ශ්‍රීපාලි හෙට්ටිආරච්චි අධ්‍යක්ෂණය කරනු ලබන නවතම සිනමාපටය බ්ලොක්බස්ටර් මුහුරත් උලෙළ පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුණි.
මෙහි කතා පුවත ගෙතී ඇත්තේ නගරයක සිටින මැර කණ්ඩායමක් සහ ඔවුන්ට එරෙහි වන පොලිස් අධිකාරීවරයකු වටාය.
රවීන්ද්‍ර රන්දෙණිය, ලකී ඩයස් අමිල කරුණානායක, ඉන්දියානු නිළි රිතිකා ගුලාට්, කුමාර රණපුර, ශිරානි නුගේරා, ඩයනා කේ. හෙට්ටිආරච්චි, ශ්‍රීමාලි ෆොන්සේකා, ඩී. බී. ගංගොඩතැන්න, ශෙනායා ඩැනියල්ස් බ්ලොක්බස්ටර් සඳහා රංගන දායකත්වය සපයයි.
කැමරා අධ්‍යක්ෂණය නිර්මාල් රාජපක්ෂගෙනි.
තරිඳු ඉලංගකෝන් සහාය අධ්යක්ෂවරයා ලෙසත් අශෝක ජයවර්ධනගේ නිෂ්පාදන කළමනාකරණයෙනුත් සහභාගී වේ.
කලා අධ්‍යක්ෂණය සජිත් ලක්මාල් විසිනි.
ඩ්‍රීම් වර්ක් මීඩියා සොලුයුෂන් ඉදිරිපත් කිරීමක් වන මෙම සිනමාපටය එල්. එම්. එන්. ගෝල්ඩිංග්ස් ආයතනයේ නිෂ්පාදනයකි.
https://mirrorarts.lk/ar/news/1778-2017-08-29-03-58-46#sigProIdabfcc8d9fa