තමන්ට අනන්‍ය චිත්‍ර ශෛලියක් නිර්මාණය කර ගනිමින් පැන්සලෙන් පින්සලෙන් දස්කම් දක්වන ප්‍රවීණ චිත්‍ර හා මුර්ති ශීල්පි ශාන්ත කේ. හේරත් මාධ්‍ය කෂේත්‍රයට හොදින් හුරුපුරුදු ප්‍රවීනයෙකි. මවබිම පුවත්පත, ලක්බිම පුවත්පත, දිවයින පුවත් හි විවිධ තනතුරු හොබවමින් තම අනන්‍යතාවය සලකුණු කළ ඔහු රාජ්‍ය සම්මාන හිමිවූ ළමා පෙත් ගණානවකටද, රාජ්‍ය සම්මානලාභී පොත් කංචුක ගණනාවක්ද ඔහු අතින් නිර්මාණය වී ඇත.
මේ වන විට ශාන්ත කේ හේරත් චිත්‍ර පන්තිය නමින් කුඩා දරුවන් වෙනුවෙන් චිත්රපන්තියක් ආරම්භකර ඇත. මේ ඔහුත් සමඟ මිරර් ආට්ස්කළ සුහද කතාබහකි.
ඉතිහාසය
මම ඒ කාලේ ඉදන්ම දිගටම අදිනවා ඉස්කෝලේ යනකාලේ පාඩම්පොතේ පිටිපස්සේ ඉදලා හැම පොතකම තියෙන්නේ චිත්‍ර ඇදපුවා. මගේ වැඩිහිටියෝ එකමුතුවුනාම කියනවා බිත්තිය පුරාම චිත්‍ර ඇදල හැම තැනම ඇදලා ඉවරවුනාම. පුටුසෙටිය උඩටත් නැගලත් ඇදල තියනවා. පාඩම් පොත්වල පාඩම්වලට වඩා වැඩිපුර තියෙන්නේ චිත්‍ර. පාසල් කාලයෙත් මම ජනප්‍රියයි ඒ කාලේ ඉදලම චිත්‍රශිල්පියෙක්. තවත් දක්ෂ අය හිටියා නමුත් ඒ අය අතර කැපී පෙනුණා.
දෙමාපියෝ ගුරුවරු නිසා ඇසුරට ලැබුණු ගුරුවරු. රජයේ හේවුඩ්කලායතනයෙන් ඉගෙනගත් ගුරුවරුත් ඇසුරුකරන්න ලැබුණා. හේවුඩ් එකට ගිහින් ඉගෙන ගන්න ඕන කියන අදහසක් මට තිබුණා. උසස් පෙළ ඉගෙන ගන්න විට මගේ බලාපොරොත්තුවක් තිබුණා හේඩුඩ් එකට යන්න. රජයේ කලායතනයට ශිෂ්‍යයෝ බඳවා ගන්නේ සාමාන්‍ය පෙළ සහිතව විෂයන් 06 හෝ 07 සමත් වෙන්න ඕන කියලා ඒක සමත් වෙලා ඉල්ලුම් කළා.එතකොට සෞන්දර්ය අධ්‍යාපන ආයතනය, විශ්වවිද්‍යාලයට අනුබද්ධ විශ්වවිද්‍යාලය බවට පත්වුණා. ක්ෂනිකව ඒගොල්ලො එතකොට නීතියක් ගෙනාවා උසස් පෙළට චිත්‍ර සහිතව විෂයන් 03 සමත් වෙන්න ඕන කියලා.පාඨමාලා 02 ක් තිබුණා. අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍යය නැති පාඨමාලාවකුත් තිබුණා. මම ඉල්ලුම් කළවිට මට ආවේ කිසිම අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍යය නැති පාඨමාලාව. මම ගිහින් ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිටියා. ඇන්දා. පසුව දැනගත්තා වැඩිම ලකුණු ගත්තේ මම කියලා. පරීක්ෂනයට 100 ක් හිටියා. එතන ඉන්න ගුරුවරු මම අදිනවා දැකලා මට හොද පිළිගැනීමක් ලැබුණා.ඒ තුළ මම ශක්තිමත් වෙලා ගිහින් විදුහල්පතිතුමා ළගට ගිහින් ප්‍රශ්නයක් ඇහුවා. සර් මම එස්.එස්.