ඇඩ්ලින් විතාරණ 80 දශකයේ මෙරට වඩාත් කතාබහට ලක්වූ කාන්තාවක් විය. එයට හේතුව වූයේ ඇයගේ මරණය ට හේතු වූ නඩු විභාගයක් සිනමාවට නැගීමෙන් ඇඩ්ලින් නම් වූ ගැහැනිය පිළිබඳ මෙරට ජනතාව නැවත කතා බහ කරන්නට වූ නිසාය.
ඇඩ්ලින් විතාරණගේ පෙම්වතා වූ ජයලාල් ආනන්දගොඩ විසින් ඇයව අමානුෂික ලෙස ඝාතනය කිරීමෙන් පසු එම නඩුව විභාගයට ගැනෙද්දී 'කෙස් රොදක්' ප්‍රභල සාක්ෂියක් බවට පත් කරමින් අදාළ ඝාතකයා කව්ද අයන්න සොයාගැනීමට අදාළ කණ්ඩායමට හැකිවිය.
මේ හේතුව නිසා ඇඩ්ලින් විතාරණ නඩු තීන්දුව එකළ මෙරට අධිකරණ ඉතිහාසයේ ප්‍රභල නඩු තීනදුවක් ලෙස වාර්තා විය. මෙම කතාව සිනමාවට නැගෙන්නේ වසන්ත ඔබේසේකර ගෙනි. මෙහි ස්වර්ණා මල්ලවආරච්චි සහ රවීන්ද්‍ර රන්දෙණිය ප්‍රදාන චරිත වලට පණ පෙවීය.
මෙම ඇඩ්ලින් විතාරණගේ ම කතාව මූලික කරගනිමින් මේ වනවිට ටෙලි වෘතාන්තයක් කටයුතු ආරම්භකර ඇති ඇති අතර මෙහි අධ්‍යක්ෂක වනුයේ ජනක මල්ලිමාරච්චිය. නිෂ්පපාදනය ජගත් විජේනායකගෙනි. තිර රචනය බුද්ධිණී ජයවර්ධනගෙනි.
මෙහි ඇඩ්ලින් විතාරනගේ චරිතය සඳහා යශෝදා විමලධර්ම සහ ගුරුවරයාගේ චරිතය සඳහා ගයාන් වික්‍රමසිංහ රංගනයෙන් දායක වෙයි.
සබැඳි පුවත්
ඇඩ්ලින් විතාරණ මරණය "ආදර දඩයම" ලෙසින් ටෙලි තිරයට
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
https://mirrorarts.lk/ar/news/645-adore-dadayama#sigProId8c4320edb8