අශාන්.. මේ දවස්වල ආයෙමත් දුෂ්ඨයෙක් වෙලා කියලා තමයි ආරංචිය.
ඔව්නේ... අරුණ ජයවර්ධනයන්ගේ 1970 Love story කියන ලස්සන චිත්‍රපටයක මේ දවස්වල වැඩ කරනවා. ඒකේ මම කරන්නේ තරමක දුෂ්ඨ චරිතයක් නම් තමයි. 70 දශකයේ සිදුවුණු ආදර කතාවක් පාදක කරගෙන තමයි මේ චිත්‍රපටය කරන්නේ. මම ප්‍රධාන නිළියට කැමතියි. ඉතින් ප්‍රධාන නළුවටයි, ප්‍රධාන නිළියටයි බාධා කරන දුෂ්ඨයාගේ චරිතය තමයි මම කරන්නේ. ඇත්තටම ඒක හරි ලස්සන ආදර කතාවක්.
අශාන්... ටිකක් සැර චරිත ලැබෙන්න පෙනුමත් බලපාන්න ඇති නේද?
ඔව්.. ඔව්... මාත් එහෙම හිතනවා. හැබැයි මම ඒකට කැමතියි. මම වැඩිපුරම කැමති ටිකක් වෙනස් විදියේ චරිතවලට තමයි. සරිගම චිත්‍රපටයෙත් තිබුණේ ටිකක් නපුරු තාත්තා කෙනෙක්ගේ චරිතයක්. දැන් මේ 1970 Love story චිත්‍රපටයෙත් ඒ වගේ දුෂ්ඨ චරිතයක් තමයි මට කරන්න තියෙන්නේ. හැබැයි හිතන තරම් මම නපුරුවත්, දුෂ්ඨවත් නෑ.
1970 Love story චිත්‍රපටයට අමතරව තවත් මොනවද අශාන් මේ දවස්වල කරන්නේ.
මේ දවස්වල චක්‍ර වීරමන්ගේ ඊළඟ ෆිල්ම් එක පෙබරවාරි මාසේ රූගත කිරීම් පටන් ගන්නවා. ඊට අමතරව රූපවාහිනී වැඩසටහනක් නිවේදනය කරනවා. ඉතින්... මේ දවස්වල වැඩිපුරම කාලය යොදවලා තියෙන්නේනම් 1970 Love story චිත්‍රපටයට. ඒකේ රූගත කිරීම් තියෙන්නේනම් කොළඹින් පිට.
කාලයක් අශාන් ලංකාවේ හිටියේ නැහැ?
ඔව්... 2008 ඉඳන් අවුරුදු නවයක් විතර මම ලංකාවේ හිටියේ නෑ. මම ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න ගිහින් එහිම පදිංචි වුණා. ඒ ඉන්න ගමන් අවුරුදු දෙකකට සැරයක් ලංකාවට ඇවිත් නිර්මාණයකට දායක වෙලා ආයෙත් ඔස්ට්‍රේලියාවට ගියා. හැබැයි ඉතින් ලංකාවෙන් පිට හිටියට කවුරුත් අපි ඉන්නේ කොහේද කියලා දන්නේ නෑ. අපිව සම්බන්ධ කරගන්න අමාරුයි. ඒ නිසා වැඩිය ආරාධනා ලැබෙන්නෙත් නැහැනේ. කොහොමත් කලාවට, රංගනයට මගේ තිබුණේ ලොකු ආසාවක්. ඒ නිසාම කරගෙන හිටපු ඉහළ වැටුපක් සහිත රැකියාවටත් ආයුබෝවන් කියලා ලංකාවට ආවා.
ඒ වුණාට ලැබෙන හැම චරිතයක්ම ඔයා බාරගන්නේ නැහැ නේද?
නැහැ. ඇත්තටම නැහැ. මම ලැබෙන හැම චරිතයක්ම බාරගන්නේ නම් නෑ. හිතට වදින එකක් හරි මම කැමති අධ්යක්ෂකවරයෙක්ගේ නිර්මාණවලට විතරයි මම චරිත බාරගන්නේ. කොහොමටත් මම චරිත තෝරනවා. ආරාධනා ලැබිලා මගේ හිතට එකඟ නොවුණ චරිත කිහිපයක්ම මම පහුගිය කාලයේදී බාරගත්තේ නෑ.
සුපර්ණා ඔබ දායක වුණු තවත් නිර්මාණයක් නේද?
ඔව්.... සුපර්ණා කියන්නේ ඇත්තටම හරි අපූරු නිර්මාණයක්. දුලීකා අක්කා එක්ක වැඩ කරන්න මට ලොකු ආසාවක් තිබුණා. ඉතින් සුජීව අයියයි, දුලීකා අක්කයි මට මේ නිර්මාණයට කතා කරලා පිටපත කියවන්න දුන්නම පිටපත හරි අපූරුවට ලියවිලා තිබුණා. ඉතින් හරිම ආසාවකින් මම ඒ චරිතය බාරගත්තා. ඒ චරිතය බාරගන්න තිබුණ ලොකුම ආසාව තමයි මට ඒ චරිතයේ පහතරට නැටුම් කලාව ඉගෙනගන්න තිබුණා. ඒකට මාස තුනක් මම පහතරට නැටුම් කලාව ඉගෙන ගත්තා.
ඒ කියන්නේ අශාන් අභියෝගාත්මක චරිත කරන්න ආසයි?
ඔව්..... ඇත්තටම. මම චරිතයක් බාරගන්න කැමති වෙන්නෙත් ඒකේ තියෙන අභියෝගාත්මක බව නිසාමයි. මම මේ හැම දෙයක්ම කරන්නේ කලාවට තියෙන ආදරේ නිසාමයි. සාමාන්‍ය චරිත කරලා හිතට ලැබෙන තෘප්තියට වඩා මහන්සි වෙලා අලුත් චරිතයක් කරලා හිතට ලැබෙන තෘප්තිය වැඩියි. ඒ නිසා මම හැමවෙලේම උත්සාහ ගන්නේ මම බාරගන්න චරිතයට මගේ උපරිමය ලබලා දීලා සාධාරණයක් ලබලා දෙන්නයි. කරන දේ ආදරයෙන් කරන නිසා මම බාරගන්න හැම චරිතයක්ම මම කරන්නේ සතුටින්.
කොහොමද මේකලා එක්ක ගත කරන ජීවිතේ...
හරිම සතුටින් මම මේකලා එක්ක ගත කරනවා. අපි විවාහ වෙලා දැන් අවුරුදු හතරක් විතර වෙනවා. මායි මේකලයි ඕස්ට්‍රේලියාවේදී ගෘහ නිර්මාණ ශිල්පය හදාරලා ඒ සම්බන්ධව හොඳ රැකියාවක් කළා. මට ලංකාවට එන්න ඕනේ කියලා කියද්දී මේකලා ඕස්ට්‍රේලියාවේ හැම දෙයක්ම අතහැරලා හරි යමු කියලා මාත් එක්ක ලංකාවට ආවා. මේ ෆීල්ඩ් එකේ එහෙම ලොකුවට සල්ලි හොයන්න බෑ. හැබැයි මම ආදරේ කරන දේ වෙනුවෙන් හැම දෙයක්ම ඉවසලා මේකලා මට උදව් කරනවා. මේකලාගෙන් ලැබෙන සහයෝගය ගැන කියන්න ඇත්තටම මට තේරෙන්නේ නෑ.
දේශය