lan englan tam

පුවත්

හේදිලා යන මනුස්සකම්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී, රංගන ශිල්පිනී රම්‍යා වනිගසේකර පසුගියදා අපෙන් සමුගත් අතර ඇය අඛණ්ඩව සේවය දුන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට ඇගේ දේහය ගෙන යාමට යෙදී තිබුණේ ඇයට දක්වන බුහුමනක් වශයෙනි. 

විශාල ජනකායක් ඇයට අවසන් ගෞරව දැක්වීමට ආ අතර එහි තිබූ අලුත් පරපුරේ දායකත්වය ගැන සටහනක් නිශාන්ති රණතුංග විසින් සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබිණි.
 
එය නම් කර තිබුණේ 'හේදිලා යන මනුස්සකම්' වශයෙන් වන අතර එහි අක්ෂර වෙනස්කම් පමණක් සිදු කර ඇගේ සටහන මෙසේ පළ කරමු. 
 
"හේදිලා යන මනුස්සකම්.... ඊය්යේ ගුවන්විදුලිය පිරෙන්න සෙනග.. ඉන්න අයගෙන් නෙමෙයි හිටපු අයගෙන්.. රම්‍යා වනිගසේකර.. ඔබව අවසන් වරට හමුවෙලා යන්න මහා සෙනගක් ආව..
සියල්ල දෙස උපේක්ෂාවෙන් බලන් ඉන්න හඩ්සන් සමරසිංහ සභාපතිවරය, ජයන්ත පීරිස්, ආරියසිරි විතානගේ, සමන් ආතාවුද, ධර්ම ශ්‍රී, W. ජයසිරි, තිලකා, චිත්‍රා, සේනක ඔබේසිංහ, මොන්ටේගු, මෙරින්නගේ, ජයන්ත සමරවීර, රෝහණ බෝගොඩ.. මේ ටිකක් පමණයි.. තව බොහෝ අය හිටිය ඇයත් සමග රාජකාරි කළ, ගුවන්විදුලිය  හැර ගිය.. අවුරුදු ගාණක් ගිහිල්ලත් ඒ මිනිස්සුන්ගේ තිබුණ සමගිය, තමන්ගේකම, කෙළෙහිගුණය ගැන බොහෝ පාඩම් ඉගෙන ගන්න තිබුණ ඔවුන්ගෙන් පසුව ආ පරපුරට.. ඒත්, අවාසනාව එතන හිටියේ සුජීව හරිස්චන්ද්‍ර, වසන්ත රෝහණ සහ හිමානන්ද විතරයි."
 
නිශාන්ති රණතුංග
Back to top
Go to bottom

Popular News