සාහිත්‍යකරුවෙකු සහ නාට්‍යවේදියෙකු වන පියල් කාරියවසම් ඔහුගේ නවතම කෙටිකතා සංග්‍රහය වන ‘කුරිරු සුරංගනා කතාවක්’ මේ වන විට මුද්‍රණය කර තිබෙනවා.
නූතන කෙටිකතා භාවිතාව සහ ඔහුගේ නවතම ලියැවිල්ල පිළිබඳව පැවැත්වූ සාකච්ඡාවකි මේ.
කෙටි කතාවේ ආරම්භය පිළිබඳව කතා කළොත්..
යුරෝපයේ සහ ඇමරිකාවේ පුවත්පත් කලාවේ සහ සඟරාවල වර්ධනයත් සමග කෙටි කතා කලාව වර්ධනය වෙන්න පටන්ගත්තා. ඇමරිකාවේදී යුරෝපයටත් වැඩිය විශාල ජනගහනයක් සහ මහනගර බිහිවෙනවා. විශාල වශයෙන් පුවත්පත් සහ සඟරා මුද්‍රණය කරන්න පටන්ගත්තාට පස්සෙ එඞ්ගා ඇලන් පෝ, වොෂින්ටන් අර්වින් වගේ අය අතින් හුඟක් ජනප්‍රිය තලයට කෙටිකතාව පත්වෙනවා. ඊටත් පෙර ඔස්කා වයිල්ඞ් වගේ අය කෙටිකතා නොවුණත් මුල්කාලීනව සුංරගනා කතාවල ආකෘතිය අරගෙන ලියූ අලූත් කතන්දර තිබුණා. ඊටත් පෙර 1800 ගණන්වල යුරෝපයේ මාරි ෂෙලී, ‘ෆ්‍රැන්කස්ටයින්’ කියන සුප්‍රකට කතාව ලිව්වා. මේ ආකාරයට කෙටිකතාවෙ මුල් බීජ වර්ධනය වුණා.
අපිට සහ ඉන්දියාවට නම් නූතන කෙටිකතාවේ ආභාසය එන්නේ නිදහස ලබාගෙනත් සෑහෙන කාලසීමාවකට පසුවයි. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවේදී උපමා කතාවෙන්, උපදේශාත්මක කතාවෙන්, ආදර්ශය පළකරන කතාවෙන් මිදුණු කෙටිකතාව වර්ධනය වෙන්නේ මාර්ටින් වික්‍රමසිංහ සහ ජී.බී සේනානායක කතාකරුවන් අතින්. එක් පැත්තකින් මාර්ටින් වික්‍රමසිංහ වගේ විචාරකයෙක් සහ කතාකරුවෙක් ඔහුගේ ‘වහල්ලූ’ කෙටිකතා සංග්රහයෙදී සෑහෙන්න කෙටිකතාවේ සහ ජාතක කතාවේ ලක්ෂණ සමාන කරන්න උත්සාහ කරනවා. නමුත් මම නම් විශ්වාස කරන්නේ ජාතක කතාවල ආකාරයයි, අරමුණුයි විශාල වශයෙන් යුරෝපය සහ ඇමරිකාවෙන් පැමිණි නූතන කෙටිකතාවෙන් වෙනස් වෙන බවයි.
අනිත් පැත්තෙන්, මුල් කාලයේ සිටම කෙටිකතාව නවකතාවට වඩා වෙනස් අංගයක් බවට පත්වෙනවා. නවකතාවට වඩා කෙටිකතාව තේමාත්මකව විවිධ අංශ ස්පර්ශ කරනවා. ලෝකය සංකීර්ණය වෙද්දී බොහොම සියුම් දේවල් ගවේෂණය කරන්න නවකතාවට වඩා කෙටිකතාවට ඉඩක් තිබුණා. උදාහරණයක් විදිහට ලෝකයේ විශිෂ්ට නවකතාවක් වන ‘අපරාධය හා දඬුවම’ ලියන්න දොස්තයෙව්ස්කිට, එඞ්ගා ඇල්න් පෝගේ ‘ගතු කියූ හදවත’ කෙටි කතාව බලපාලා තියෙනවා.
අද මනෝවිශ්ලේෂණය, ව්‍යුහවාදය වගේ දේවල් ඇතුළත එඞ්ගා ඇලන් පෝ සාකච්ඡුාවට බඳුන් වෙනවා. නමුත් ඒ කතා ලියැවෙන්නේ 1700 ගණන්වල අගභාගයේදී. ඉන්දියාවේ පේ්රමචාන්ද්, තාගෝර් වගේ අය අතරත් කෙටිකතාව වැඩෙනවා. අනිත් පැත්තෙන් ජපානය වගේ රටවල හිරෝෂිමා, නාගසාකි වගේ මහා විනාශයන්ට පෙර මූලිකව ඉංග්‍රීසි සාහිත්‍යයෙන් ආභාසය ලබාගන්නවා. නමුත් පසුකාලීනව පේන්න තිබෙන ලක්ෂණයක් තමයි ඔසොමු දසායි (Osamu Dazai)”, තනිෂකි ජුනිඉචිරෝ (Tanizaki Jun’ichiro)වගේ අය ඉංගී්රසි සාහිත්‍යයට වැඩිය ප්‍රංශ සාහිත්‍යයෙන් ආභාසය ලබා ගන්න බව.
ඒකීය ධාරණාවක් සහිත වස්තු විෂයක් තිබෙන, වස්තු විෂය තුළ අනන්‍යතාවක් පෙන්නලා සංකීර්ණත්වයක් ගෙනල්ලා ඒ සංකීර්ණත්වය විසඳලා ජීවිතාවබෝධය ලබාදීම වැනි අදහස් තමයි ලංකාව වගේ රටවලට කෙටිකතාව සම්බන්ධයෙන් මුල්කාලීනව තිබුණේ. නමුත් එම අදහස් මේ වෙන කොට සෑහෙන වෙනස් වෙලා තිබෙනවා. ජන සමාජය සහ සමාජ කොටස් අතර මිනිස් සම්බන්ධතා සහ දේශපාලනික පරිසරය බොහොම සංකීර්ණ තත්ත්වයට පත්වීම නිසා මෙම වෙනස සිදුවෙලා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ වර්තමාන කෙටිකතා භාවිතාව පිළිබඳව ඔබේ අදහස මොකක්ද?
ශ්‍රී ලංකාවේ කෙටිකතාව නවකතාවට වඩා හුඟක් දියුණුයි කියලායි මගේ අදහස. එහෙම දියුණු වෙන්න එක හේතුවක් ලෙස ඒ සඳහා තිබෙන ඉඩකඩ හඳුන්වා දෙන්න පුළුවන්. අපි සමහර වෙලාවට දන්නෙ නැති, විශාල කීර්තියක් නොමැති තරුණ පරම්පරාවක් වාර සඟරාවලට සහ පුවත්පත්වලට කෙටිකතා ලියනවා. ඉතින් ඒ නිසා හුඟක් දියුණු තත්ත්වයක තමයි කෙටිකතාව තියෙන්නේ. නිශ්ශංක විජේමාන්න, තරංගා රණසිංහ වගේම එරික් ඉලෙයප්ආරච්චි, ලියනගේ අමරකීර්ති වගේ අය අතින් කෙටිකතාව සෑහෙන දියුණු තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.
‘කුරිරු සුරංගනා කතාවක්’ කෙටිකතා සංග්‍රහයේ ප්‍රවේශය ඔබගේ අනිත් කෙටිකතා සංග්රහයන්ගෙන් වෙනස්වෙන්නේ කොහොමද?
මගෙ අනිත් කෙටිකතා සංග්‍රහවල වගේම මා ගතකරන සමාජ ව්‍යුහය තුළ අරගල කළ යුතුයි කියන තේමාවන් සමග මම වැඩකළා. මෙම කෙටිකතා සංග්‍රහයේදී මම අනිත් කෙටිකතා සංග්‍රහවලදී වගේම භාෂා භාවිතය සම්බන්ධයෙන් බොහෝ අධ්‍යයනය කළා. අපි තිස්වසරක යුද්ධයකට මුහුණ දීලා තිබෙනවා, අපේ මිනිස් ස්වභාවයන් වෙනස් වෙලා තිබෙනවා. ඒ වගේම යුද්ධයත් සමග මිනිසා දේශපාලනිකකරණය වුණු සතෙක් බවට පත්වෙලා තිබෙනවා. නැත්නම් බොහොම ඒකමානීය ගමන් මාර්ගයක් තිබුණේ. අද එය සංකීර්ණත්වයට පත්වෙලා තිබෙනවා. මෙම වෙනස පිළිබඳව අවධානයෙන් සිටිමින් යම්කිසි කතාවක් ගොඩනැගීමට මම උත්සාහ කළා.
