මොකක්ද මේ මම මලක් නොවෙයි ....
මම මලක් නොවෙයි ... අරුතක් ඇති ගීතයක්. මට කොහෙත්ම අරුතක් නැති දේ කරන පුරුද්දක් නෑ. මේ ගීතයෙන් කියවෙන්නෙ අද සමාජයේ දි ගැහැනු ළමයෙකුට විඳින්නට සිදුවෙන අත්දැකීමක් ගැන. ඒක ඔබටත් මටත් දෙන්නටම පොදු විය හැකියි. මොකද අද සමාජයෙදි ගොඩක් වෙලාවට ගැහැනු ළමයි අසරණ වෙනවා. ඒත් ඒ ගැන කියාගන්න බැරිව ලතවෙනවා. මේක හරිම අසාධාරණයි. ඒකයි මම ඒ ගැන කතා කරන්න හිතුවෙ .
උමාරියා හිතනවද රැල්ලට යන ගීත ක්ලාවෙන් මිදුණු ඔය වගේ ගීතයකින් රසිකත්වය ඔබේ කරගන්න හැකිවෙයි කියලා.?
රසිකයො වැලඳගන්නවද නැද්ද කියන එක එයාල තීරණය කරාවි. නමුත් මම මේ ගීතය කළේ කාන්තාවන් වෙනුවෙන්. මෙතනදි මේ වීඩියෝව කරන්නත් මම ගොඩක් කැප වුණා. ඇත්තටම අද මියුසික් වීඩියෝ වලට ගැහැනු ළමයින් හරිම පහත් විදියට පාවිච්චි කරන යුගයක එහෙම කරන්න මට ඕනෙ වුණේ නැහ . මොකද නිරුවත පෙන්නල අමුතුවෙන් ජනප්‍රිය වෙන්න මට ඕනෙ නැහැ. මටම කියල හැදුන රසිකත්වයක් මට තියෙනවා .
අරුතක් ඇති ගීතයක් කරපු උමාරියා අද පවතින ගීත ගැන මොකද හිතෙන්නෙ ?
අද සමහර ගීත වල කිසිම තේරුමක් නැහැ. වීඩියෝවත් ඒ වගේමයි .මම සංගීතය ජීවිතයම කරගත්තු කෙනෙක් විදියට මට ඒක හොඳින් දැනෙනවා. සංගීතය මගෙ ඇඟේම තියෙනවා. සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක්. මේක විනාශ කරන්න කොහෙත්ම මට අවශ්‍ය නැහැ. ඒ හරහා සමාජයට දිය හැකි හොඳම දේ දායාද කරන්නයි මට ඕනෙ. ඇත්තටම මේ ගීතය මගේම ජීවිත අත්දැකීමක් කියලයි මම හිතෙන්නෙ.
මේ ගීතය ඔබගෙ ජීවිතේට ඒ තරමටම සමීපයිද?
මේ ගීතයේ කතාවට මගේ ජීවන අත්දැකීම් සම්බන්ධයි කියල ඒ පද පේළි දකිද්දි මට හිතෙනවා. දැන් බලන්න එහි එන "මම ලඳක් නොවේ ගලක් වගේ රළු පිරිමින්ට "කියන පද පේළිය දිහා. හැමෝටම වගේ මටත් ජීවිතේ යම් යම් තැන්වල දි තෝරාගැනීම් කරන්නට වුණා. අද ඒ දේවල් තේරුම් යද්දි හැමදේකටම එකතුවෙලා ඉවරයි .
මේ වැඩේදි ඔබ සමඟ එකතුවුණු අය ගැනත් මතක් නොකරම බෑනෙ. ඒ අය කවුද
මේ ගීතය ලියන්නෙ වෛද්‍ය දුමින්ද හඳපාන්ගොඩ. ඔහු ප්‍රවීණයන්ට ගීත රචනා කරන කෙනෙක්.ඔහු මා වෙනුවෙන් ගීතයක් රචනා කිරීම සතුටක්. මෙලඩිය කළේ රොහාන් ෆොන්සේකා. ඔය විදියට මම මලක් නොවේ ගීතය අපි කළා. ඔයාලත් රසවිඳලම ඒක කොහොමද බලන්නකො.
මම මලක් නොවේ...
රොන් රසම ඉල්ලන බඹරුන්ට...
මම විලක් නොවේ...
දිය රකුසන් හට දිය දෙන්ට...
මම සඳක් නොවේ...
කවි ලියාගන්න බැරි කවියන්ට...
මම ලඳක් නොවේ...
ගලක් වගේ රළු පිරිමින්ට...
සඳට හොරා... සඳ දිය ඉල්ලා...
තටු සිඳී බිඳී ගොස් මාරුතයේ...
බඹර හඩට රැවටී ඉකිබිඳ හැඬුවාට...
මම ලඳක් නොවේ...
ගලක් වගේ රළු පිරිමින්ට...
පිපෙනා කුසුමක පෙති තලා දමා....
වල්මත් කරදා ඝන අඳුරේ...
මහතුනි කල පවු පිරුවටයෙන් වැසුවාට...
මම මලක් නොවේ..
මම විලක් නොවේ...
මම සඳක් නොවේ...
මම ලඳක් නොවේ...
ගලක් වගේ රළු පිරිමින්ට...
දිල්