කට වරද්ද ගත්ත රහල් අල්විස් ගැන මේ දවස්වල වැඩිපුර කතා බහ කරනවා.
පසුගිය දිනෙක එක්තරා රූපවාහිනී වැඩසටහනකට ලැබුණු දුරකතන ඇමතුමකට පිළිතුරු දෙනන් ගිහිල්ලා රහල් හැමෝගෙම විවේචනයට ලක් වුණා.
රහල් නම් කියන්නේ මේ වෙච්ච දේ හීනෙකින්වත් හිතුවෙ නැති දෙයක් කියලයි.
රහල පුවත්පත් සාකච්ඡාවකට විස්තර කරල තිබුණෙ මෙහෙම..
”මම එහෙම කියලා අත පිහිදා ගන්නවා නෙවෙයි. ඇත්තටම මම නිවේදකයෙක් නෙවෙයි. මම ගායන ශිල්පියෙක්.
මම මේ වගේ දේකට කලින් මුහුණ දීලා තිබ්බේ නැහැ. ඇත්තටම මගේ අත්දැකීම් අඩුකම ඒ සිද්ධ වුණු දෙයට බලපාන්න ඇති.”
මේක ජීවිතේට හොද පාඩමක් වුණත් මේ ගැන අහද්දී රහල්ගේ ඇස්වලට කඳුලුත් එනවලු, කොහොම වුණත් රහල් කියන්නේ මේ ගැන ඔහු ඇත්තටම කණගාටු වෙනවා කියලා.
මොන දේ වුණත් මේ ගැන ඒ අදාළ මාධ්‍ය ආයතනයෙන් රහල්ට මුකුත්ම කිව්වේ නෑ කියලයි රහල් කියන්නේ.
රහල්ගෙන් ඉදිරි නිවේදන කටයුතු ගැන ඇහුවම රහල් දීලා තිබුණේ මෙන්න මෙ වගේ උත්තරයක්..
“මම හිතාගෙන ඉන්නවා ඊළඟ වැඩසටහන ඉදිරිපත් කරන්න. ඒ වැඩසටහනේදී මම ආයෙත්, වුණු වැරැද්දට සමාව ගන්නවා.
ඊට පස්සේ වැඩසටහනෙන් ඉවත් වෙන්න හිතාගෙන ඉන්නේ. මනස හදාගන්න ටික කාලයක් නිදහසේ ඉන්න ඕන”
අවුරුදු පහක් දුක්විදලා අමාරුවෙන් හදා ගත්ත රහල් අල්විස් චරිතය මේ සමාජය විසින් වට්ටලා පාගලම දැම්මයි කියල තමයි රහල් කියන්නේ. ඒත් ඒ ගැන අහිතක් නොහිතා ආයෙත් නැගිටින්න ඔහු සූදානම්.
“පේජ් කරන කොල්ලෝ තමයි මට පන්න පන්න පහර ගැහුවේ. ඒත් එයාලා කළ දේ හරි.
පොඩි වයසක කොල්ලෝ වුණාට ඔවුන්ගේ අදහස් ගැඹුරුයි. මට ගැහුවට මම ඔවුන්ට ගරු කරනවා”
මේ ප්‍රසිද්ධිය අස්සේ රහල්ගේ ඉදිරි නිර්මාණ සම්බන්ධයෙනුත් ඔහු අවසන් වශයෙන් අදහසක් ඉදිරිපත් කරලා තිබුණා ..
“ඉදිරියට මගේ හොඳ ගීත කිහිපයක් එන්න තිබ්බා. මම මල් ගායකයෙක් කියලා ගොඩක් අය කිව්වා. ඒත් මම අහිංසක ගමනක් ආවේ.
මේ වෙලාවේ ගීත එළියට ගේන්න උචිත නෑ. මට නිහඬව ටික කාලයක් ඉන්න ඕන.”