lan englan tam

පුවත්

'සඳුදා වැටෙන්නේ සිකුරාදට' නිදහස් දිනයේදී

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

චාලක රණසූරිය නාට්‍ය නිර්මාණ 'සඳුදා වැටෙන්නේ සිකුරාදට' වේදිකා නාට්‍යය එළඹෙන පෙබරවාරි 04 වැනිදා බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හිදී වාර දෙකක් සඳහා වේදිකාගත වීමට නියමිතය.

සවස 3.30 සහ 6.30 ලෙස දර්ශන වාර සංවිධානය කරනු ලැබ ඇති මෙය ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ ගොඩනැගිලි අරමුදල වෙනුවෙන් සංවිධානය කර තිබේ.
එම අරමුදල ශක්තිමත් කරගැනීමටත් යහපත් රස වින්දනයක් සඳහාත් 'සඳුදා වැටෙන්නෙ සිකුරාදාට' වේදිකාගත කෙරෙන අතර ඒ සඳහා වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකයන්ට ආරාධනා කෙරේ.

Back to top
Go to bottom