෙක් විදියට ඇමරිකාවෙි ඉඳන් පෝලන්තයට යනවා පොඩ් ටුවර් එකකට. ටුවර් එකකට වඩා ඇත්තටම මේ දෙන්නා යන්නේ පරණ අතීතකාමයක් නිසා. ඇත්තටම මෙි නොගැලපෙන දෙන්නා පෝලන්තයට යෑමෙි සැබෑ අරමුණ මොකක්ද?
සාමාන්‍යයෙන් කෙනෙක්ට පෝලන්තය කියුව ගමන් මතක් වෙන්නේ ලස්සන රටක්. හැබැයි මට නමි පෝලන්තය කියුව ගමන් මතක් වෙන්නේ දෙවන ලෝක යුද්ධයේ සුසානවලින්, ස්මාරකවලින් සහ වධකාගාරවලින් පිරිච්ච රටක් විදියට. 'බෙන්ජි' සහ 'ඩෙිවිඩි' දෙපළටත් මේ ඓතිහාසික ස්මාරක මුණ ගැහෙනවා. යුද්ධයේ බිහිසුණු⁣බවෙි රස්නය දැනෙනවා. චිත්‍රපටයේ ජර්මානු වධකාගාර ගාල් කඳවුරක් වුණු 'Majdanek' අපි දකිනවා. ඒ වධාකාගාරයේ ඉතිහාසයේ සඳහන් වෙන්නේ වර්ෂ 1941 සහ 1944 අතර ජර්මානුවන් විසින් 80,000 ක් පමණ මිනිසුන් ඝාතනය කළා කියලා. ඒ අතර 59,000 ක් යුදෙව්වන්. ඉතිරි වින්දිතයන් වූ⁣⁣⁣ණේ පෝලන්ත ජාතිකයන්. ජර්මානුවන් විසින් 6% ක් පමණ වයස අවුරුදු 15 ට අඩු ළමයින් පවා ඝාතනය කළා කියලා තමයි ඉතිහාසයේ ලියවිලා තියෙන්නේ. චිත්‍රපටය වඩාත් වටිනා චිත්‍රපටයක් වෙන්නේ මිනිස් හැසිරිමිවල තියෙන ගතිකබව සහ විවිධත්වය හරිම නිරික්ෂණයකින් චිත්‍රපටය ඇතුළට ගෙනත් තියෙන එක. චිත්‍රපටය දිහා ටිකක් සීරූවෙන් බැලුවොත් ප්‍රීතිමත් කතන්දරයකට වඩා එහා ගිය සංවෙිදි කතාවක් විදියටත් නිරූපණය වෙනවා.
'A Real Pain' චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ 'ජෙසී අයිසන්බර්ග්' කියන ජනප්‍රියවූත් සමිමානනීයවූත් හොලිවුඩි නළුවා විසින්. අයිසන්බර්ග් වඩාත් මතක හිටින චරිතයක් වෙන්නේ නළුවෙක් විදියට කරපු රඟපෑමිවලින්. අයිසන්බර්ග් මතක හිටින විදියට රඟපාපු චිත්‍රපටවලින් 'ද සෝෂල් නෙට්වර්ක්', 'නවි යූ සී මි' චිත්‍රපට ද්විත්වය වගේම 'Batman v Superman: Dawn of Justice (2016' චිත්‍රපටයේ 'ලෙක්ස් ලූතර්' කියන දුෂ්ට චරිතයෙන්. අධ්‍යක්ෂ ජෙසී අයිසන්බර්ග්ම තමයි චිත්‍රපටයේ 'ඩෙිවිඩි' කියන චරිතය නිරූපණය කරන්නේ. 'බෙන්ජිගේ' චරිතය නිරූපණය කරන්නේ 'කීරන් කුල්කින්'. අරපු අතක් නෑ. කිරන් කුල්කින්ගේ පෙනුම හොලිවුඩි නළුවකු වන ඩැනියෙල් රැඩික්ලිෆ්(හැරී පෝටර්) වගේමයි.
'A Real pain' චිත්‍රපටයේ ගුණාත්මකබව නිසාම ඇමරිකානු චිත්‍රපට ආයතනය (American Film Institute) විසින් 2024 වසරේ තිරගත වූ හොඳම චිත්‍රපට 10ට ඇතුළත් කරනවා. මෙි වනවිට චිත්‍රපටය සමිමාන උළෙලවල් රැසකට නිර්දේශ වෙලා තියෙන 'A Real Pain' මෙවර පැවති 82වැනි ගෝල්ඩන් ග්ලොබි සමිමාන උ⁣ළෙලේ හොඳම චිත්‍රපටය ඇතුළු සමිමාන අංශ හතරක් වෙනුවෙන් යෝජනා වුණා. එහිදි කිරන් කුල්කින් 2024 වසරේ හොඳම සහය නළුවා සමිමානයෙන් පිදුමි ලබනවා. Buddy - Comedy - Drama ශානරයේ චිත්‍රපටයක් විදියට 'A Real Pain' කියන්නේ 2024 වසරේ බලපු හොඳම චිත්‍රපටවලින් එකක් විදියට හැමෝටම නරඹන්න කියලා නිර්දේශ කරනවා.

මලින්ත විතානගේ
Back to top
Go to bottom