මනීෂා හුඟක් සතුටින් වගේ?
ඔව්. මම සතුටින් ඉන්නේ.
සතුටට හේතුව ජනප්‍රිය නිළියක් වීමද?
මම කවදාවත් ජනප්‍රියත්වය පස්සේ ගියේ නෑ. ඒත් මම කරපු නිර්මාණයකින් මගේ පේ්රක්ෂකයෝ සතුටු වෙනවා නම් ඒ ගැන ප්‍රතිචාර දක්වනවා නම් මමත් ඒ ගැන සතුටු වෙනවා.
සුමති සම්මාන උළෙලේ ජනප්‍රියම නිළි ලැයිස්තුවෙත් ඔබේ නම තියනවා?
ඒ ගැන සතුටුයි. පළමු වතාවටයි සුමති සම්මාන උළෙලේ ජනප්‍රිය ලැයිස්තුවට මාව වැටුණේ.
සම්මානය ගැන බලාපොරොත්තුවකුත් ඇති?
නෑ කිව්වොත් ඒක බොරුවක්නේ. පේ්රක්ෂකයෝ ලබා දෙන දෙයක් සතුටින් බාර ගන්නවා.
මනීෂා තවත් හීනයක් හැබෑ කර ගත්තා කියලා ආරංචියි?
ඔව්. හුඟාක් කල් ඉඳන් දැකපු හීනයක් හැබෑ කරගත්තා. මගේම ගීතයක් ගයන්න මම
ආසාවෙන් හිටියේ. ඒ හීනය තමයි හැබෑ වුණේ.
හැබැයි මනීෂා විතරක් නෙමෙයි ඒ හීනය දැක්කේ. අම්මත් ඒ හීනයේ පංගුකාරියක් නේද?
මට ඒ හීනය දකින්න අම්මා උදව් කළා. ඇය තමයි ගීතයේ පද රචනා කළේ. සංගීතය ශාන්ත ජයලත් තිසේරා සර්ගේ.
කවදාද ඔය ගීතය ඔබේ රසිකයන්ට අහන්න ලැබෙන්නේ?
ළඟදීම අහන්න පුළුවන්. වැඩ ඉවරයි රිලීස් කරන්න විතරයි තියෙන්නේ.
රූප රචනාවක් කළාද?
නෑ. ඇත්තටම තාම ඒ ගැන අදහසක් නෑ. සමහර විට නොකරන්නත් ඉඩ තියනවා.
රූප රචනා නැතුව ගීතය ජනප්‍රිය කරගන්න පුළුවන් වෙයිද?
ඉස්සර ගීතවලට රූප රචනා තිබුණෙ නෑ. ඒත් හොඳ දෙයක් නම් ජනප්‍රිය නොවී තිබුණෙත් නෑනේ.
මනීෂා ගායිකාවක් වුණත් හුඟ දෙනෙක් අඳුනන්නේ නිළියක් විදියට?
ඒක ඇත්ත. ලිට්ල් ස්ටාර් වලින් මගේ ගායන හැකියාව අඳුන ගත්තට අවුරුදු දහයක් යනකම් මම මගේ නිර්මාණයක් කළේ නෑ. ගීතයක් එළි දක්වන්න කලින් මම නිළියක් වුණා. ඒක වැරැද්දක් නම් ඒ වැරදිකාරයා මමම තමයි. මම හිටියේ අධ්‍යාපන කටයුතු ඉවර කරලා නිවී සැනසිල්ලේ ගීතයක් එළි දක්වන්න. ඊට කලින් නිළියක් වුණානේ.
දිගටම රංගන කටයුතුවලට සහභාගි වෙනවාද?
එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.
නොවෙන්නේ කාගෙ හරි බලපෑමක් තිබුණොත් ද?
නෑ.. නෑ.. මට කාගේවත් බලපෑමක් නෑ.
එහෙනම්?
ප්‍රතිචාර හොඳ නම්නේ ඉදිරියටම යන්න පුළුවන්. දැනට ප්‍රතිචාර හොඳයි. ඒත්
ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නෑනේ.
මනීෂා රැකියාවක් කරන්න අදහසක් නැද්ද?
මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න ආසයි.
දිලූම් තෙරුණිගේ අප්රකාශිත ආදරය ප්‍රකාශ කරන්නේ කවදද?
එහෙම වෙන එකක් නෑ නේද? එයාලා හොඳ යාළුවොනේ.
ඔය යාළුකම් තමයි දුර දිග යන්නේ?
තෙරුණි එච්චර මෝඩ නෑ. එයා බුද්ධිමත්.
ආදරය කියන්නේ මෝඩ කමක්ද?
නෑ.. නෑ... මම කිව්වෙ තෙරුණි ගැන.
තෙරුණි තරමටම මනීෂත් බුද්ධිමත් ඇතිනේ?
ඔව්.
මනීෂා බුද්ධිමත්ව තෝර ගත්ත ආදරයක් ගැන රසිකයන්ට කියන්නේ කවදාද?
ඇයි ඔය තරම් හදිස්සි. හෙමින් වෙලාව කලාව ආවම ඒ ගැන කතා කරමු නේද?
හිමේෂා සවන්තී රාජපක්ෂ