මාර්තු 8 වැනිදාට යෙදුනු ජාත්‍යන්තර කාන්තා දිනයේදී සම්මානනීය සිනමා නිළි අනෝමා ජිනාදරීගේ ප්‍රේම ජවනිකා කෘතිය එළි දැක්වුණා. මානව ලිංගිකත්වය සමග ස්ත්‍රී පුරුෂ සබඳතා පිළිබඳ සාකච්ඡා කරන මෙය ලිංගික අධ්‍යාපනික කෘතියක් ලෙසයි අනෝමා හඳුන්වන්නේ. ජනප්‍රිය සම්මානනීය නළු දසුන් පතිරණ හා අනෝමා ජිනාදරී මෙම ග්‍රන්ථය සඳහා අවශ්‍ය ඡායාරූප සඳහා පෙනී සිටිනවා. තවමත් පෙරදිග සංස්කෘතිය තුළ පවුල නමැති ඒකකය විවෘතව ලිංගිකත්වය පිළිබඳ කතා කරන්නේ නැහැ. එබඳු පසුබිමක යහපත් අඹු සැමි සබඳතා ගැන අනෝමාගේ මෙම ලිංගික අධ්‍යාපනික කථිකාව සැබවින්ම අභියෝගාත්මක එකක්.
අප ජීවත් වන්නේ පෙරදිග සංස්කෘතිය සමගයි. ලිංගිකත්වය හෝ ඊට අදාළ ක්‍රියාකාරකම් පිළිබඳව පවුලේ සාමාජිකයින් සමග හෝ සමාජයේ විවෘත කතා බහක් ඇතිවන්නේ නැහැ. මෙවැනි වටපිටාවක් තුළ ලෝක කාන්තා දිනය යෙදුනු මාර්තු 8 වැනිදා ඔබ ප්‍රේම ජවනිකා නමින් ආන්දෝලනාත්මක කෘතියක් සමාජගත කරනවා. මොනවාද ඔබ එයින් බලාපොරොත්තු වන්නේ.
විවෘතව කතා කළ යුතු ලිංගිකත්වය වැනි විෂයන් සඟවාගෙන කරන ක්‍රියාකාරකමක් බවට පත් කරගෙන තිබෙන්නේ පිරිමි. ඊට හේතුව එහි තිබෙන විද්‍යාත්මක පදනමක් නිසා නොවෙයි. පිරිමියාගේ අත්තනෝමතික ඒක පුද්ගල තිරිසන් රසාස්වාදය නිසයි. එය පෙරදිග සංස්කෘතිය තුළ සඟවාගත් සාධකයක් බවටත් පත්වෙලා. අපි හැමෝම දන්නවා සත්ව සංහතිය තුළ ලිංගික උත්තේජනය ඇති පිරිමි සතා ගැහැනු සතාව ආක්‍රමණය කරලා තමන්ගේ ලිංගික ආත්මාර්ථය බලහත්කාරයෙන් ඉටුකරගන්නා හැටි. මේ තිරිසන් ක්‍රියාකාරකම වානර මානවයාගෙන් පසුව පරිණාමය වුණ වර්තමාන ආසියාතිකයා තුළ මානුෂික මුහුණුවරකට ලක්වී නැහැ. ඉතින් මම අහන්න කැමතියි පෙරදිග සංස්කෘතිය කියන්නේ මේකටද කියලා.
ලිංගික අධ්‍යාපනය මෙරට අධ්‍යාපන විෂය නිර්දේශයට අවම වශයෙන් දහ වන වසරේ සිටවත් ඇතුළත් කරන්න කියලා කාලාන්තරයක් තිස්සේ හඬ නගන කෙනෙක් මම. ඒ වගේම නගරයේ වගේම සෑම දිස්ත්‍රික්කයකම දැනට පිහිටුවා ඇති සමාජ ශාලා ගණිකා වෘත්තිය නීතිගත කරන්න කියලා කියන කෙනෙක් මම. එතකොට පියුමි වැනි අත දරුවන් විද්‍යා වැනි පාසල් සිසුවියන් කාමාතුරයන්ගෙන් නිදහස්ව ජීවත් වේවි. කාමාතුරයන් මෙරට ඕනෑම විෂය ක්ෂේත්රයක (පූජ්‍ය පක්ෂයේ පවා) හිඳිමින් සිවිල් සමාජයට එල්ල කරන අභියෝගය ඔබට පෙනෙන්නේ නැද්ද?. මම ප්‍රේම ජවනිකා ගෙන එන්නේ තිරිසන් ආත්මාර්ථය පෙරදැරි කරගත් කාමාතුරයන්ට නම් නෙවෙයි. ජාත්‍යන්තර ලෝක කාන්තා දිනය වෙනත් රටවල කාන්තාවන් ප්‍රගතිය සමරන අතර මෙරට කාන්තාවන්ගේ මූලික මානුෂික අවශ්‍යතාවයක් වන තම ප්‍රේමවන්තයා සැමියා සමග එක්ව සූරතාන්තය විඳීමේ අයිතිය දිනා ගැනීමටය කියා කියන්නට පුළුවන්.