සී පාස් ගියඅවුරුද්දේ මෙම ආයතනයට ගත්තේ මගේ සුදුසුකම් තියෙන කණ්ඩායමක් ඒ අය ආයතනය විශ්වවිද්‍යාලය බවට පත්වුණාම ඒ වරප්‍රසාදය ඒ ළමයින්ට දීලා උපාධිය ප්‍රධානය කළා. මමත් ඒ සුදුසුකමේම ඉන්නේ. ක්ෂණිකව තමයි ප්රතිප්රධාන කොමිසම මේ වෙනස්කම සිදුකළේ. ඒකනිසා මටත් ශිෂ්‍යයින්ගේ පැත්තෙන් හිතලා මාවත් ඒ පාඨමාලාවට ගත්තොත් අසාධාරණයක් වෙන්නේ නෑ නේද කියලා. එතුමට තරහ ගිහින් කිව්වා මේක ඇතුළට එන්නත් කලින් විප්ලව කරන්න හදනවා කියලා. මාව එළව ගත්තා. මට ඒ අවුරුද්දේ ශිල්පීය පුහුණු පාඨමාලාවත් නැතිවුණා. උපාධිපාඨමාලාවත් නැතිවුණා. මගේ සුදුසුකම් සහිතව හිටපු අය තමයි ආචාර්ය මහාචාර්ය උපාධි අරගෙන ඉන්න කැපී පෙනෙන කණ්ඩායම වුණේ. අධ්‍යාපන ක්‍රමවේදයේ තිබුණු වෙනස තුළදී ආයතනය තුළ හිටිය අයට ඒ වරප්‍රසාදය දුන්න. හැබැයි ශිෂ්‍යයින්ගේ පැත්තෙන් මටත් ඒ අවස්ථාව දෙන්න හොදටම ඉඩකඩ තිබුණා. මගේ අධික උනන්දුව නිසා අර තර්කය කරපු එක ශ්‍රී ලංකාව ඇතුළෙදී අවාසියට හිටියා.
ඊළග වතාවෙදී උසස්පෙළ කරලා උපාධිය ගන්න යද්දී මම කව්වා සර් මම උසස්පෙළට චිත්‍ර කරන්න ඕන කියලා. එතකොට විදුහල්පතිතුමා කිව්වා ඔයා හරි කරදරකාරයෙක් උසස්පෙළට චිත්‍ර විෂය නැහැ. පිස්සු නටන්න එපා. ඔය තියෙන විෂයන් කරලා පාස් වෙන්න කියලා .මට මගේ සම්බන්ධතා තිබුණ කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයෙක් සොයාගෙන ගිහින් මම කිව්වා ආපේ ප්‍රින්සිපල් කියනවා උසස් පෙළට චිත්රනැහැ කියලා මට සෞන්දර්යට යන්න ඕනේ මොකක්ද මේකේ තියන වැරැද්ද කියලා.
එතුමා කිව්වා මේ සිලබස්එක ප්‍රින්සිපල්ට දෙන්න උසස්පෙළට චිත්‍ර තියෙනවා කියලා. පහුවදා මම සිලබස් එක අරගෙන වීරයෙක් වගේ ගියා ප්‍රින්සිපල්ගේ කාමරයට ගිහින් ඒක දුන්නා. ප්‍රින්සිපල්ට තරහගියා. තනි ළමයෙකුට ගුරුවරයෙක් වැයකරන්න බැහැ. තියෙන විෂයන්ම කරන්න කියලා. ඒකේ අසාධාරණය කියන්නේ වෙනත් පාසලකින් ප්‍රශ්නයක් වෙලා අපේ පාසලට ආව ගැහැණු ලමයෙකුට පියා උසස්පෙළට ඉංග්‍රීසි සාහිත්‍ය ගුරුවරයෙක් ලබාදුන්නා. මම ප්‍රශ්න කරා. ඉංග්‍රීසි සාහිත්‍යයට එක විදියක් චිත්රවලට එක විදියක් . ඉතිහාසයේ ඉදලම මම ඔය වැඩේට පරාද වුණා. ලංකාවේ කතාකර එක අවාසියි. නමුත් ඒ පුරුද්ද මට තවම තියෙනවා. කොහොමහරි මට උසස් පෙළට චිත්‍ර තිබුණේ නැහැ. මම ඒ අවුරුද්දෙ විෂයන් 04 ම ෆේල්.
දෙවන වර උසස් පෙළ විභාගයයේ විෂයන් තුනකට මම පෙනී සිටියා. හතරවන විෂයට පෙනී ඉන්න බැහැ කියලා හිතුනා මම ගියේ නැහැ එදා අම්මා කිව්වා යන්නම කියලා මම හිතුව ඒක ඕන නෑ කියලා.විශ්ව විද්‍යාලයට යන්න ලකුණු 165යි තියෙන්න ඕන. මට 185 තිබුණා. දැන් මම හිතනවා මම ඇතුළෙ තමයි කියලා. මේ අතරෙ දැනගන්න ලැබුණා. 4 වන විෂය ෆේල්වුණාට කමක් නැහැ ලකුණු 25 වැඩිය තිබිය යුතුයි කියලා මට දෙවන වතාවටත් අහිමිවුණා.
ජීවිතේ වෙනස් කරපු බිත්ති සඟරාව
මම ඒ වෙනකොට පාසලේ බිත්ති සඟරාවේ සංස්කාරකවරයාවෙලා හිටියේ. මේක මේන් පොයින්ට් එකක් මම පත්තර ගැන මොකුත් දන්නෙ නෑ. ඒ වුණාට පත්තර කියෙව්වා. ඒ ස්වරූපයට අනුව බිත්ති පුවරුවේ ස්වරූපය වෙනස් කළා. හිඩැස් වලට කාටූන් ඇන්දා. වෙනස් විදියකට කළා. මේක හරි ලස්සනයි චිවිත්රයි. කවුරුහරි ගැහුණු ලමයෙක් ඇදපු චිත්‍රයක් ඒ කාලේ සිත්තර පත්තරයේ කාටූන් පිටුවට තැපැල් කරලා ඇරියා. මේක පහුවදා පළවෙලා තිබුණා. ඒකේ ප්‍රතිඵලයක් විදියට මම අදින කාටූන් පුවත්පතේ පලවුණා.
එහි ප්‍රතිඵලයක් විදියට දිවයින පුවත්පත මාව ස්ථිර චිත්රශිල්පියා විදියට පත් කළා. මම දිගටම පුවත්පතේ වැඩ කළා . මම ඉගෙන ගන්න එක අත්හැරියෙ නැහැ. සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සියලු ගුරුවරු මගේ අනියම් ගුරුවරු. කොළඹ අවට ගොඩක් බාහිර දේවල් වලට අපි එකතුවුණා. ඒකෙන් ප්‍රතිඵල ලබා ගත්තා නිදහස දැනුම තියෙන පුවත්පත් කළාව ගැන දැනුම තියෙන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීගෙන් අපි ඉගෙන ගත්තා.
පත්තරකලාව ඇතුළෙ චිත්රශිල්පියාට තිබුණේ කුඩා ඉඩක්
පත්තරකලාව ඇතුළෙ චිත්රශිල්පියාට තිබුණේ කුඩා ඉඩක්. එඩිට කියන ප්‍රමාණයට කියන විදියට අදින්න වෙනවා. මට කිව්වා අම්මා කෙනෙක් ළමයෙකුට කිරි දෙන කාටුන් එකක් අදින්න කියලා. මට මේක ප්‍රශ්නයක් වුණා. ඒ අම්මාගේ සමාජ තත්වය මට දැනගන්න ඕන වුණා ලිපියට අදාලව. මම ඒ ගැන දයාසේන ගුණසිංහ එක්ක මම කතා කළා. මට ලිපිය කියවලා අදින්න ඔහු අවසර දුන්නා. කියෙව්වාම එන හැගීම මම නිරූපනය කළා. නිරූපන චිත්රශිල්පයේ කාර්ය භාරය එයයි. සාමාන්‍ය ලිපියකට කවියකට දේශපාලන කතාවකට කෙටිකතාවකට අදින චිත්‍ර එකිනෙක වෙනස්. ඒ ඒ නිර්මාණය දේ අනුව චිත්‍රය වෙනස් වුණා. ඒ උණත් මගේ චිත්‍ර වෙනස් වුණාට මගේ නිර්මාණාත්මක කලාව ඇතුළෙ ශාන්න කියන අනන්‍යතාවය මම හදාගත්තා.මම චවන වලින් අයින් වෙලා රූපය මතුකරන්න ගත්ත අදහසක් ඒක.
