සමහර ළමා ගීත ළමයින්ට වගේ පෙනුනත්, එතැනින් එහාට ගිය ජීවිතය කියවීමක් වෙන අවස්ථාත් නැතුවම නෙවෙයි. ළඟකදී ඒ වගේ ගීතයක්, හිතට දැනෙන වෙනස් විදියකට අහන්න ලැබුනා. ගීතය තමයි “පායනා කාලේදී රෑ දවල් මහන්සි වී කන්න දේ රැස් කරයි කුඹියෝ”. අලුත් වැඩක් “කුඹියෝ”. ටීවී සිරිස් එකක් නැතිනම් ටෙලි මාලාවක් විදියටයි මේ නිර්මාණය අපි අතරට එන්නේ. ලංකාවේ කරපු ටීවී සිරිස් එකක් කිව්වම කෙනෙක්ට තරමක් නුහුරු අත්දැකීමක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ කාරණාවම හොඳ හේතුවක් කරගෙන ඔබේ කුතුහලය සංසිඳවන්න 'Mirrorarts' අපි “කුඹියෝ” අධ්යක්ෂ ලක්මාල් ධර්මරත්න සමඟ සම්බන්ධ වුණා.
ඔබේ නවතම නිර්මාණය ගැන කියමු ?
ඔව්, “කුඹියෝ” කියන්නේ අලුත් ටීවී සිරිස් එකක්.
කතාව ගොඩනැගෙන ආකාරය පැහැදිලි කළොත්?
කුඹියෝ කතාව ගොඩනැගෙන්නේ අපරාධකාර මොළකාරයෙක් ඒ කියන්නේ Criminal master minder කෙනෙක් වටා. මුදලට අපරාධ කරන එකයි ඔහුගේ රැකියාව. හැබැයි ඔහු ලේ හැලෙන අපරාධ සිදු කරන්නේ නැහැ. උදාහරණයක් විදියට එක්තරා දේශපාලකයෙක්ට අවශ්‍ය වෙනවා ඔහුගේ ජිවිතයට අනවශ්‍ය බලපෑම් එල්ල කරන මාධ්‍යවේදියෙක් නිහඬ කරන්න, ඒත් ඔහුට හිරිහැර නොකර. ඒ වගේ අවස්ථා උපක්රමිකව විසඳා දීමයි අපේ ප්‍රධාන චරිතයේ රැකියාව. මේ ඇවිල්ලා තනිකරම මොළෙන් කරන ගේම් එකක්. ඔහු වටා තමයි “කුඹියෝ” ගොඩ නැගෙන්නේ. ජෙහාන් කියන ඒ චරිතයට පණ පොවන්නේ රංගන ශිල්පී තුමිඳු දොඩන්තැන්න. මේක අලුත් සංකල්පයක්.
පිටපත ලියන අවස්ථාවේදී මේ චරිතයට මේ මේ රංගන ශිල්පින්ව යොදා ගන්නවා කියලා හිතාගෙන හිටිය ද?
ඔව්, ප්‍රධාන චරිත තුන සඳහා යොදා ගන්න ශිල්පින් පිළිබඳව දළ අදහසක් තිබුණා. තුමිඳු දොඩන්තැන්න, කලණ ජයනාත්, යුරේනි නොෂිකා තමයි ප්‍රධාන භූමිකා තුන. ඊට අමතරව ඇන්ඩෘ පුල්ලේ, සේනක ඇන්තනි,පරාක්‍රම ජයසිංහ,ඩබ්.ජයසිරි, ලක්ෂ්මන් මෙන්ඩිස්, ධර්මප්‍රිය ඩයස්, ජගත් මනුවර්ණ, විශ්වජිත් ගුණසේකර, රම්‍යා වනිගසේකර, නෙතලි නානායක්කාර, මොරින් චාරුණි,උදාර අබේසුන්දර, තුසිත් ලක්නාත්,බුද්ධික ජයරත්න, බන්දුල සූරියබණ්ඩාර, නිශාන්ත ප්‍රියදර්ශන ඇතුළු ලංකාවේ ප්‍රධාන ගණයේ රංගන ශිල්පින් ශිල්පිනියන් විශාල පිරිසක් කුඹීයෝ සඳහා හොඳ සහයෝගයක් ලබා දුන්නා.
ගමෙන් නගරයට පැමිණි පුද්ගලයකුගේ චරිතය කරන්නේ කලණ. ඔහු තමයි තුමිඳුගේ නැතිනම් ජෙහාන්ගේ සහයකයා වෙන්නේ. එක පැත්තකින් බැලුවොත් මේ චරිත දෙක සංඛේතවත් කරන්නේ ගමයි නගරයයි. ඒ දෙක එකට ගැටෙන ඒකෙන් පොඩි ත්‍රිල් එකක් ගේන්න අපි උත්සහ කළා.
යුරේනිගේ චරිතය කුඹීයෝ එක්ක එකතු වෙන්නේ කොහොම ද?
