මෙවර සිග්නිස් සම්මාන උළෙලේ ටෙලි නාට්‍ය හොඳම නළුවා ඔබ. හොඳම නළු සම්මානය නුහුරු නුපුරුදු නොවුණට ලැබුණු සම්මානය ගැන සතුටකින් ඇත්තේ?
ඒ ගැන නිහතමානී ආඩම්බරයක් තියෙනවා. අපි ලොකු කැප කිරීමකින් රංගන කටයුතු කරගෙන ඉන්නේ. 'ගොළු තාත්තා' ටෙලි නාට්‍ය හොඳ වැඩක් ලෙස නිර්මාණය කරන්න ඔක්ෂාන් ඇතුළු පිරිස උත්සාහ කළා. මමත් මේ චරිතය සියයට සියයක් හොඳින් කරන්න උත්සාහ කළා. එවැනි පසුබිමක ඒ නිර්මාණයට ගෞරවයක් වෙනුවෙන් මේ වගේ ඇගයීමක් කළ එක ගැන සතුටුයි.
ඒ කියන්නේ සමහර නිර්මාණවලට ඔය සියයට සියයේ උපරිමය කරන්න ලැබෙන්නේ නැද්ද?
කරන ඕනෑම නිර්මාණයක් මම සියයට දෙසීයක් හොඳින් කරන්න උත්සාහ කරනවා. මේ නිර්මාණයට විතරක් නෙවෙයි මම කැප වුණේ. මම කුමන තලයක නිර්මාණයකට වුණත් මගේ උපරිම දායකත්වය ලබා දෙනවා.
ගොළු තාත්තාගේ චරිතය නිරූපණය කරන්න ලේසි පහසු වුණේ නෑනේ. ඔබ ඒ වෙනුවෙන් ලොකු අධ්‍යයනයක යෙදෙන්න ඇති?
අපි ගොළු තාත්තා ටෙලි නාට්‍ය කරද්දි ඒ වෙනුවෙන් විශාල කාලයක් වැය කළා. අඳ ගොළු බිහිරි පාසල්වලට ගිහින් හස්තමුද්‍රා භාෂාව ඉගෙන ගත්තා. ඇඩ්රස් නෑ චිත්‍රපටයෙදිත් මම අඳ ගොළු බිහිරි පාසල්වලට ගිහින් බොහෝ දේවල් හැදෑරුවා. ඒ සියල්ල මේ චරිතය නිරූපණය කරද්දි මට ප්‍රයෝජනවත් වුණා.
ඒ මහන්සියට ඇගයීමක් ලැබෙයි කියලා විශ්වාසයෙන් ඉන්න ඇති?
ඔක්ෂාන්ට, මට, රොෂාන් රවීන්ද්‍රට මේ හැමෝටම ඕන වුණේ 'ගොළු තාත්තා' නිර්මාණය සියයට දෙසීයයක් සාර්ථකව කිරීමේ වුවමනාව. සමාජයට දැනෙන වැඩක් කරන්න අපි උත්සාහ කළේ. මම රඟපාන්නේ සම්මාන අරමුණු කරගෙන නෙවෙයි. නමුත් ඒ රංගනයට සම්මානයක් ලැබීම ඒ වෙනුවෙන් ලැබෙන ගරුත්වයක්.
සම්මානනීය ඇගයුම් වගේම ඔබට සමාජයෙන් ලැබෙන පිළිගැනීම ගැනත් සතුටු වෙන්න පුළුවන්ද?
ඔව්. මට ඒ ගරුත්වයත් ලැබෙනවා. ගොළු තාත්තා ටෙලි නාට්‍යයේ අන්තිම කොටස විකාශය වුණාට පස්සේ චීනය, රුසියාව හැරෙන්න අනෙක් සෑම රටකම ඉන්න බොහෝ පිරිසක් මට කතා කළා. මට ඇත්තටම ඒ ගැන හිතා ගන්නවත් බැරි වුණා. ඔවුන් ඒ චරිතය පුදුම විදියට අගය කළා. ඒක මට විශාල සම්මානයක්.