ලිපියට අනුව අදින චිත්‍රය මම තීරණය කරනවා
දුම්රිය දෙපාර්තමේන්තුව ගැන එක අවස්ථාවක මට කාටුනයක් අදින්න ආවා. දේශපාලනඥයෝ එකක් එකතුවෙලා නිලධාරීන් කෝච්චි ගිල්ලයි කියලා. මම මේකට චිත්‍රයක් ඇන්දා . ඒ වෙලාවේ ඒ සිද්ධියට ආදාල නිලධාරියා ඇවිත් කියනවා. මේක නරක වැඩක් ඇත්තටම එහෙම දෙයක් සිද්ධ වෙලා නෑ කියලා. නමුත් ඒ කාටුනය නම් ලස්සනයි කියලා ඔහු කිව්වා. මගේ කාටුනය වුනේ මිනිහෙක් ඇදලා කොච්චිය ගිලිනවා. ටයි එකක් දාපු මිනිහෙක් ගේ කට ඇතුලට කෝච්චියක් එනවා අත ළග හැන්දකුයි ගෑරුප්පුවකුයි තියෙනවා. රවීගේ යට කෑල්ල අලියගේ කකුල් වලට ඇදලා පොලිස් කාරයා පුංචි මාංචු දෙකක් දාන්න යනවා. කකුල් වලට දාන්න බෑ. ඒ කාටූන් වලට තරහ යන්නෙ නෑ. රනිල් උල් කටුගොඩක් උඩ භාවනා කරන එක අදටත් වලංගුයි.මේක තමයි ජනසන්නිවේදනය තුළ චිත්‍රශිල්පියෙක් ගේ කාර්යය. පිටුවක් පුරා අකුරු ලියන එක නෙවෙයි. information graphic කියන එක අද භාවිතා කරන්නෙ නෑ. වචනය අඩු කරලා රූපය භාවිතා කිරීම. ඇඩ්වර්ටයිසින් එක කියනවා විකුණගන්න පුළුවන් සෙක්ස් ඇන් ක්‍රයිම් කියල කියනවා. ඒ අනුව වැඩ කරන්න ගන්නවා ඒත් ඒක එහෙම නැහැ.
නමුත් අද හොද දේවල් වලට හොද වෙළද පොලක් තියෙනවා හා ඉල්ලුමක් තියෙනවා. පුවත්පත තුළ මම පත්තර ශිල්පියෙක් වෙන්න හිතුවෙ නෑ. ව්‍යවහාරික චිත්‍ර කලාව තුළ ඉදගෙන මම මගේ සම්ප්රදායේ මම විදින රසය මම එකතු කළා. චිත්‍ර අදින අය පාට බෙදා ගන්නවා. අනිත් අයගේ ඒවා රස විදිනවා. මේ චිත්‍ර කළාව ඕන කෙනෙකුට පුළුවන් අභ්‍යාසය තමයි අවශ්‍යය. කොපි කරපු දේවල් එක්ක රසවින්දනය බාල වෙනවා. ජෝජ් ක්‍රීට් වගේ තව කෙනෙකුට අදින්න බැරිද කියලා තර්ක කරනවා. ජෝජ් ක්‍රීට් කියන්නේ හැදෑරීම් කරපු මිනිහෙක්.ඒ අදහස් එන්න ඒ අත්දැකිම් තියෙන්න ඕන. ඒහෙම නොවන ඒවා කොපි. බුද්ධිමය මංකොල්ලයක්.
ආර්ට් වලින් වැරැද්ද නිවැරදි කර ගන්නෙ කොහෙමද කියලා දෙනවා
මගේ නම ශාන්ත වුනාට මගේ වැඩ ශාන්ත නැහැ. මම බොහොම වේගවත් ක්‍රියාකාරී මනුස්සයෙක්. ගැටලුවක් ආවාම මහඇරලා දුවන්නෙ නෑ.
බොහොම නිවිහැනහිල්ලේ නිවැරදිව ප්‍රශ්නයට මුහුණ දෙනවා. කලාවේ තියෙනවානේ ඒ දේ. ළමයින් කියන ප්‍රශ්නයක් තමයි සර් වැරදුනා මට වෙන කොලයක් දෙන්න කියලා. මම කියලා දෙනවා ගැඹුරු සංකල්පයක්. නැහැ වැරදුනේ නැහැ. අපි වැරැද්ද නිවැරදි කරමු. ජීවිතේ අපේ අනිත් වැරදි වෙනකොට ගැටුම් එනකොට අපි ජීවිතේ අලුතින් පටන්ගන්න ඕනේ. වැරැද්ද නිවැරදි කරගෙන හදාගෙන යන්න ඕන. ඒ එක්කම නිර්මාණාත්මක දැනුම,නිර්මාණාත්මක හැකියාව උගන්වන්න ඕන. ගණන් වලදී වැරදුනොත් වැරදියි. ව්‍යාකරණ වලදී කියලා දෙන්නේ වැරදුනොත් වැරදියි. ආර්ට් වලින් කියලා දෙනවා කොහොමද වැරැද්ද නිවැරදි කර ගන්නෙ කොහොමද කියලා. පොතක තිබුණා හෝ සාම්ප්‍රදායික ක්‍රමවේදයක් නොවෙන්න පුළුවන්. ඒක මටම ආවේණික ලෝකයේ වෙනකෙනෙක් භාවිතා නොකරපු නැවුම්ම දෙයක් වෙන්න පුළුවන්. ඒකයි ආර්ට් කියන්නේ. අද ඒ ආර්ට් නැහැ. මොකද අද ආර්ට් උගන්වන්නේ අර සාම්ප්‍රදායික සිලබස්එක ඇතුලේ. පංති කාමරයක් ඇතුළේ දැඩි මෝඩකමක් ඇතුලේ හික්මිච්ච පෞරුෂයක් නැති කණ්ඩායමක් එක්ක තමයි අද සමාජය ගොඩනගලා තියෙන්නේ. එක අත්දැකීමක් ගත්තොත්,ළමයෙක් අම්මා කෙනෙක් ඇය නීතිඥවරියක්, ඒ අම්මාගේ තේරීම අනුව පන්තියට ආව ගමන් ඒකට ගැලපෙන චිත්‍රයක් හොයාගෙන යනවා. අර දරුවා දුවගෙන ගිහින් මගේ චිත්‍රය ඕක නෙවෙයි මේක කියලා අම්මාට පෙන්නනවා. ළමයි කොච්චර ආසද තමන්ගේ දෙම්පියන්ට පෙනෙන්න ඒ අම්මා තමන්ගේ පුතා ඇදපු චිත්රයෙන් තෘප්තිමක් වෙන්නේ නෑ. මම කියන්නේ ළමයින්ගේ නිර්මාණ දෙමව්පියෝ රස විදින්න ඕනේ.
දොස්තර කෙනෙක් හදන්න යන වියදම ගැන මේ දවස්වල ගොඩක් කතා වෙනවා. දොස්තර කෙනෙක් හදන්න යන වියදම හා සමාන වියදමක් චිත්‍ර උපාධියක් හදාරන්න වැයවෙනවා. සෞන්දර්ය විශ්විද්යයාලයෙන් මේ වෙනකන් කී දෙනෙක් උපාධිය අරන් පිටවෙලා තියෙනවාද. මහජන මුදලින් ඉගෙන ගෙන සේවය කරලා තියෙනවා. ගේ ඇතුළේ ඉන්න අයගේ රසඥතාවය හෝ දියුණු කර තිබේනවාද? තබා ඔවුන්ගේ ගෞරවය කලාව සදහා ලබා ගන්නත් බැරිවෙලා. අපිට ප්‍රමිතිගත කලාගාරයක් අපට නැහැ. වැරහැලි බවට පත්කළ චිත්රකිහිපයක් විතරයි අදටත් සංරක්ෂණය කරලා තියෙන්නේ. අවු 2500 කලින් කලාව ගැන කයිවාරු ගහනවා. කොළඹ අවට පුද්ගලික කලාගාර කිහිපයක් නම් තියෙනවා. එහෙම හරි තියෙන එක වටිනවා. නගරයෙන් පිට කලාගාර ඇත්තෙම නැහැ.
උපතින් හැකියාව ගෙන එන අයගේ හිමිකම වැඩිකිරීමට ආයතනවල ක්‍රියාකාරීත්වය සංවේදී විය යුතුයි
මම ඇකඩමික් නොවීම මත මට අවස්ථාව අහිමිවෙලා තියෙනවා. මම වගේ අය තවත් ඉන්නවා ඉදිරියටත් ඉදියි. උපතින් හැකියාව ගෙන එන අයගේ හිමිකම වැඩිකිරීමට ආයතනවල ක්‍රියාකාරීත්වය මීට වඩා සංවේදී විය යුතුයි. ළමයින්ව බෙදෙනවා කලා විෂයන් වලට. විද්‍යා කලා වාණිජ තාක්ෂණ කියා බෙදෙනවා. අනුන්ගේ පොත් වන පොත් කරලා ඒවා වන පොත් කරලා සම්මත රටාවකට ලියලා අචාර්ය මහාචාර්ය උපාධි ගන්නවා. විශාල සමාජයක් පාලනය කරන බුද්ධිමතුන් වෙනවා. දේශපාලන වශයෙන් ගත්තම මොනම දෙයක් වත් නැති අය උඩට ඇවිල්ලා සමස්තයම පාලනය කරනවා. මේක දන්නවා හැමෝම කවුරුත් කතා කරන්නෙ නෑ. මට එක අවස්ථාවක හිතුනා අවුරුදු 35 පත්තර කාරයෙක් වෙලා හිටියා ඒ කාලය තුළ මම තෘප්තිමත් මාර වැඩක් කළා කියලා හිතුවා. දැන් හිතෙනවා ඒ අවුරුදු 35 ම වැඩක් නෑ ළමයි එක්ක ඉන්න මේ අවුරුදු එක හමාර ගැන හිතද්දී මේ කාලය තමයි මට වැඩක් වෙලා තියෙන්නේ කියලා හිතෙනවා. මට නොලැබුණු අවස්ථාව මම ඔවුන්ට දෙනවා. අපි කාපු කට්ට කාලා උඹලත් ඉගෙන ගනින් කියන ගුරුවරු තමයි වැඩි . නමුත් දැන් තියෙන සංකීර්ණ සමාජයේ එහෙම කරන එක අමාරුයි. ඒ වෙනුවට මම කට්ට රසවත් කරලා පහසු කරලා මේ පන්තිය ඇතුළෙ දෙනවා.
