lan englan tam

පුවත්

'හිරු ස්ටාර්' සමස්තයට වඩා වටිනා මිනිත්තු 11ක්!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

'හිරු ස්ටාර්' රියැලිටි වැඩසටහනේ අවසන් මහා තරඟය පසුගිය සෙනසුරාදා පැවැත්වුණේ ගායන ලොවට අලුතෙන් එක් වන ගායක ගායිකාවන් දක්ෂතමයින් හැටියට අභිෂේක ගන්වා කලා ලොවට පිවිසෙනු පිණිසය.

එහිදී සිදු වූ විශේෂම සිදුවීම වූයේ ගීත ගායන කලාවට මහඟු සේවාවක් කළ ප්‍රවීණතම ගායන ශිල්පීන් කිහිප දෙනෙකු එම අවස්ථාවට සහභාගි වීමයි.
වික්ටර් රත්නායක, සුජාතා අත්තනායක, ලතා වල්පොල යන මෙම ගායක ත්‍රිත්වය මෙන්ම හිරු ස්ටාර් වැඩසටහනේ ප්‍රේක්ෂකයන් සියල්ල පවා සංවේදී කළ සිදුවීම වූයේ මෙම ප්‍රවීණයින් පිනවීම සඳහා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායික ගායිකාවන් ගී ගැයීමට සහභාගි වීමය.
ප්‍රවීණයින්ගේ දෑස්වල කඳුළු පිරී ගිය මෙම අවස්ථාවේ කෙටි වීඩියෝවක් වුවත් හිරු ස්ටාර් සමස්ත වැඩසටහනටම වැඩි අගයක් ප්‍රේක්ෂකයින්ගෙන් මෙම අවස්ථාවට ලැබී තිබිණි.

Pic: Hiru TV

Back to top
Go to bottom