නිරුපන ශිල්පිනි ධනුකි බණ්ඩාර ක්ෂත්රයේ සිටින හැකියාවෙන් සහ දක්ෂතාවයෙන් පිරිපුන් නිහතමානී සුරුපිනියක්. ඇය මේ වන විට ව්‍යාපාර ලෝකයටත් ඇතුළු වී හමාරයි . නිරූපන ක්ෂත්රයත් ව්‍යාපාර කටයුතුත් සමග කාර්යබහුල වි තිබෙන ධනුකිගේ අලුත් විස්තර ටිකක් අහන්න මිරර් ආර්ට්ස් ඇය සොයා ගියා. පහතින් පලවන්නේ ඇය අප සමග කළ කතා බහෙන් කොටසක්.
නිරූපන ක්ෂත්රය වැළද ගැනිමට විශේෂ හේතුවක් තියෙනවද?
මම පොඩි කලේ ඉදලම එක එක විලාසිතා කරන්න ගොඩක් ආසයි. මම ඉල්ලන හැම මොස්තරෙටම මට ඇඳුම් තිබුනා.ලස්සනට අදින්න,makeup කරන්න,hairstyle කරන්න,photos ගන්න චුටි කාලෙ ඉදන් ආසයි. නංගී මායී දෙන්නා තමයී මේ පිස්සු වැඩ සෙරම කලේ. ඉතින් ඔය පුරුද්ද තමයි මට ලොකු වෙද්දීත් එන්න ඇත්තෙ.පුංචි කාලේ ආසම makeup තමයි දැන්නම් ආසම නැතිදේ..
ඔබ ඉතා සුන්දර ස්ත්‍රියක්, විවාහ යෝජනා එහෙම ගොඩක් ඇති නේද.?
විවාහ යෝජනා නම් ගොඩයි( සිනාසෙයි) ආදරය වගේ නෙවේනේ විවාහය ගොඩක් හිතල ගන්න ඕන තීරණයක්. මොකද හදිසි වෙලා marry කලාට පස්සේ ගලපගන්න බැරි නොගැලපීම් තිබුනොත් වෙන්නේ උසාවි ගානේ ගිහින් ලැජ්ජා වෙන්න.එවාට මම කැමති නෑ.ඒක නිසා මගේ විවාහය හොදින් හිතාමතා සැලසුම් කරන්න ඕනී.තවම ලොකු හදිස්සියක් නැහ..වයස තියෙනවනේ.
විවාහයේදී බලාපොරොත්තු වෙන්නේ මොනවද.?
ඇත්තටම මම මිල මුදල් වත් පොහොසත්කම් හොයන්නේ නැහැ.මොකද එවා මට තියෙනවා.මම හදාගත්ත දේවල් වගෙම මගෙ පරම්පරවෙන් මට ලැබිල තියෙන දෙවල් තියෙනවා.වත් පොහොසත්ක්ම්,ලස්සන,ප්‍රසිද්ධිය,ජනප්‍රියත්වය වගේ දේවල් මම බලාපොරොත්තු නැහැ.මූලික දේ විස්වාසය ,අවබෝධය,ආදරය,රැකවරනය ,යහපත් ගතිගුණ,චරිතවත් බවයි.
ආදරය ගැන මොකද හිතන්නේ.?
'ආදරය සුන්දර වරදකි..කිසිදා සමාවක් නම් නැතී කියලයි,, මට හිතෙන්නේ. සමහර අය ආදරේ කරන්නේ ආදරය කරන කෙනාගෙන් තමන්ට මොකක් හෝ වාසියක් තියෙනවනම් විතරයී.. එත් මම හිතන්නේ ඒ ආදරය නෙවෙයි.අවස්තාවාදිකමයී.. ආදරය කියන්නේ අපේ හිතේ තියන සියුම් හැගීම් දැනීම් ස්පර්ශ කර ගැනිම වගේ දෙයක් කියලයි මට දැනෙන්නේ. ඒ හැගීම් දැනෙන්නේ විශ්වාසයත් එක්ක.
ආදරයට සීමාවක් ඕනද.?
ඒක නම් මම පිලි ගන්නේ නැහැ. වයස, කළු සුදු, උස මහත මේවා ආදරයට ඕන දේවල් නෙවේ. කොටින්ම ආදරයට බාහිර කිසිම දෙයක් වැඩක් නැහැ. අපේ රටේම ඕන තරම් උදාහරණ තියනවා.සමහර ගැහැනු අය ප්‍රසිද්ධ චරිත සමග විවාහ වෙනවා තමන්ගේ එක එක අරමුනු ඔවුන්ගෙන් ඉශ්ට කරගන්න.එක ආදරේ නෙවෙයි. යුද්දයෙන් අබාදිත රණවිරුවෝ කි දෙනෙක් සමග කිසිදු අඩුපාඩුවක් නැති අය විවාහ වෙලා ඉන්නවද. ඒක පුදුමාකාර ආදරයක් නැත්තන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.. මට හිතෙන්නේ ආදරය කියන්නේ හරිම පිවිතුරු දෙයක්. මේ හැම කලාවකම තියෙන්නේ අපේ හැගීම් වල තියන ආදරය කියලයි මට දැනෙන්නේ.
