lan englan tam

පුවත්

වසර 32ක් පැරණි වුවත් ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයට කියා ගොඩනැගිල්ලක් නෑ!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ රැස්වීම් සහ කාර්යාලීය කටයුතු කරගැනීම සඳහා වූ ගොඩනැගිල්ලේ මුල්ගල ජනවාරි 30 වැනිදා තබමින් එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

වසර 32ක් සපුරන ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය පැරණි සංසදයක් වුවද එහි කටයුතු සඳහා විධිමත් ස්ථානයක් ඉදි කිරීම මේ දක්වා සිදු කර නොමැත.
ශ්‍රී ලංකාවේ ටෙලි ක්ෂේත්‍රයේ වෘත්තිකයන් බොහෝ සංඛ්‍යාවක් සාමාජිකත්වය දරන සංසදයක් වන මෙහි අරමුදල් සම්පාදනය කරගැනීම සඳහා නාට්‍ය දැක්වීම් යනාදී කටයුතු මේ දක්වාද සිදු කරයි.
සංසදයේ සභාපති වශයෙන් චන්දන ලියනගුණවර්ධන, වශයෙන් ලේකම් ප්‍රවීණ ටෙලි සිනමා අධ්‍යක්ෂ සුනිල් කොස්තා මහත්වරුන් කටයුතු කරන අතර ඩග්ලස් රණසිංහ, පරාක්‍රම නිරිඇල්ල, චන්ද්‍රසිරි බෝගමුව යනාදී ප්‍රවීණ ටෙලි නාට්‍ය නිර්මාණකරුවන්ද මෙහි සාමාජිකත්වය දරමින් සිටී.

Back to top
Go to bottom