lan englan tam

පුවත්

නිලන්ති කොට්ටහච්චි කියන 'මැණික් ගඟටත් ඉවුරෙ චූ යයි' කවියේ අර්ථය 

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මේ පිළිබඳ ලියන්නට මා පෙළඹ වූයේ, නිලන්ති කොට්ටහච්චි සහෝදරිය විසින් මාලිමාවේ "ගැහැනු එක මිටට" රැලිවලදී කරන සාරධර්ම කතාවලදී රුවන් බන්දුජීව කවියාගේ මීළඟ මීවිත කාව්‍ය සංග්‍රහයේ එන "මැණික් ගඟටත් ඉවුරෙ චූ යයි" යන පද්‍ය පන්තියේ යම් කොටසක් උපුටා දැක්වීම නිසා ඇති වූ තත්ත්වයක් පදනම් කරගෙන බව ප්‍රථමයෙන්ම සටහන් කරන්නට කැමැත්තෙමි.

 
මැණික් ගඟටත් ඉවුරේ චූ යයි
 
දේශපාලකයෙක් කාන්තාවන් සියයක් අපචාරයට පත් කිරීම සමරනු පිණිස ප්‍රිය සාදයක් පවත්වයි - පුවතක්
 
පියයුරු දෙසීයයි          
දෙකෙන් බෙදුවම ගෑනු සීයයි
සාදය නන්දනීයයි
මැණික් ගඟටත් ඉවුරෙ චූ යයි
 
සියක් මණිමේඛලා - තනපටි - පබළු පොටවල් තෝඩු ගලවා
පතිනි දේවිය ඇතුළෙ ඉද්දිම අඹය පෙත්තෙන් පෙත්ත කැපුවා
ප්‍රීති ඝෝෂා විසිල් සද්දෙට මනම්පේරිත් ඇවිත් බැලුවා
කන්ද වැඩිහිටි වැහිල යන්න ම මොනර බිත්තර සාරු ගැලුවා
 
පුපුරු ගසනා ඇස් දෙසීයයි
දෙකෙන් බෙදුවම ගෑනු සීයයි
සාදය නන්දනීයයි
මැණික් ගඟටත් ඉවුරේ චූ යයි
Back to top
Go to bottom

Popular News