1937 ජූනි මස 15 දින කොටහේනේදී උපන් පට්ටියගේ රොබින් ස්ටීවන් ප්‍රනාන්දු නොහොත් රොබින් ප්‍රනාන්දු නම් වූ රංගන ශිල්පියා සටන් අධ්යක්ෂවරයා චිත්‍රපට අධ්යක්ෂවරයා ජීවිතයෙන් සමුගෙන ඇත. කලක සිට අසනීපව සිටි රොබින් ප්‍රනාන්දු මිය යනවිට 84 හැවිරිදි විය.ඔහුටට දරුවන් දෙදෙනෙකි. ඒ චන්න ප්‍රනාන්දු සහ එරන්තිකා ප්රනාන්දුයි.
1964 වසරේ 'ධීවරයෝ' චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු පළමුව රංගනයෙන් දායකවූයේ 'චන්ඩියා' චිත්‍රපටයයි. රොබින් ප්‍රනාන්දු නම් වූ රංගන ශිල්පියා සිනමාවට හඳුන්වාදීමේ ගෞරවය හිමිවන්නේ ආරියරත්න කහවිට සහ ටයිටස් තොටවත්තයන් වෙතය ටයිටස් තොටවත්තයන්ගේ 'හාරලක්ෂය'චිත්‍රපටයේ රැඟූ රාජා නම් චරිතය රොබින්ගේ චරිත රංගනයන් අතර මතකයේ රැඳෙන චිත්‍රපටයකි.
'දැවෙන පිපාසය'චිත්‍රපටයේ මුල්වරට චිත්‍රපට ප්‍රධාන භූමිකාවක් නිරූපණය කළ රොබින් ප්‍රනාන්දු'සිකුරුලියා','ජීවන ගංගා', 'රුහුණු කුමාරි' ,'බයිසිකල් හොරා' ,'සිරිපාල සහ රන්මැණිකා', 'රක්තා' ,'සසර චේතනා', 'සංඛ්යපාලි ආදී චිත්‍රපටවල කැපීපෙනෙන රංගනයන් ඉදිරිපත් කරනු ලැබීය.
'අපේක්ෂා' චිත්‍රපටයේ ඔහුගේ රංගනය සිනමා පේ්රක්ෂකයන්ට අමතක නොවන සැමරුම් රංගනයක් වනු නිසැකය
රොබින් විසින් චාල්ස් ඒන්ජල්ස් නම් වූ ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපටය දේශීයව නිර්මාණය කරනු ලැබුවේ 'සුර දූතියෝ' නමිනි. එය එකළ ජනප්‍රිය සටන් වළින් පිරි ක්‍රියාදාම චිත්‍රපටයක් විය. ඔහු අවසන්වරට අධ්‍යක්ෂණය කළේ 'නින්ජා' චිත්‍රපටයයි.
එමෙන්ම රොබින් නලුවෙකු ලෙස ටෙලිවිෂන් නාට්‍ය සඳහාද රංගනයෙන් දායක විය. පළමුවරට ඔහු ටෙලි නාට්‍යක රගපෑවේ රංගන ශිල්පිණියක සහ අධ්යක්ෂවරියක වූ ශ්‍රියානි අමරසේනගේ 'ඉරබටු තරුව' ටෙලි නාට්‍යයේයි. අනතුරුව ඔහු 'බෝගල සවුන්දිරිස්' ඇතුලු ටෙලි නාට්‍ය 20ක පමණ රංගනයෙන් දායක විය.
රොබින් ප්‍රනාන්දු සිනමාවට මෙන්ම පුංචි තිරයටද රංගන ශිල්පියෙකු ලෙස සිය ජීවිතයෙන් වැඩි කාලයක් කැපකොට සිය ජීවිතයේ සැදෑ සමය ගත කරමින් සිටියදී වරින් වර අසනීප ව ප්‍රතිකාර ගනු ලැබීය.
රොබින් ප්‍රනාන්දු සිනමාවෙහි තැබූ මුදූාව කලාන්තරයක් පවතිනු ඇත.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 09 දින සවස 5.00ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය. දේහය මහජන ගෞරවය සඳහා 08 දින සවස 6 සිට බෙරැල්ල බානිරේමන්ඩ්ස් අවමංගලාගාරයේ තැන්පත්කොට තබනු ඇත.
මිරර්ආර්ට්ස් හි බලවත් ශෝඛය මෙලෙස සටහන් කරන්නෙමු.
https://mirrorarts.lk/ar/news/6564-veteran-actor-robin-fernando-passes-away#sigProId5c5e75418b