ප්‍රවීන රංගවේදිනී ආචාර්ය මාලිනි ෆොන්සේකා මහත්මිය මේ වන විට පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉකුත් ඉරුදින ( මාර්තු 09) සවස ඇයට ඉක්මන් සුවපතා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී බෝධි පූජා පිංකමක් පැවැත්විනි.
බෝධි පූජා පිංකම සංවිධානය කර තුබුනේ Silver Screen Film foundation විසිනි.මෙයට සනෝජා බිබිලේ,සමන් චන්ද්‍රරත්න ,රජිත රොද්‍රිගු Silver Screen වෙනුවෙන් සහභාගි වූ අතර ගීතා කුමාරසිංහ , දමයන්ති ෆොන්සේකා ,ප්‍රසන්න විතානගේ ,නිල්මිණි තෙන්නකෝන් ,මීනා කුමාරි , සුනිල් ටී ෆර්නෑන්ඩර්, සන්ද්‍යා ජයසූරිය , නිල්හාන් සෙනෙවිරත්න , ෂෙරින් කුමාරතුංග , ආකාශ් තාරුක යන සහෝදර කලාකරුවන් ද බෝධි පූජා පිංකමට සහභාගී වී සිටියා.

එමෙන්ම ඇගේ රසිකයන් මේ පිළිබඳ මුහුණුපොත හරහා දැක ඇයට සුව පැතීමට එම අවස්ථාවට සම්බන්ධ වී තුබුණි.
එමෙන්ම ඇය මේ වනවිට සුව අතට හැරමින් සිටින අතර සමාජ මාධ්‍ය හරහා සංසරණය වන අසත්‍ය ප්‍රකාශ වලට නොරැවටී ඇයට මානසිකව ශක්තියක් වෙමින් ඇයට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන මෙන් ඇගේ පවුලේ හිතවතුන් ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියි.
අපි සියලු දෙනා ඇයට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.