උගන්වද්දී මම ළමයෙක් බවට පත්වෙනවා
උගන්වද්දී මම ළමයෙක් බවට පත්වෙනවා. මට තව තව ඉගෙන ගන්න දේවල් මතුවෙනවා. මාස 2/3 යන කොට ළමයි දියුණු වෙනවා. එක තැනක ඉන්න බැරි ළමයෙක් පැය 3 විතර එක තැනක ඉන්න පුරුදු වෙනවා. ගැහුවොත් ගහන්න ,බැන්නොත් බනින්න පුරුදු වෙන්න ඕන ළමයින්ට මේවා උගන්වන්න අවශ්‍යයි. මේ අයට මම කියන්නේ වෘත්තික ශිල්පියෙක් වෙන්න එපා මේක දැනගෙන වෙනත් උසස් රැකියාවකට යන්න එවිට ඒ රැකියාවේ වඩා හොදින් කටයුතු කරන්න පුළුවන්. අපිට සංරක්ෂණාගාරයක් නැහැ. අනාගතයේ වසර 2500 ගියාම අද ගැන මොනවද පෙන්වන්න තියෙන්නේ. කිසිම නිර්මාණයක් තැහැ . පන්සල් හැදෙනවා ඒත් නිර්මාණාත්මක බෞද්ධ චිත්රකලාවක් නැහැ. ලෝකයේ තියෙන ලොකුම ඒවා වෙන්න පුළුවන් ඒත් සත පහකට වැඩක් නැහැ.
අධ්‍යාපන ක්‍රමය තුළම විද්‍යාව කරන කෙනාටත් බාහිරව චිත්‍ර සංගීතය හදාරන්න රජයේ පිළිගත් ක්‍රියාදාමයක් තියෙන්න ඕන. ඒ අයට රස විදීමට හැකිවිය යුතුයි.රස විදීම කියන්නේ දැනුම රැස් කර ගැනීම. මම ඔයාව රස විදිනවා නම් ඔයාගේ සියලු දේ දැනගන්නවා. මම ඒකෙන් ඉගෙන ගන්නවා. හොද ටික අරගෙන නරක ටික අයින් කරන්න ඕන. අපි ඒ බැලන්ස් කිරීම දැන ගන්න ඕන .අද කියෙන්නේ 2+2 =4 විදියෙ දේවල් . මොකක්ද තේරුම ඇහුවම අපිට තේරෙන්නෙ නෑ කියන්න අයිතියක් නැහැ. ඉස්සර අය අහස දිහා බලලා කියනවා අද අහස දුකෙන් ඒ හැගීම එන්නෙ දියුණු කරපු රස වින්දනය එක්ක. දිරාපත් වූ ගහක් කියන්නේ වැඩ කරගන්න අපහසු මිනිසෙක් වගේ මේ සංකල්පනා මේවා මතු කරන්න අවස්ථාවක් අපේ සමාජය ඇතුළෙ දීළ නැහැ ඒකයි ප්රශ්නය.
