පසුගිය සතියේදී ශ්‍රී ලංකාවේ පැවැත්වුණු ලංකා කොමික් කොන් වාර්ෂික උත්සවයට වන්ඩර්වුමන් ලෙස සහභාගී වූ තරුණියන් දෙදෙනෙකුගේ පෙනුම ඉතා සුන්දර මෙන්ම ශක්තිමත් ස්වරුපයක් ගන්නා බව ලෝක ප්‍රකට “වන්ඩර් වුමන්” සිනමාපටයේ අධ්‍යක්ෂිකා පැටි ජෙන්කින්ස් පවසා තිබේ.
ඇය මේ බව පවසා ඇත්තේ මෙම තරුණියන් දෙදෙනාට එරෙහිව සමජජාලා ඔස්සේ ලංකාව තුල සංසරණය වීමට පටන් ගත් අපහාසාත්මක විවේචන වලට විරෝධය පල කරමින් ට්විටර් ජාලය ඔස්සේ මුදා හල පණිවිඩයකට පිළිතුරක් ලබා දීමක් වශයෙනි.
ශ්‍රී ලංකා ගීක් ක්ලබ් අනුග්‍රහයෙන් මෙරට වාර්ෂිකව පැවැත්වෙන මෙම උත්සවය සඳහා සුපිරි වීරයන් ලෙස සැරසුණු පුද්ගලයන් සිය ගණනක් සහභාගී වී සිටියහ.
සිනමාපට, ටෙලි මාලාවන් ඔස්සේ අප අතරට පැමිණෙන ජනප්‍රිය සුපිරි වීරයන් (උදාහරණයක් ලෙස වන්ඩර් වුමන්, සුපර් මෑන්, බැට් මෑන්ඇරෝ වැනි) ලෙස චරිත නිරුපනය කිරීම මෙහිදී සිදු වේ.
ඉතමත් ජනප්‍රිය මෙම උත්සවය බොහෝ රටවල වාර්ෂිකව පැවත්වෙන්නකි.
කෙසේ වෙතත් පසුගිය 26 වැනිදා ලංකාවේ පැවැත්වුණු මෙම උත්සවයෙන් පසුව වන්ඩර් වුමන් ලෙස චරිත නිරුපනය කළ තරුණියන් දෙදෙනකු අදාල කරගනිමින් විවිධ අපහාසාත්මක වදන් සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ සංසරණය වීමට පටන් ගෙන තිබුණි.
එයට විරෝධය පල කරමින් ට්විටර් මාධ්‍ය ඔස්සේ පල කළ පණිවිඩයට ලොව නං දෙසින් උපකාර පල කෙරෙන උණුසුම් ප්‍රතිචාර ගලා එන්නට විය.
DC කොමොක් හි මිච් ගෙරාඩ් සහ ක්ලෝඩියා ග්‍රේ ද එසේ පැසසුම් ලබා දුන් පිරිස අතර විය.
කොමික් කොන් සඳහා සහභාගී වූ පිරිසගේ ඡායාරූප එකතුවක් පහතින් දැක්වේ.
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
https://mirrorarts.lk/ar/news/1787-director-of-wonder-woman-praise-sl-wonder-woman#sigProId8bd6b7e79b