සම්මානනිිය නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂක අශෝක හඳගම ගේ 'ඇන්ටික් කඩයක මරණයක්' වේදිකා නාට්‍ය පසුගිය 08දා ලයනල් වෙන්ට්ඩ් රගහලේදී වේදිකා ගතවුනා. මෙම වේදිකා නාට්‍ය නැරඹීමට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය පැමිණ තිබුනා.
'ඇන්ටික් කඩයක මරණයක්' වේදිකා නාට්‍ය නැරඹීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ 'ඇන්ටික් කඩේක මරණයක්' වේදිකා නාට්‍ය මෙරට වේදිකා නාට්‍ය කලාවේ නව නැම්මක් බවයි.
21 සියවසේ දෙවන දශකයේ දිි නව නාට්‍ය කලා ශෛලියකට ශ්‍රී ලංකා වේදිකා නාට්‍යයේ ප්‍රවිෂ්ට ය මේ තුළින් විදහා දක්වන බව ඔහු පවසනවා.එමෙන්ම මෙම නාට්‍ය තුළින් යම් විවාදාත්මක තත්ත්වයක් ඇති විය හැකි බවත් හඳගම ගේ නිර්මාණ තුළ එම විවාදාත්මක තත්ත්වය පවතින බවත් හිටපු අගමැති වරයා ප්‍රකාශ කළා.
එක් අවස්ථාවක තමන් අගමැති ධුරය දරන විට අශෝක හඳගම ගේ චිත්‍රපටයක් සදහා අනුමැතිය ලබාදීමට මැදිහත් වු බවත් එම චිත්‍රපටය අනුමත නොකලේ නම් එය මුලික අයිතිවාසිකම් පටහැනි විමකට ඉඩ තිබු බවත් ඒ හරහා නිිතිමය ගැටලු ඇතිවිමට අවස්ථාව තිබු බවත් ද හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සිහිපත් කර සිටියා.
එමෙන්ම අශෝක හඳගමගේ මෙම නිර්මාණය හරහා මෙරට අනිකුත් වේදිකා නාට්‍ය නිර්මාණ ශිල්පීන් ද ඒ නව මාර්ගය ඔස්සේ ගමන් කරනු ඇතැයි හිටපු අගමැති වරයා අපේක්ෂාකරන බව ප්‍රකාශ කළා.
'ඇන්ටික් කඩයක මරණයක්' නාට්‍යයේ රංගන ශිල්පීන් ගේ කුසලතාවයන් අගය කරන ලද රනිල් වික්‍රමසිංහ මහතා එහි සංගීතය කාගෙන් සිත් දිනා ගන්නා බව ද වැඩිදුරටත් පවසා සිටියා.
මෙම ජායාරූප ජංගම දුරකථනයකින් ලබාගෙන ඇති බව කරුනාවෙන් සළකන්න
https://mirrorarts.lk/ar/news/6565-ranil-wickremarasinghe-says-there-could-be-a-controversy-in-handagama-s-antique-shop#sigProIdeca272f1ae