lan englan tam

පුවත්

පරණ මතක අලුත් කරමින් ‘හිරිපොද වැස්ස 02’ වැඩ අරඹයි!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

පුබුදු චතුරංග, රොශාන් රණවන, චතුරිකා පීරිස් සමඟින් අනර්කලී ආකර්ෂා ප්‍රධාන චරිත රඟපෑ 'හිරිපොද වැස්ස' චිත්‍රපටය මෙරට සිනමාවේ අතිශයින්ම ජනප්‍රියත්වයට පත් වුනු නිර්මාණයක්. විශේෂයෙන්ම තරුණ ප්‍රජාව අතර එය ඉමහත් ජනප්‍රියත්වයට පත් වුනා.

උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ හිරිපොද වැස්ස චිත්‍රපටය තිරගත වී දැනට වසර 20කට ආසන්න කාලයක් ගත වී තිබුනත්, අදටත් එය මෙරට රසිකයින් අතරේ එකලෙසින්ම ජනප්‍රියයි.
 
මේ නිසාම මුල් චිත්‍රපටයෙන් දශක දෙකකට පසු 'හිරිපොද වැස්ස 02' නමින් එහි තවත් දිගහැරුමක් නිෂ්පාදනය කිරීමට උදයකාන්ත වර්ණසූරිය සූදානමින් වනවා.
 
1b44db89 af90 482d bafb bcde6d736504
 
මේ වනවිට එහි පූර්ව - නිෂ්පාදන කටයුතු සිදුවෙමින් තිබෙන අතර අලුත් චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා එක් වන්නේ ද පළමු හිරිපොද වැස්ස (2005) චිත්‍රපටයේ නලු නිලියන් පිරිසම බවයි සදහන් වෙන්නේ...
 
පහතින් දක්වලා තියෙන්නේ හිරිපොද වැස්ස පළමු චිත්‍රපටයේ තේමා ගීතයයි. පරණ මතකයන් අලුත් කර ගන්න  'හිරිපොද වැස්ස 02' චිත්‍රපටය එනකන් බලාපොරොත්තුවෙන් ඉන්න එහෙනම්.
 
 

Back to top
Go to bottom