තමන් ජීවත්වෙන සමාජයේ කොන්දේසිවලට අභියෝග කරන්නේ නැති කලාවෙන් එතරම් වැඩක් නැහැ කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම පවතින භාවිතාවන් සමග ගමන් කිරීමට නම් සමාජයේ තිබෙන තත්ත්වයන් සහ කොන්දේසි සමග සම්බන්ධ වීමේ හැකියාවත් අපිට තිබිය යුතුයි. හුදෙක් කතන්දර ලියනවාට වඩා අපි තවත් දේශපාලනයක් කතන්දරයත් සමග කරනවා. නමුත් ඒක අතිප්‍රකට දේශපාලනය වගේ නෙමෙයි. ඒක ඉතාමත් සියුම් දේශපාලනයක්. එය අසාර්ථක වෙන අවස්ථා ඇති. නමුත් එයට මම උත්සාහ කරනවා.
මෙම කෙටිකතා සංග්‍රහය රචනා කිරීමේදී සමාජ අත්දැකීම්වලට වෙනස්ව ඔබට බලපෑ න්‍යායාත්මක පෝෂණයක් තිබෙනවාද?
සමාජ අත්දැකීම් තරමටම න්‍යායාත්මක පෝෂණයත් ලේඛකයෙකුට අතවශ්‍යයි. කතාකරුවාගේ දෘෂ්ටිවාදය කතාවෙන් පේනවා. න්‍යායිකව වගේම ලෝකයේ අපිට සමගාමී කතාකරුවෝ තම තමන්ගේ සමාජ පරිසර ගැටලූවලට අභියෝග කරන්නේ කොහොමද කියන දේ ඉතාම සූක්ෂ්මව අප හැදෑරිය යුතුයි. ඉතින් මම හැකිතාක් දුරට දේවල් එකතු කරනවා. සමහර වෙලාවට කලාත්මකයැ’යි පැවසිය හැකි සාහිත්‍යයක් එහිදී එකතු නොවන්න පුළුවන්. උදාහරණයක් විදිහට විද්‍යා ප්‍රබන්ධ, මානව විද්‍යා ලිපි ලේඛන, දේශපාලන ලිපි ලේඛන, නඩු වාර්තා, පොලිස් වාර්තා, මිනීමැරුම් සහ මංකොල්ල පිළිබඳව දේශීයව මෙන්ම විදේශීයව පළවෙන පුවත් මම හදාරනවා. ඒ හැදෑරීම කතා ලියන ආකාරය පෝෂණය කිරීමට අතිශයින්ම වැදගත් වෙනවා. මෙය තනි කාර්යයක් නෙමෙයි. ලිවීම කියන්නේ සංකීර්ණ ක්‍රියාවලියක්. ‘මට දැනුණ දේ, මට ඒක කියන්න ඕනෑ වුණා’ වගේ දේවල් සමහර අය කියනවා. ලිවීම කියන දේ ඉන් එහා ගිය ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. උදාහරණයක් විදියට බිඳුණුවැව සිදුවීම, මාතලේ ඇටකටු පිළිබඳ සිදුවීම, එහෙමත් නැත්නම් එකම ගසක පෙම්වතුන් එල්ලිලා මියයෑම වැනි සිදුවීම් තුළින් අපි කොහොමද සමාජයේ හරස්කඩක් පෙන්වන්නේ කියන දේ කතාකරුවාට මග හරින්න බැහැ. නමුත් එහෙම කියලා කතාකරුවාට මේ සිදුවීම් වාර්තා කරන්නත් බැහැ. ඉතින් පුවත්පත් වාර්තාවෙනුත්, සාමාන්‍ය මිනිසාට පෙනෙන දෙයිනුත් වෙනස් තැනකට කතාව තල්ලූ කිරීමට කතාකරුවාට නිශ්චිත සෞන්දර්ය විද්‍යාවක් සොයාගැනීමට අවශ්‍ය වෙනවා. සාම්ප්‍රදායික තර්කයෙන් ඔබ්බට කතාව ගෙනියන එක තමයි කතාකරුවා කළයුතු අභියෝගය. ඉතින් මෙන්න මේ තුන්වෙනි මානය විවෘත කරන්න සෑහෙන සංකීර්ණ ක්‍රියාවලියක නියැලීමට සිදුවෙනවා. ඉතින් ඒ සඳහා විවිධ විෂයන්ගෙන් පෝෂණය වීම අත්‍යවශ්‍යයි.
‘කුරිරු සුරංගනා කතාවක්’ කියන නම..
සුරංගනා කතාවල ව්‍යුහයක් තිබෙනවා. එම ව්‍යුහයේ තර්කය වෙනස්. නමුත් අද අපි ජීවත්වෙන සංකීර්ණ සමාජයේ සිදුවන සම්බන්ධකම් සහ සිද්ධිවල තර්කය සමහර වෙලාවට සුරංගනා කතාවල වගේ. අද අත්අඩංගුවට ගන්න කෙනා හෙට ඇමති මණ්ඩලයේ ඉන්නවා. නීතිය කියන තර්කය අනුව නම් ඒක අභව්‍යයි. ඒ කියන උත්ප්රාසය මතුකරන්න තමයි මම මේ නම පාවිච්චි කළේ.
