ඡායාරූප ශිල්පී සන්දේශ් බණ්ඩාර මිරර් ආට් සමඟ කතා බහකට එක් වුණා.
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පත්තිනි, යශෝදරා සහ උදාර අබේසුන්දරගේ සෙවනැලි යන සිනමාපටවල නිල ඡායාරූප ශිල්පියකු වශයෙන් කටයුතු කළ සන්දේශ්, වත්මන් ඡායාරූප ශිල්පියා යනු කවරෙක් ද යනුවෙන් අප විසින් ඉදිරිපත් කළ ගැටලුවට මෙසේ පිළිතුරු සැපයුවා.
“ගොඩ දෙනෙක් හිතන් ඉන්නේ කැමරාවක් තියෙනවනම් තමන් ඡායාරූප ශිල්පියෙක් කියලා. මම හිතන විදියට ඡායාරූප ශිල්පියෙක් වුණාම නියමිත විදියට ඒ දේවල් හදාරලම මදි. ස්වයං අධ්‍යනයක් කරලා තමන්ගේම අනන්‍යතාවයක් හදා ගැනීමට අවශ්‍යයි,”
වැඩි විස්තර සඳහා වීඩියෝව නරඹන්න