මේ නොසැලකිල්ලට පිළිතුරක් දෙන්න ඕන ඒ නිසයි කුඩා ළමුන් වෙනුවෙන් මම මේ වගේ දෙයක් පටන්ගත්තේ මම බැස්සේ පැලේ ඉදලා හදන්න අවශ්‍යයි කියන තැන ඉදලා. මානසික සංවර්ධණයක් කරන්නේ. ශිල්පියෝ හැදීමක් නෙවෙයි කරන්නෙ. සමහර ළමයින්ඒට ආදරය වැඩිකම ගැටලුවක්. ඒ අයගේ අභ්‍යයන්තරයෙන් එන්න ඕන ළමයට කොලයක් ඇතුළෙ අදින්න දෙන එක නෙවෙයි කොලෙන් එහාට ගිය දෙමව්පියන්වත් මේකට ගෙනල්ල සංවර්ධනය කරන එක. උදාහරණයක් විදියට එක අවුරැද්දක මම කිව්වා අලුත් අවුරුද්දට ඔයාලා දොමාපියන්ට තෑග්ගක් දෙන්න හොදම විත්‍රයක් ඇදල දීළ වදින්න. ඒ වගේම දෙමාව්පියන්ටත් කිව්වා ඒ චිත්‍රය ෆේම් කරන්න, බිත්තියේ හොදම තැන එල්ලන්න. එහි ප්‍රතිඵලය මට කියන්න. ගෙදරට යන එන අය දකිනවා ප්‍රශංසා කරනවා. .ළමයින්ට හරි ආසයි මේකට. මම තාමත් ආසයිමගේ ඒවා මගේ බිත්තියේ තියෙනවාට ඒ පදනමෙන් තමයි මම ළමයින්ට එහෙම කරන්න උපදෙස්දුන්නේ. මානසික සංවර්ධනය කියන්නේ ඒවා.
මගේ චිත්රයේ පූර්වාදර්ශය තමයි අම්මා
අතිශය භයානක හිට්ලර් කියන්නේ චිත්‍ර ශිල්පියෙක්. මුලදී ඔහුව ඈත් කරල තියෙනවා ඒ විෂයෙන් ඔහුට අදින්න බෑ කියලා. හොදම ඉංජිනේරුවෙක් වෛද්‍යවරයෙක් ව්‍යාපාරික වෙන්න චිත්රශිල්පයෙන් ලැබෙන දායකත්වය වැදගත්. මගේ චිත්රයේ පූර්වාදර්ශය තමයි අම්මා. අම්මා කෑම මේසය හදන ගත්තොත් එතන තියෙන්නේ චිත්‍රයක්. අලංකාර විදියට එතන හදන්නේ අම්මා. ඇය තමයි මගේ පූර්වාදර්ශය. කුස්සිය තියා ගන්න විදිය. ඇගේ තියෙන දේ චිත්‍රයක් ලෙස විශ්වාසයෙන් පිළිගැනීමක් ඇති කර ගැනීම අවශ්‍යයි. එතනින් එහාට පියවරෙන් පියවර ගිහින් අතිශය නිර්මාණශීලී ශිල්පියා බිහිවෙනවා.
අදටත් දොස්තරවරු සහ සියලු කලාකාරයෝ පිළිගන්න ශරීර චිත්‍ර රූපසටහන් ඇන්දේ ඩාවින්චි. හිට්ලර්ට තිබුණ දක්ෂතාවය විනය සැලසුම්කිරීම ආදිය චිත්රශිල්පියෙන් ලැබුණා වෙන්න පුළුවන්. කලාවෙදී වර්ණපරාසයෙන් සංඛ්‍යාණ වෙනස් වෙනවා. කහ පාට ඇතුලේ වර්ණ පරාස මිලියන ගණනාවක් තියෙනවා . නිලුයි කලුයි එකතුවුණාම කොළම නෙවෙයි තවත් එහෙ මෙහෙ කර ගන්න පුළුවන්. මේ චිත්‍ර කලාව නිදහස් සහ පුළුල්. මම සැලසුම්කරගෙන චිත්‍රයක් අඳින්න කරන යාන්ත්‍රික බෙදීම් දහස් ගණනාවක් තියෙනවා. නිවැරදි හමුදා නිළදාරියා, නිවැරදි චිත්රශිල්පියා දෙන්නම කරන්නෙ එකම දේ. හමුදා නිලධාරියා සීරුවෙන් ඉන්නවා පහසුවෙන් ඉන්නවා. අභ්‍යාස කරනවා. චිත්‍ර ශිල්පියත් මෙයට සමානව පහුණු වෙනවා. මේ දෙන්නම අභ්‍යාසය හරහා නිර්මාණාත්මකව එයට මුහුණ දෙනවා. කැන්වස් එක හරහා චිත්රශිල්පියා කරන්නේ ඒකමයි. මේ දෙකම එකයිමගේ ළගට එන ළමයින්ගේ පසුකාලීනව චර්යාවන් වල වෙනස්කමක් තියෙනවා කියලා දෙමව්පියෝ කියනවා. මේක මම අවු 40 කලින් පටන් ගත්තා නම් මීට වඩා මේක මට දැනෙයි.