එම ග්‍රන්ථය ප්‍රේම ජවනිකා නමින් හැඳින්වීමට විශේෂ හේතුවක් තිබෙනවාද?
දැනට මෙරට පුරුෂ මූලික සමාජයේ ලිංගික ක්‍රියාකාරකම් තුළ අප දකින්නේ පිරිමි සතාට පමණක් අයිති ලිංගික කෙරුවාවල්, පාසල් කාලයේ සිට ආදර සම්බන්ධයක් පටන් ගෙන දිගු වසර ගණනාවක් ආදරය කර කසාද බැන්ද පසු විවාහය ලියාපදිංචිකොට නැගිටපු ගමන් හනිමුන් එකේදී සිද්ධ වෙන්නේ නීතිමය බලපත්‍රයක් මත සිදුවන ස්ත්‍රී දූෂණයක්.
ශෘංගාර රාගය මතු කිරීමට ඔබ වැඩි කැමැත්තක් දක්වනවා. ඔබගේ ප්‍රේම ජවනිකා කෘතියේදී වඩාත් ශෘංගාරාත්මක රසය ඉස්මතු වන ආකාරයේ ඡායාරූප පෙළක් ඉදිරිපත් කොට තිබෙනවා. එමගින් ඔබ උත්සාහ කළේ ඔබගේ කෘතිය ජනප්‍රිය කරගැනීමටද?
පෙරදිග සංස්කෘතියේ තිබෙන භාරතීය රසවාදයේ නවනළු රසයට අනුව වැදගත් රසයක් හඳුන්වා දෙනවා. එය ශෘංගාර රසයයි. ශෘංගය; මෙහි අදහස ලිඟුව කියන එකයි. බුද්ධ ධර්මයේ තියනවා නච්ච, ගීත, වාදිත, විසුක දස්සන කියා. ඉන් අදහස් වන්නේ නැටුම් ගැයුම්, වැයුම්, රැඟුම් තහනම් කියන එකයි. මෙය තහනම් කාටද? පෘථග්ජනයාට නමෛයි. සංඝයා වහන්සේලාට. මෙතන තිබෙන ලොකුම ගැටලුව තමයි බුද්ධත්වය ලැබූ සිද්ධාර්ථ කුමාරයා මේ සියලු කෙලි රම්‍ය, සුරම්‍ය, සුබ කියන මාලිගාවන්වලට වෙලා දිර්ඝ කාලයක් තිස්සේ රස වින්දා. රස නීරසයි කියා තමුන්ට දැනෙන්න නම් ඒ රසය විඳින්න එපැයි. ප්‍රේම ජවනිකා කෘතියේදී මම හැකි තරම් උත්සාහ කරනවා ශෘංගාර රසය ඉස්මතු කිරීමට.
එහි පළවන ඡායාරූප සඳහා ඔබම ඉදිරිපත් වීම ඔබ දකින්නේ ඔබගේ ප්රකාශනයට කරන සාධාරණත්වයක් ලෙසද? ඔබත් සමග එම ඡායාරූප පෙළ සඳහා පෙනී සිටින නිර්මාණ ශිල්පියා මේ රටේ සුප්‍රසිද්ධ නළුවෙක්.
ප්‍රේම ජවනිකාවල නියැළෙන රූප 12ක් මෙහි අන්තර්ගතයි. ඒවා වර්ණ රූප ලෙස මෙහි ඉදිරිපත් කොට තිබෙනවා. එම රූප සඳහා මා සමග 'දසුන් පතිරණ' නමැති නළුවා පෙනී සිටියා. ඔහු නළුවකු හැටියට කිසියම් ප්රගතිශිලී දැක්මක් ඇති තරුණයෙක්.
මෙම කෘතිය කාම සුත්‍ර පොතට සමගාමීව නිර්මාණය වූ පොතක්ද?
