lan englan tam

පුවත්

මිල්ටන් දෙපල සිහි කෙරුණ 'ආරාධනා සොඳුරු ගී දැහැන'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සිය රසික ජනතාවට සහ සිය සමීපතමයින්ට මීට කලකට පෙර සමු දුන් ප්‍රවීණ ගායන ශිල්පීන් දෙපලක් වන මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චි සිහි කරමින් පවත්වනු ලබන 'ආරාධනා සොඳුරු උපහාර ගී දැහැන' ඊයේ (24) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී සවස 02.30ට පැවැත්විණි.

ප්‍රවීණ ගායන ශිල්පිනී ඉන්ද්‍රානි පෙරේරාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන පැවැත්විණි.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විකාශය කෙරෙන'ආරාධනා සොඳුරු උපහාර ගී දැහැන' විශාරද ලසන්ත දේවප්‍රිය අල්විස් විසින් නිර්මාණ අධ්‍යක්ෂණය කරනු ලබන, විද්‍යාවේදී විශාරද ලලිත් ශාන්තප්‍රිය විසින් සංගීත අධ්‍යක්ෂණය කරනු ලබන සජීවී වැඩසටහනකි.
කථනය අප්සරා ජයවර්ධන සමඟ වසන්ත සිරිවර්ධන⁣ගෙනි.
ගීතමය සැඳෑව නොමිලේ පැවැත්විණි.

Back to top
Go to bottom