lan englan tam

පුවත්

සාම්ප්‍රදායානුකූලව සීමා බිඳි කලාකාරිනියගේ උපන්දිනය අද 

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

අද අපි ගුරු වජිරාවන්ගේ 92 වැනි උපන්දිනය සමරනවා.

ගුරු වජිරාවන් සාම්ප්‍රදායික සීමාවන් බිඳ දැමූ නමුත් සම්ප්‍රදාය නියෝජනය කළේය. ඇය සාම්ප්‍රදායික පිරිමි නර්තන ආකෘතියක මැදිහත්කාරියක් වූවාය. උඩරට නර්තනය වසර 2,500කට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන අතර එය ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික නැටුම් ආකාර 3 න් එකකි.
 
ඇය නර්තන සම්ප්‍රදායේ ප්‍රකාශිකාවක් ලෙස පෙනී සිටියා පමණක් නොව කාන්තා නර්තන ශිල්පිනියකගේ සම්මතයක් නිර්මාණය කිරීමට උර දුන්නාය. ඉන්පසු කුඩා දැරියන් උඩරට නැටුම් ඉගෙනීම ගෞරවනීය පුරුද්දක් ලෙස සැලකිණි. ඇයට පෙර උඩරට නැටුම්වලට යොමු වූ තවත් කාන්තාවන් සිටියත්, නර්තනයේ කාන්තා ලාලිත්‍යයේ ප්‍රතිමූර්තිය ලෙස පෙනී සිටි පළමු වෘත්තීය නර්තන ශිල්පිනිය ඇයයි.
 
ගුරු වජිරාවන් කාන්තා නර්තන ශිල්පීන් සඳහා වඩාත් පිරිපහදු කල මෘදු ශෛලයක් ස්ථාපිත කර ඇති බවට කීර්තියක් ඇති නමුත් ඇය එම මෘදු ශෛලය ශක්තිය සමඟ ඒකාබද්ධ කළාය.
 
ඇයගේ ශරීරය මත නව සහ වෙනම කාන්තා සාම්ප්‍රදායික නර්තන ඇඳුමක් පරිණාමය වී එය අද දක්වා දිගටම පැවතවිත් ඇත. ඇයගේ ගුරුවරයා සහ ජීවන සහකරු චිත්‍රසේනයන් විසින් පුරෝගාමී කල පරිදි සම්ප්‍රදායික වේදිකා නර්තනය සඳහා ආකෘතියක්, ඉගැන්වීමේ හා පුහුණු කිරීමේ නව ක්‍රමවේදයක් පවා ඇය නිර්මාණය කළාය.
 
ගුරු චිත්‍රසේන සහ ඇය විසින් ඉතා ප්‍රවේශමෙන් සකස් කර පෝෂණය කරන ලද උරුමය, දර්ශනය සහ වැඩ ආචාර ධර්ම ඉදිරියට ගෙන යාමට ඇයගේ ආදරය, සැලකිල්ල සහ නොපසුබට උත්සාහය අදටත් අපව දිරිමත් කරයි.
 
ඇය මෙම විශේෂ දිනය සමරන විට අපි ඇයට දීර්ගායුෂ ප්‍රාර්ථනා කරන අතර ඇය අදටත් අපගේ ජීවිතයේ ලොකුම ශක්තිය ලෙස අපට මග පෙන්වයි.
 
සුභ උපන්දිනයක් ගුරු මෑණියනි 🙏🏾
 
තාජි ඩයස්
Back to top
Go to bottom

Popular News