ඔබ කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපටයේ රඟපාද්දිත් විවේචන එල්ල වුණා. දැන් අප්පට සිරි චිත්‍රපටය වෙනුවෙනුත් ඔබට විචාරක විවේචන එල්ල වෙලා තියෙනවා නේද?
මම විසි අට චිත්‍රපටයේ රඟපෑවට පස්සේ විචාරකයන් හොඳ විචාර දුන්නා. සමහර විචාරකයෝ නම් ඒ ගැන කතා කළේවත් නැහැ. දැන් මම අප්පටසිරි චිත්‍රපටයේ ඉද්දි විචාරකයන් දරුණු විවේචන එල්ල කරනවා. ඒ විවේචනය කරන්නේ රඟපෑමේ දුර්වලකමකට නෙවෙයි. එක විචාරකයෙක් කියලා තිබ්බා සිනමාව ගැන පොරටෝක් දෙන මහේන්ද්‍ර කසිකබල්වල රඟපානවා කියලා. මට සිනමාව ගැන ආදරයක්, කැක්කුමක් තියෙනවා. මම ඒ දැනෙන දේවල් ගැන කතා කරනවා. හැබැයි ඒවා පොර ටෝක් නෙවෙයි. මම රඟපාපු සම්භාව්‍ය කෘති ජාත්‍යන්තර ඇගයීමට පවා පාත්‍ර වුණා. මම ඒ ගැන උදම් අනන්නේ නෑ. මම ධාරාවන් දෙකම නියෝජනය කරනවා.
'අප්පටසිරි' චිත්‍රපටය කසිකබල් චිත්‍රපටයක් කියලා ඔබට දැනෙනවාද?
'අප්පටසිරි' චිත්‍රපටය කසිකබල් චිත්‍රපටයක් නොවෙයි. ඔය විවේචනය කරන උදවිය මම කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපටයේ රඟපාද්දිත් විවේචනය කළා. ලංකාවේ හොඳම චිත්‍රපටම කෙරෙනවා නම් ඒ හොඳම චිත්‍රපටවලටම මාව තේරෙනවා නම් ඒවම මට හම්බ වෙනවා නම් මට ඒ හොඳම දේවල් කරගෙන ඉන්න තිබ්බා. එහෙම හොඳම තත්ත්වයෙන් පවතින්න පසුබිමක් අපිට නැහැ.
මේ විවේචන එල්ල වෙන්නේ ඔබේ ගමනට එරෙහි අයගෙන්ද?
මගේ ගමනට එරෙහි අය ඉන්නවා කියලා මම හිතන්නේ නැහැ. මම හිතන්නේ ඒ විවේචන පිටිපස්සේ තියෙන්නේ නොදන්නාකම. මම 1978දී තමයි සිනමාවට එන්නේ. එදා ඉඳන් මම මේ ක්ෂේත්රයේ පවතින්න කට්ටක් කෑවා. සිනමාව ගැන පණ්ඩිතකම් කියනවාට වඩා සිනමාව කර්මාන්තයක් ලෙස පවත්වා ගන්නේ කොහොමද කියලා අපි හිතනවා.
විවිධ ධාරාවන්වල චිත්‍රපටවල රඟපෑවට ඔබ ටෙලි නාට්‍යවල නම් රඟපාන්නේ තෝරා බේරා ගැනීමකින්නේ?
ටෙලි නාට්‍ය නම් ටිකක් තෝරා බේරාගෙන රඟපාන්නේ. මොකද ප්‍රේක්ෂයෝ ටෙලි නාට්‍ය ඔහේ බලනවා. ඒ නිසා ඔවුන්ගේ රසවින්දනය ගැන ගැටලුවක් තියෙනවා. එය ඉදිරි පරම්පරාවට බලපානවා. මෙගා කළොත් ප්‍රතිපත්තියක් නැතුව ඔහේ කරගෙන යන්න වෙන්නේ. ඒ නිසා ටෙලි නාට්‍ය කරද්දි රසවින්දනය හොඳ පැත්තකට යොමු කරන්න පුළුවන් දෙයකට මම සම්බන්ධ වෙනවා.