කොටින්ම කිව්වොත් ජෙහාන්(තුමිඳු) ගේම් එකක් නොගහන එකම ප්‍රොජෙක්ට් එක ඇය. ජෙහාන් ප්‍රේම කරන්නේ ඇයට. ඔහු අවබෝධ කරගත් එකම පුද්ගලයා වෙන්නෙත් ඇය. කුඹියෝ, යුරේනිගේ සාමාන්‍යය රටාව වෙනස් කළා. ගොඩක් නිර්මාණ තුලින් යුරේනි මවා පෙන්නුවේ දඟකාරි ප්‍රතිරූපයක්. මෙහිදී ඇය සෘජුව කතා කරන, කැපී පෙනෙන ප්‍රතිරූපයක් ඇති චරිතයක් බවට පත්වෙලා තියෙනවා. මේ චරිතයට යුරේනිව ලබා ගන්න ගොඩක් මහන්සි වුණා.
“කුඹියෝ” නම වැඩේට ගැලපෙනවා ද?
කුඹියා කියන්නේ පොඩි සතෙක්. ඒත් ඌගේ වැඩ පොඩි නැහැ. “කුඹියෝ” ප්‍රධාන චරිතයත් ඒ වගේ. අහිංසක චරිතයක් වගේ පෙනුනත්.... සමාජයේ වැඩි කැපී පෙනීමක් නැති චරිතයක් වුනත් එල්ල කරන්න පුළුවන් බලපෑම ප්‍රබලයි. මිට වඩා හොඳ නමක් ඇති කියලා මට හිතෙන් නෑ. හරි සරලයි, කෙටියි, එල්ල කරන්න පුළුවන් බලපෑම ප්‍රබලයි.
තේමා ගීතයත් හුරුපුරුදුයි?
“පායනා කාලේදී රෑ දවල් මහන්සි වී” කවියේ අග ඉදන් මුලට තියෙන්නේ මේ ගේම්කාරයාගේ ජිවිතේ.
“කුඹියෝ” දැනට සීසන් කියක් කළා ද?
මේ වෙනකොට සීසන් 1 ඉවර කරලා තියෙන්නේ. සීසන් 2 පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. පළමු සීසන් එකේ පැය බාගයේ එපිසෝඩ් 56-57 තියෙනවා.
ඇයි “කුඹියෝ” වෙනස්?
මිනිස්සු සාමාන්‍යයෙන් කැමතියි තමන්ට අනතුරක් නොවී අනතුරක් අත්දකින්න. “කුඹියෝ” ඒකට අවස්ථාව සලසනවා. ඊළඟට මොකක් ද වෙන්නේ කියන කුතුහලයෙන්, ත්‍රිල් එකෙන් ප්‍රේක්ෂකයන්ව අල්ලාගෙන තියාගන්නවා. මේක එක අතකින් පර්යේෂණාත්මකයි කියන්නත් පුළුවන්. “කුඹියෝ” ඒකාකාරී නාට්‍ය රටාවට වඩා වෙනස්. ඔහේ නිකන්ම ගලාගෙන යන්නේ නැහැ. තව ජිවිතයක් දිහා බලන එක්ස්පිරියන්ස් එකක්. ප්රේක්ෂකාගාරයත් සමඟ සෘජුව කටයුතු කරන ටීවී සිරිස් එකක් කිව්වොත් මම නිවැරදියි.
“කුඹියෝ” ත්‍රිලර් ඩ්‍රාමා ශානරය යටතට වැටෙන්නේ. කැමරා දෙකක් රූපගත කිරීම සඳහා යොදා ගත්තා. මේ වෙනකොට සමාජජාලා ඔස්සේ විශේෂයෙන්ම ෆේස්බුක් හරහා ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
ඒ වගේම අනිවාර්යයෙන් කියන්නම අවශ්‍යයි අපේ නිෂ්පාදක අසංක දොඩන්තැන්න නිර්මාණ කටයුතු වෙනුවෙන් උපරිම නිදහසක් ලබා දුන්නා. නිදහස නිසා නිර්මාණයේ උපරිමය ලබා ගන්නට අපිට හැකි වුණා. සුළු චරිතයකට පවා සිය උපරිම දායකත්වය ලබා දුන් රංගන ශිල්පීන්ටත්, නිර්මාණය සඳහා විවිධ අංශවලින් සහයෝගය දුන් සෑම කෙනෙක්ටමත්, විකාශය කිරීමට ඉඩ සලසා දුන් සහ ප්රචාරක කටයුතු සඳහා උපකාර කළ ස්වාධින රුපවාහිනියටත් මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා.
(“කුඹියෝ” පිටපත් රචනය ලක්මාල් ධර්මරත්න/දමිත චන්ද්‍රසිරි. කැමරා අධ්‍යක්ෂණය මැක්ලේන් ඇඩම්ස්, රේඛිය නිෂ්පාදනය චාමර ප්‍රසන්න/ රෝනිත් අධිකාරී, කලා අධ්‍යක්ෂණය ප්‍රසාද් මන්ජුල/ සුරංග ගුණතිලක,සහය අධ්‍යක්ෂණය දිලංක රන්ගනාත්, නිෂ්පාදන කළමනාකරු සංඛ බණ්ඩාර, වෙස් ගැන්වීමේ ශිල්පී ප්‍රියන්ත වන්නිනායක, සහාය කැමරාව හසිත වර්ණසුරිය, ඇඳුම් නිර්මාණ සුරේෂ් මධුශංක, සංස්කාරක දමිත චන්ද්‍රසිරි, සංගීත අධ්යක්ෂ අචල සොලමන්, තිස්ස සුරේන්ද්‍ර, දෘශ්‍ය ප්‍රයෝග නසාෆි මොහොමඩ්)
-සාකච්ඡා කළේ : අ.වා.රා. -