lan englan tam

පුවත්

'ෂූටින්' ඇරඹුණු 'මැයි මාර ප්‍රසංගය'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සම්මානනීය ලේඛක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල විසින් රචනා කරන ලද 'මැයි මාර ප්‍රසංගය' නවකතාව සිනමාපටයක් ලෙස නිර්මාණය වීමට නියමිත බව අපි මීට පෙර මෙහි පළ කළෙමු.

එසේම චිත්‍රපටයේ දර්ශන තල බැලීමට යාමේදී කතාවේ චරිතයට මුල් වූ සැබෑ සමිධ සිටවූ මැයි මාර ගස සහ ඉවුම් පිහුම් සඳහා පාවිච්චි කළ කරපිංචා ගස සියැසින් දැකීමට නිෂ්පාදන කණ්ඩායමට හැකි වූ බවද පසුගිය සතියේ අපි දැනුවත් කළෙමු.
එහි රූගත කිරීම් එසේම ඉක්මනින් ඇරඹීම ප්‍රේක්ෂකයින්ට ආකර්ෂණීය පණිවිඩයක් වනු ඇති අතර එහි ඡායාරූප කිහිපයක් නිෂ්පාදක කණ්ඩායම විසින් නිකුත් කරනු ලැබ තිබේ.
නවකාතාවේ රචක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල විසින්ම චිත්‍රපට අධ්‍යක්ෂණය කරනු ලබන චිත්‍රපටය නිෂ්පාදනය කේපී ප්‍රඩක්ෂන්ස් වෙනුවෙන් කුමාරි පණ්ඩිතරත්නගෙනි. 
උමාලි තිලකරත්න, රොශාන් රවීන්ද්‍ර ප්‍රධාන චරිත රඟපෑමෙන් දායක වෙති.

 

458448608 527890659603694 9096744542739591402 n

458670789 527890592937034 5838546128559096874 n

Back to top
Go to bottom

Popular News