එතකොට සිනමාවේදී ඔය කියන තෝරා ගැනීම් අවශ්‍ය වෙන්නේ නැද්ද?
ප්‍රේක්ෂකයෝ චිත්‍රපට බලන්නේ තෝර බේරාගෙන. මට හැම දෙයකදිම අන්තවාදි වෙන්න බැහැ. මම වේදිකා නාට්‍ය කරන්නෙත් නෑ. මෙගා නාට්‍ය කරන්නෙත් නැහැ. ඒ නිසා සිනමාවෙදිත් මගේ ජීවිතය හිර කර ගන්න බැහැ. මම ඒ තුළ කරන දේ හරියට කරනවා.
හැබැයි ඔබ පුංචි තිරයෙදිත් කොමඩි නාට්‍ය කරලා තියෙනවා නේද?
ඔව්. මම එහෙම කරපු නිර්මාණ දෙකක් විතර තියෙනවා. මම ඒ තුළ හොඳ තත්ත්වයෙන් පවතින්න පුළුවන්ද බලන්න ඒවා කරලා බැලුවේ. ඒ නිර්මාණ තාම විකාශය වුණේ නැහැ.
අප්පටසිරි චිත්‍රපටයෙන් ලැබෙන විවේචන ළඟදීම විකාශය වෙන්න තියෙන 'කාල' චිත්‍රපටය නිසා හේදිලා යයිද?
කාල කියන්නේ වෙනස්ම විදියේ නිර්මාණයක්. කලා වැව ගොඩ නැඟුණු විදිහ මේ චිත්‍රපටයේ දිග හැරෙනවා. ඒ චිත්‍රපටය වෙනුවෙන් මම විශාල කැප කිරීමක් කළා. අප්පටසිරි චිත්‍රපටයට ලැබෙන විවේචන සේදිලා ගියත් එකයි නැතත් එකයි. මම ඒවා ගණන් ගන්නේ නෑ. මම මේ විෂය තුළ හොඳින් ජීවත් වෙනවා.
ඔබ විවේචනවලට බය නැද්ද?
නැහැ. මම විවේචනවලට බය නැහැ. මම යන ගමන මම දන්නවා. මම බඩ වඩා ගන්නම නෙවෙයි මේ දේවල් කරන්නේ. මම ඉගෙන ගත්ත දේ ළමයින්ට බෙදා ගෙන මගේ රඟපෑම තුළ මම විවිධ ඉසව් හොයාගෙන යනවා.
මෙවර සිග්නිස් සම්මාන උළෙලෙදි ඔබ වගේම ඔබේ ගෝලයා දසුන් සිනමාවේ හොඳම රංගන ශිල්පියා බවට පත්වුණා. ඒ ගැනත් සතුටු ඇති?
ඇත්තටම මම ගොඩක් සතුටු වෙනවා. දස්සත් කසිකබල් ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ නෑ. සිනමාව තුළ කැපකිරීම් කරලා අවංකකමකින් ගමනක් යන කෙනෙක් දස්සා. විෂය සොයා ගෙන යමින් හොඳ දැක්මකින් මේ ගමන යන දස්සාට සම්මානය ලැබීම ගැන මට සතුටුයි.
ඔබ රංගනයේ අනාගත පරම්පරාවක් හැදුවා. ඔබේ පුතාලා රංගන ක්ෂේත්රයට ගේන්න අදහසක් නැද්ද?
පුතාලා රංගනයට කැමැත්තක් නෑ. එයාලා මගේ ෂූටින් කරන තැනකටවත් ඇවිත් නැහැ. හැබැයි මගේ ටෙලි නාට්‍ය බලලා ගුණ දොස් කියනවා. එයාලා රංගනයට උනන්දුවක් නැති නිසා ඔවුන් කැමැති අංශවලින් ඉදිරියට යන්න මම ඉඩකඩ හැදුවා.
තිළිණි කෞශල්‍යා විජේසිංහ