lan englan tam

පුවත්

ජෝන් සීනා ඔස්කාර් සම්මාන උළෙලට නිරුවතින් පැමිණියාද? 

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

96 වෙනි ඔස්කාර් සම්මාන උළෙල පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

එහෙත් සම්මානලාභීන් සියල්ලන්ටම වඩා වැඩි ඉඩක් මාධ්‍යයෙන් වෙන් වුණේ ජෝන් සීනා හටයි.
 
ඒ ඔහු සම්මාන ප්‍රදානය කිරීමට නිරුවතින් පැමිණීම නිසා.
 
කතාව මෙහෙමයි....
මෙවර සම්මාන උළෙල මෙහෙය වූයේ ප්‍රසිද්ධ වැඩසටහන් මෙහෙය වන්නෙක් වෙන ජිමී කිමෙල්. 
ඔහුට ඕනේ වුණා මීට වසර 50 කට පෙර, ඒ කියන්නේ 1974 දී ඔස්කාර් සම්මාන උළෙලේ වේදිකාව උඩ නිරුවතින් මනුස්සයෙක් දුවපු සිදුවීම නැවත ප්‍රතිනිර්මාණය කරන්න.
 
ජිමී ඒ සඳහා සහාය ගත්තේ ජෝන් සීනා ගෙන්.
එහෙත් ජෝන් සීනා වැඩේට වැඩි කැමත්තක් දක්වන බවක් පේන්න තිබුණේ නෑ. 
"වේදිකාව උඩ තමන්ට නිරුවතින් දුවන්න බැරි බවත්, එය මෙවැනි උත්කර්ෂවත් උළෙලකට නොගැලපෙන බවත්, මෙවැනි විහිලුවක් කිරීමට යෝජනා කිරීම ගැන දුක් වෙන බවත්" ජෝන් සීනා කියනවා.
"The male body is not a joke!" ඔහු එහෙම තමයි ඉවර කරන්නේ.
 
ඒත් ජිමී ගේ බලවත් පෙරැත්තය මත ජෝන් සීනා සම්මාන ප්‍රදානය කරන්න වේදිකාවට පැමිණෙනවා. ඔව්, නිරුවතින්. 
ඔහුට තියෙන්නේ "හොඳම ඇඳුම් නිර්මාණය" ට හිමි සම්මානය දෙන්න (කිසිම ඇඳුමක් නොඇඳ)
ඔහොම තමයි ඔය "ස්ක්‍රිප්ට්" එක ජිමී සහ සීනා විසින් සුපිරියට රඟ දැක්වුනේ.
නිර්දේෂිත නාමයන් ප්‍රකාශ කරායින් පස්සේ වේදිකාව කළුවර වෙනවා. ඒ අතරතුරේ කීප දෙනෙක් ඇවිත් සීනා ට ඇඳුමක් අන්දනවා. ඔහු සම්මානය දෙන්නේ ඊට පස්සේ.
 
ලොව මාධ්‍ය සියල්ලම "නිරුවත්" කෑල්ල උස්සන් ගියාට එතන තියෙන ප්‍රඩක්ෂන් කෑල්ල කිව්වේ නෑ. 
ජෝන් සීනා ඇත්තටම නිරුවතින් හිටියේ නෑ. නළු නිලියන් නිරුවතින් කරන රංගන සඳහා භාවිත කරන විශේෂ ආවරණයක් තමයි ජෝන් සීනා මෙහිදී භාවිත කරේ.
 
ලෝක ප්‍රසිද්ධ ප්‍රෝ-රෙස්ලින් ක්‍රීඩකයෙක් වෙන ජෝන් සීනා මුලින්ම හොලිවුඩ් එන්නේ ක්‍රියාදාම නළුවෙක් හැටියට. The Marine, 12 Rounds, The Reunion, The Wall, Fast and Furious, Bumblebee, The Suicide Squad වැනි ක්‍රියාදාම චිත්‍රපටිවලින් අපිට ඔහුගේ ක්‍රියාදාම රංගනයන් බලාගන්න පුළුවන්.
 
හැබැයි 2015 ආපු Trainwreck චිත්‍රපටියත් එක්ක අපිට ජෝන් සීනා නැමති ප්‍රහසන නළුවා ව දකින්න ලැබුණා.
Trainwreck, Daddy's Home, Sisters, Playing with Fire, Vacation Friends, Hidden Strike, The Bubble, Barbie, Ricky Stanicky ජෝන් සීනා ගේ ප්‍රහසන රංගනය පෙන්වන චිත්‍රපටි.
 
"Make a Wish Foundation" එකත් එක්ක සම්බන්ධ වෙමින් පිළිකා රෝගී ළමුන් 650 කගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට කරන්න ජෝන් සීනාට මේ වන විට පුළුවන් වෙලා තියෙනවා. 
 
එය ගිනස් වාර්තාවක්ද වෙනවා.
 
විකුම් හර්ෂණ
Back to top
Go to bottom

Popular News