ලංකාවේ මෙතෙක් නොවූ චිත්‍ර පන්තියක්
මම පත්තරේ අවසාන ලියුම දීලා එළියට බහිනකොට මුණගැහුණා ඔහු හොද කල්‍යාණ මිත්‍රයෙක් ඇහුව මොකෝ කලබලෙන් කියලා. මම කිව්වා රස්සාවෙන් අස්වුණා කියලා. මේ කාලේ රස්සාව දාලා යන්න එපා. ජීවිතේ අතහරිනවා වගේ වැඩක් මේක කරන්න එපා කියලා ඔහු කිව්වා. මිත්‍රයා කිව්වා මම ඔයාට අභියෝගයක් දෙනවා ඒක කැමති නම් භාර ගන්න කියලා. සක්‍රීය නොවන ඇකඩමියක් පෙන්නුවා. ඕන දෙයක් කරන්න කිව්වා. ලංකාවේ මෙතෙක් නොවූ චිත්රපන්තියක් කරනවා කිව්වා. මම ඒක පටන් ගත්තා සිලබස් එකට නතු නොවූ පන්ති කාමර යෙන් එළියට බැස්ස .අනාගත ශිල්පියෙක් නෙවෙයි මනුෂ්‍යයින් බිහිකරන දැනීම දියුණු කරන වැඩපිළිවලක් හැදුවා. සමහර අවස්ථාවල වාද විවාද කරල දරුවො අරන් ගිය අය දෙමවිපියෝ හිටියා. ඒත් විශාල ප්‍රමාණයක් දෙමාපියෝ මාත් එක්ක එකතු වුණා.
ඒ පන්තිය කරගෙන යද්දී ආයතන ගොඩනැගිල්ලේ බදු දීම පිළිබද ප්‍රශ්නයක් උඩ ආයතනය වහන්න අවශ්‍ය වුණා. දෙමව්පියෝ කිව්ව පන්තිය අවශ්‍යමයි කියලා. ඒ වෙනුවෙන් අපේ ගෙදර මූලිකම කොටස පරිත්‍යාග කලා. එතන තමයි මේ පන්තිය තියෙන්නේ. මේ වැඩේදී විතරක් නෙවෙයි මේ සමාජයේ වෙන්න ඕන ඒකයි. අපි ඒකට පාලම හදල දෙනවා. දුර පලාත් වල අහනවා. එවුන්ට මේ පන්තිය නැතිද කියලා. තවත් අය අහනවා සල්ලි වලට කරන්නෙ ඇයි කියලා මේ ප්රශ්නය මගෙන් අහපු එක්තරා දේශපාලඥයෙකුගෙන් මම ඇහුවා ඔයා ඔයාගේ කාලය තුළ විකල්පය ලෙස මොනවද කරල තියෙන්නෙ කියලා. මොකුත්ම නෑ. මම මිලක් අරන් ළමයින්ට පහසුකම් දීල මේක කරන් යනවා. ඒ මුදල් ටික විතරයි අපිට ලැබෙන්නේ. ෆන්ඩ් එකක් දෙනව නම් කරන් යන්න පුළුවන්. ඒකත් නෑ. බනිනව විතරයි.
ළමයින්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක්
ළමයින්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක් කරන්න මම කැමැත්තෙන් ඉන්නවා. එත් අපිට සල්ලි නැහැ එන්ජීඕ ආධාර නැහැ. මේකට මුලාරම්භයක් විදියට අපි පටන් ගත්තා ස්ටාර් කැප් කියලා රජය පිළි ගත් ලාභ උපයන්නෙ නැති චැරිටි ඕගනයිසේෂන් එකක්. පන්සල් වල ටයිල් කඩල ග්‍රැනයිට් කරන කට්ටියට මම කියනවා පුළුවන්නම් ඒ මුදල මේ ළමයින්ට දෙන්න කියලා. ඒක ලොකු පිනක්. දුප්පත් ගම් වලට ගිහිලල වර්ක්ෂොප් තියෙනවා සමහර අයගේ උදව්වෙන්. ළමුන් වෙනුවෙන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න තියෙන ආයතන ඒවා නොසලකා හරින්නේ ඇයි කියන එක ප්‍රශ්නයක්. ඒවට බැන වැඩක් නෑ. අපිට පුළුවන් දේ කළාම හරි. මම දැනට ළමා කලාගාරය ස්ථාපනය කරල තියෙනවා. ඕනම ළමයෙකුට දෙමාපියකුට මේක බලන්න ඕන වෙලාවක කතා කරන්න පුළුවන්. දෛවය මට දුන්න දේ මම සමාජයට දීළා ඒක පිනක් කියලා මම සතුටු වෙනවා.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ශාන්ත කේ හේරත් චිත්‍ර පංතිය
1330 - 10 වෙනි මාවත ,
බෝගහවත්ත .
පන්නිපිටිය
සාකච්ඡාව- තුෂාරා විතාරණ