ඇඩ්ලින් විතාරණ 80 දශකයේ මෙරට වඩාත් කතාබහට ලක්වූ කාන්තාවක් විය. එයට හේතුව වූයේ ඇයගේ මරණය ට හේතු වූ නඩු විභාගයක් සිනමාවට නැගීමෙන් ඇඩ්ලින් නම් වූ ගැහැනිය පිළිබඳ මෙරට ජනතාව නැවත කතා බහ කරන්නට වූ නිසාය.ඇඩ්ලින් විතාරණගේ පෙම්වතා වූ ජයලාල් ආනන්දගොඩ විසින් ඇයව අමානුෂික ලෙස ඝාතනය කිරීමෙන් පසු එම නඩුව විභාගයට ගැනෙද්දී 'කෙස් රොදක්' ප්‍රභල සාක්ෂියක් බවට පත් කරමින් අදාළ ඝාතකයා කව්ද අයන්න සොයාගැනීමට අදාළ කණ්ඩායමට හැකිවිය.
මේ හේතුව නිසා ඇඩ්ලින් විතාරණ නඩු තීන්දුව එකළ මෙරට අධිකරණ ඉතිහාසයේ ප්‍රභල නඩු තීනදුවක් ලෙස වාර්තා විය. මෙම කතාව සිනමාවට නැගෙන්නේ වසන්ත ඔබේසේකර ගෙනි. මෙහි ස්වර්ණා මල්ලවආරච්චි සහ රවීන්ද්‍ර රන්දෙණිය ප්‍රදාන චරිත වලට පණ පෙවීය. මෙරට සිනමා ඉතිහාසයේ රංගන ශිල්පිනියක විසින් ඉදිරිපත් කරන ලද ප්‍රභලම රංගනාවේශය ස්වර්ණා මල්ලවාරච්චි විසින් 'දඩයම' සිනමා නිර්මාණයේ ඇඩ්ලින් විතාරනගේ චරිතයට පණ පොවමින් ඉදිරිපත් කරණු ලැබීය. එය අතිශය සියුම් මෙන්ම සැබැවින්ම ඇඩ්ලින් විතාරණ ට ආවේශ වීමක් බඳුය. රවීන්ද්‍ර රන්දෙණිය ද ඉතා ප්‍රභල චරිත නිරුපණයක යෙදුනි.
ස්වර්ණාගේ මතකයන්ට අනුව එම චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කර ඇත්තේ අතිශය උද්වේගකර, චිත්‍රපටයේ වඩාත් තීරනාත්මක මෙන්ම පේ්රක්ෂකයන්ට කිසි දා අමතක නොවන "බල්ලන්ට හැමදාම දඩාවතේ යන්න දෙන්න බැහැ. එක්කො බැඳලා දාන්න ඔිනෙ . නැත්තම් වෙඩි තියලා මරලා දාන්න ඔ්නෙ"... යන දෙබස් ඇතුළත් දර්ශණයය. ස්වර්ණා සහ රවීන්ද්‍රගේ මෙන්ම වසන්ත ඔබේසේකර අධ්යක්ෂවරයෙක් ලෙසද මෙරට සිනමා ඉතිහාසයේ නොමැකෙන සටහන් තැබූ 'දඩයම' ලංකාවේ සිනමා ඉතිහසයේ හොඳම සිනමා නිර්මාණ අතලොස්ස අතර තිබෙන්නකි.
මෙම ඇඩ්ලින් විතාරණගේ ම කතාව මූලික කරගනිමින් මේ වනවිට ටෙලි වෘතාන්තයක් ඇරඹීමට සියළු කටයුතු සූදානම්ව ඇති බව මිරර් ආර්ට්ස් වෙත දැන ගන්නට ලැබිණි. මෙහි අධ්‍යක්ෂක වනුයේ ජනක මල්ලිමාරච්චිය. නිෂ්පපාදනය ජගත් විජේනායකගෙනි. තිර රචනය බුද්ධිණී ජයවර්ධනගෙනි. මෙහි ඇඩ්ලින් විතාරනගේ චරිතය සඳහා යශෝදා විමලධර්ම සහ ගුරුවරයාගේ චරිතය සඳහා ගයාන් වික්‍රමසිංහ තෝරාගෙන තිබේ. මෙහි බිමල් ජයකොඩිද රංගනයෙන් එක්වීමට නියමිතය.'ආදර දඩයම' ලෙස නම් කර ඇති මෙම ටෙලි නාට්‍යය පෙබරවාරි මාසයේ මෙහි රූගත කිරීම් ඇරඹීමට නියමිතය.