මෙම කෙටිකතා සංග්‍රහය තුළදීත් 88-89 වකවානුව ඔබට මගහැරීමට නොහැකි වී තිබෙනවා.
මම හිතන්නේ එම ක්ෂතිමය අත්දැකීම අපිට ජීවිත කාලෙම අමතක කරන්න බැරි වෙයි. තවමත් දෙවන ලෝක යුද්ධය පිළිබඳව නිර්මාණ බිහිවෙනවා. මොකද ඒ කම්පනය ගලවන්න බැහැ. අපේ ළමාවිය යම්තම් පසුකරමින් සිටින විට දැනුණ කම්පනයෙන් ගැලවෙන්න ටිකක් ආමරුයි. අනිත් එක තමයි ඒ කම්පනය ඒ විදියටම දැනුණ අපිට සමකාලීන අනිත් චරිතවල විකාශනය සහ ඒ අයගේ ගමන් මාර්ගවල තිබෙන විවිධත්වය නිසා මට ඒ පරණ මූලාරම්භය මතක් වෙනවා. ඇත්තටම ඉතිහාසය විසින් සහ දැඩි ව්‍යුහයන් විසින් අමතක කරන්න හදන දේවල් නැවත මතක් කරන්න තමයි කතාකාරයො උත්සාහ කළ යුත්තේ. ඒක හරියට මානව විද්‍යාව වගේම තමයි. මේ චරිතවල පසුබිම, ආරම්භක ලක්ෂ්‍යයන් සාමාන්‍ය මිනිසාට නිතරම අමතක වෙනවා. සාමාන්‍ය මිනිසා අදහන්නේ ජනප්‍රිය සත්‍යය. අම්මා දරුවාට ආදරෙයි කියලා අදහසක් තියෙනවා. නමුත් අම්මා කෙනෙක් කළුතර ගෙඟන් ළමයෙක්ව දානවා. එතකොට මේ අම්මා ආදරේ නැද්ද? ඒක සංකීර්ණ තත්ත්වයක්. අම්මා දරුවාට ආදරෙයි කියන ජනප්‍රිය අදහසට මේ අම්මා හසුවෙන්නේ නැහැ. කතාකරුවා විසින් මේ අම්මාට දරුවාට ආදරේ කිරීමට නොහැකිවුණ කොන්දේසි ගවේෂණය කරනවා.
කෙටිකතාකරුවෙක් විදියට ඔබ මුහුණදීමට නියමිත අභියෝග මොනවාද?
සමාජය තුළ ඉතාම උත්තරාපිත වුණ ජාතිවාදී අදහස් පෙනෙන්න තිබෙනවා, අනික් පැත්තෙන් වැඩවසම් ආකල්ප දකින්න ලැබෙනවා. මෙම ආකල්ප මෙසේ තිබියදී බහුජාතික සමාගම් සෑහෙන ප්‍රමාණයක් ක්‍රියාකාරී වෙනවා. සූරාකෑමේ මුහුණුවර වෙනස් වෙලා තිබෙනවා. 0, 70 දශකයේ තිබුණ වචන කෝෂයක් තරුණ පරම්පරාවට හෝ ඊළඟ කොටස්වලට මේ සූරාකෑම සහ වැඩවසම් ආකල්ප විස්තර කරන්න ප්‍රමාණවත් නැතිවෙනවා. එම නිසා ඉදිරි පරම්පරාවට අපි ජයගත යුතු අර්බුද මොනවාද කියන එක මතු කිරීමට හැකි ආකාරයේ භාෂාවක් අවශ්‍යයි. මේ සමග වැඩකරද්දි කොයිතරම් සූක්ෂ්ම වෙන්න ඕනෑද, කොයිතරම් කැපවීමක් කරන්න ඕනෑද, කියන අභියෝගය මටත් තිබෙනවා. තවදුරටත් රසාස්වාදය වෙනුවෙන්, ජීවිත අවබෝධය සඳහා නෙමෙයි කලාව තියෙන්නෙ කියලා මම විශ්වාස කරනවා. මම හිතන්නේ කලා භාවිතාවම නැවත නැවතත් ජීවිතය සකස් කරගැනීම සඳහා භාවිත කරන්න පුළුවන් එක්තරා විධි ක්‍රමයක්. ඉතින් දැන් අපිට ජීවිත අවබෝධය නෙමෙයි, ජීවිතය සොයාගන්න සිදුවෙලා තිබෙනවා. කතාකරුවා මුහුණ දෙන අරගලය එයයි.
චමිල ප්‍රියංක