ආදරයට ලිංගිකත්වය ඕනද.?
ඉස්සර කාලේ තිබුනෙ ආදරයත් එක්ක එන ලිංගිකත්වය ..දැන් තියෙන්නේ තමන්ගේ ලිංගික අවශ්‍යතාවයන් සපුරා ගන්න උවමනාව මූලික වීම උඩ වචනයට පමනක් සීමා වෙච්චි ආදර කතා..අවංක සබදතා නැතුව නෙවෙයි.නමුත් බහුල වචනයට සීමාවූන ආදර සම්බන්ධතා .. තරුණ ආදරයකටනම් ඒ දෙකම ඕන වෙනවා.
ලිංගිකත්වය ආදරේ කොටසක් නම් ඔබ ආදරේ කරණ පෙම්වතා විවවාහයට පෙර ලිවින්ටුගෙදර් වගේ දෙයක් යෝජනා කලොත් බාර ගන්නවද.?
(සිනාසෙයි) ඒක ඉතින් දැන් කියන්න බැහැ ඒ අවස්ථාව අනුව තමයි හොදම දේ තීරණය කරන්නේ.හදිසි වෙලා විවාහ වෙලා උසාවි ගානේ රස්තියාදු වෙනවට වඩා අර විදියට ආශ්‍රය කරල නොගැලපෙනවනවනම් වෙන්වෙන එක හොදයි කියලයි මට තිතෙන්නෙ..
ඔබට පාසල් ප්‍රේමයක් තිබුනද.?
ඔව් තිබුනා පාසල් කාලේ. ඒ හැගීම ඇති වුනේ ආකර්ෂණයට, පෙනුමට කියලයි මට දැන් හිතෙන්නෙ. ඒ ආදරේ උපරිම සිමාව තමයි ස්කුල් බස් එකේ කතා කර යන ඒක. කාලයත් එක්ක ඒ සේරම දේවල් නැති උනා..
නිරුවත සහ කලාව අතර සම්බන්දය කොහොමද ඔබ දකින්නේ.?
නිරුවත් කලාව වෙනම දෙයක්. (nude art) ඒක හදාරලා කරන්න ඕනී දෙයක්. නමුත් ලංකාවේ වෙන දෙවල් දැක්කම තෙරෙනවා ඔවුන් නිරුවත ගැනවත්,කලාව ගැනවත් මෙලෝ දෙයක් දන්නෙ නෑ කියල. කනගාටුයි පිටරට කරන nude art වල බලන්න දෙයක් තියෙනවා.ලංකාවේ කරන දෙවල් දැක්කම වමනෙට එනවා.. නිරූපණය කියන්නේ නිරුවත නෙවේ. නිරුපනය තුල, වීඩියෝ තුල නිරුවත පෙන්නන අයට මම දොස් කියන්නෑ.එවත් කවුරු හරි කරන්න ඕනිනේ..ඒ සීමාවේ මම නැහැ මොකද මම නිරූපණය තුළ මගේ කොලිටි එකක් හදාගෙනයි වැඩ කරන්නේ.
ප්‍රවීනයන් කියනවා නවකයන් නිසා නිරූපන ක්ෂත්රය විනාස වෙනවා කියලා.?
එකේ යම් ඇත්තක් තිබෙනවා, මොකද මේ ක්ෂත්රය ඉතාම විශාලයි. ඕනෑම කෙනෙක් ක්ෂත්‍රයට එන්න පුලුවන්.නමුත් හැකියවක් නැතුව පන්දම් වලින් වගේම නිරුවත පෙන්නලා,වැරදී මාර්ග වලින් ආව අය කවදාහෝ දවසක හැකියව නැතී නිසා කැපෙනවා. හැදෑරීම වගේම ක්ෂත්‍රයට ප්‍රමිතියක් තිබීම අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් පිරිහීමට ලක් වෙනවා. ඒ වගේම දක්ශතාවයකින් යුතු නවකයන් ක්ෂත්‍රයට පැමිණිය යුතුයි එහෙම නැත්නම් කලාව පවතින්නේ නැහැ.
ලංකාවේ නිරූපන කලාවේ හෙට දවස කොහොමද.?
ඇත්තම කිවොත් ඉස්සරට වඩා දැන් ගොඩක් ඉදිරියෙන් ඉන්නේ ලංකවේ නිරුපන ශිල්ප ශිප්පිනියන්. ලෝකයේ අනික් රටවල නිරුපිකාවන් සමග කරට කර තරග කර ජයග්‍රහණය කිරීමේ දක්ෂතා වලින් පිරි නිරුපිකාවන් අපට ඉන්නවා. එකට හොදම උදාහරණයක් තමයි “චුලක්ෂි රණතුංග” ඇය ලංකාව නියෝජනය කරමින් මැතකදී නිරුපනයෙන් විශාල කීර්තියක් ලංකාවට රැගෙන අවා.මම ඇයට සුභ පතනවා. ඉතින් ලංකාව තුල නිරුපනයේ අනාගතේ තවත් සාර්ථක වේවි කියල හිතනවා.
සටහන- එස් සඳරුවන්