නැහැ.
අපගේ සංස්කෘතිය හා පුරුෂාධිපත්‍යය පිළිබඳව ඔබ නිරතුරුවම හඬ නැගීමට ඉදිරිපත්වන චරිතයක්. කාන්තා සමාජය තුළ වීරවරියක් වූ ඔබ මෙම ග්‍රන්ථය එළි දැක්වීමෙන් පසුව ඔවුන්ගේ මතකයේ රැඳෙන වීරවරියක් වේවිද? නැතිනම් ප්‍රතික්ෂේපිත චරිතයක් බවට පත්වේවිද?
මම දන්න ආකාරයට නම් මම කාන්තාවන් වෙනුවෙන් මම කරන කියන දේවල්වලට කාන්තාවට සාපේක්ෂව අගය කරන්නේ පිරිමි. එය එක් අතකට බලන විට බහුතරයක් සිතින් විඳින කාන්තාවන් ප්රගතිශීලී ධනාත්මක අදහස් නොමැති කමින් හෝ විමුක්තිය පිළිබඳව චින්තනයක් අරමුණක් නොමැති කමින් කාන්තාවන් හූල්ලමින් පොළොවට පස් වෙනවා. මට අවශ්‍ය කාන්තා සමාජය එකසේ තමුන්ගේ වටිනාකම් හා සොඳුරු ආත්මයන් ගැන ආඩම්බර විය යුතුයි. පිරිමි සමාජය හා උරෙන් උර ගැටී ඒවා දිනා ගැනීමට කටයුතු කළ යුතුයි. ඒ පිළිබඳව අරගල කිරීමේදී වීරවරියක් වීම ප්‍රතික්ෂේප වීම දෙකම එක පොදු ධර්මතාවක් සේයි මම සිතන්නේ. වඩා වැදගත් වන්නේ කළේ මොකක්ද කියන එකයි.
මෙය කර්තෘ ප්රකාශනයක් ලෙස එළි දැක්වීමට විශේෂ හේතුවක් තිබෙනවාද? නැතිනම් ග්රන්ථ ප්‍රකාශකයින් එය ප්‍රතික්ෂේප කළ නිසා ඔබ එය කර්තෘ ප්රකාශනයක් ලෙස එළි දැක්වීමට පියවර ගත්තාද?
පොත් මුද්‍රණය සිනමාවට එහා ගිය ජාවාරමක්. මමම ලියලා මමම වියදම් කරලා මමම පොත එළියට දැම්මා. පොත් වෙළෙන්දා තම රාක්කයේ පොත තබාගෙන එය විකුණා 40 හෝ 50ක් පොතේ මුදලින් ගන්නවා. එහි කිසිදු වට්ටමක් පාඨකයාට දෙන්නේ නැහැ. මගේ කිසිදු පොතක් වෙළෙන්දෙකුගේ මුදලින් මුද්‍රණය කර නැහැ. මම ඔවුන්ගෙන් ප්‍රතික්ෂේපිත වූ බාල්දු ලේඛිකාවක් නමෛයි. හේතුව මම ලියන්නේ ඔවුන්ගෙන් වැටුපක්, ස්වර්ණ පුස්තකයක්, මුදල් ත්‍යාගයක් හෝ රාජ්‍ය සම්මානයක් බලාගෙන නමෛයි. පියසිරි කුලරත්න, පරාක්‍රම කොඩිතුවක්කු වැනි සාහිත්‍ය ධරයන් මට කීවේ පුනරුත්තිය මගේ ජීවිත කතාව අන්වර්ථ නාම යොදා නවකතාවක් හැටියට ලියන්න කියලයි. ඒත් මට එවැනි උන්මාදයක් තිබුණේ නැහැ.
අනෝමා ජිනාදරී කාන්තාවන්ගේ ගැටලු පිළිබඳව බොහෝ හඬ නගනවා. ඒ හඬ තුළ බොහෝ විට දැකිය හැකි වන්නේ ලිංගිකත්වය. අපේ රටේ කාන්තාවන්ට ලිංගිකත්වයෙන් ඔබ්බට ගිය ගැටලු නැද්ද?
නැහැ. දුප්පත්කම, විරැකියාව, බඩගින්න, අධ්‍යාපනය මේ සියල්ල ලිංගිකත්වයට දවෛනි කාරණා. දෙව්මි දැරිය හැඩි දැඩි පිරිමියකු කