ඉස්කෝලෙ යන කාලේ අපේ වීරයෝ වුණේ, පරමාදර්ශී චරිත වුණේ ගුරුවරු. පාසලේ සිටින ගුරුමඩුල්ල අතරින් ළමයින්ගේ විශේෂ අවධානය දිනා ගත්තු ගුරුවරුත් හිටිය. ඒ අයගේ ඉගැන්වීමේ දක්ෂතාවය වගේම පෞද්ගලික ප්රතිරූප හා ඔවුන් සමග පවතින ගුරු සිසු සම්න්බන්ධයත් ඊට බලපෑවා.
මේ දවස්වල විකාශය වන “දෙවැනි ඉනිම ටෙලිනාට්‍යයේ” “සොනාලි ටීචරුත්” රටේම ආදරය දිනාගත්තු චරිතයක්. මේ සතියේ “රිද්ම” කවරය සරසන්නේ “සොනාලි ටීචර්” විදියට පුංචි තිරයෙන් අපට හමුවන හිමායා බණඩාරයි.
ඉස්කෝලෙ ක්‍රිකට් පුහුණුකරු ලයනල් සඳුන් සහ සොනාලි ටීචර්ගේ සමහර ජවනිකා නාට්‍යයේ ජනප්‍රියත්වයට බලපානවා. ඒත් ඒවා පාසලකට සුදුසුද කියලා ඇතැමුන් ප්‍රශ්න කරනවා. ඔබ ඒ ගැන මොකද කියන්නේ?
මේක නිර්මාණය කරපු චරිතයක් විතරයි. ඉන්දීය සිනමාව ගන්න මේ වගේ අභව්‍ය සිදුවීම් කොයි තරම් තිබෙනවාද? දෙවැනි ඉනිම ටෙලිනාට්‍යයේ මගේ චරිතය නමෛයි වැරදි කරන්නේ. ඒ චරිතය පරමාදර්ශී චරිතයක්. ඒ හින්දා මට කවුරුත් දොස් කියන්නේ නැහැ.
ඔබ ඔය කියන විදියට සොනාලි ටීචර් පරමාදර්ශී චරිතයක් හින්දා පෞද්ගලික ජීවිතයත් දැන් ඔබට වෙනස් කරගන්න සිදුවෙලාලු නේද?
ඒක නම් ඇත්ත. මට දැන් ඇඳුම් පැළඳුම් ගැන පවා සැලකිලිමත් වෙන්න වෙලා තියෙනවා.
ඒ කියන්නේ පාරේ තොටේ යද්දී ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර ඉහළින්ම ලැබෙනවා කියන එක නේද?
ප්‍රතිචාර නම් ඉහළයි. ටෙලි නාට්‍යයක චරිතයක් තමන්ගේ බවට පත් කර ගන්න මිනිස්සු ඒ චරිතය රඟපාන නළු නිළියන්ගෙනුත් ඒ චරිතය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ප්‍රතිචාර ඉවසාගන්න සිදුවනවා.
ඔබ සාමාන්‍ය ජීවිතයේදී මොන වගේ චරිතයක්ද?
මම සාමානය ජීවිතයේදී දඟකාර සැහැල්ලු චරිතයක්. සොනාලි ටීචර්ට වඩා ගොඩක් වෙනස්.
ඔබ ගැන ඔබේ ආදරණීය ප්‍රේක්ෂකයෝ නොදන්නා වෙන යමක් තිබෙනවාද?
මගේ අම්මා අංශභාග රෝගියෙක්. පියා ජීවතුන් අතර නැහැ.
ඒ ප්‍රශ්න මැද තමයි මම රඟපෑම කරගෙන ඉන්නේ.
ආදරවන්තියක් බව ආරංචියි?
ඔව්. මම ආදරය විඳිනවා. වැඩි විස්තර ඉදිරියේදී කියන්නම්.
ආරියවංශ කුලතිලක
ඡායාරූපය - මංජුල පෙරේරා