මේ දිනවල අතිශය ජනප්‍රිය ටෙලි නාට්යයක්වන දෙවැනි ඉණිමේ රංඟනයෙන් දායකවන නයනතාරා බොහෝ දෙනාගේ ආදරය දිනා ගෙන සිටින කෙනෙක්.
නයනතාරා පසුගිය දිනෙක පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවතට සහභාගීවෙලි අලුත් තොරතුරු රැසක් ගැන අදහස් දක්වලා තිබුණා.
ඒ මෙන්න මේ විදිහට…
දෙවැනි ඉණිමට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරත් එක්ක නයනතාරා මේ දවස්වල ගොඩක් සතුටින්ලු ඉන්නේ.
නයනතාරා කියන විදිහට ඇය මුලින්ම සම්බන්ධවෙලා තියෙන්නේ වේදිකා නාට්යවලටග ඒ හින්දමලු ඇයට පුංචි තිරයටත් ආරාධනා ලැබුණේ.
ඒ කොහොම වුණත් රංඟනයට පිවිසෙන්න ලොකුවට හීන දැක්කේ නැතත් පාසලේ හැම කලාකටයුත්තකටම සම්බන්ධවෙලා ඉන් ලබපු අත්දැකීම් හරහා තමයිලු ඇය රංගන ශිල්පිණියක් වෙන්නේ.
කෙසේ වෙතත් ලොකු පොඩි භේදයකින් තොරව නයනතාරාට “දෙව්මිගේ “චරිතය වෙනුවෙනු ගොඩක් ප්‍රතිචාර ලැබුණත් සැබෑ ජීවිතයේ දී නයනතාරා දෙව්මිට වඩා ගොඩක් වෙනස් කියල තමයි ඇය කියනිනේ.
සෑබැ ජීවිතයේදී නයනතරාට පස්සෙන් වැටිලා දුවන්න මස්සිනා කෙනෙක් නම් නැතලු.
කොහොම වුණත් දෙවැනි ඉණිමේ අනුහස් සහ දෙව්මි අතර වගේ නයනතාරා හා රවීන් අතර සම්බන්ධයක් තියෙනවද කියලා ඇහුවම ඇය දීලා තිබුණේ මෙන්න මේ වගේ පිළිතුරක්..
“අනේ අම්මෝ එහෙම දෙයක් නෑ. අපි හොද යාළුවෝ”
කෙහොම වුණත් ඇය තාමත් පෙම්වතියක් නම් නොවෙයි කියලයි කියන්නේ.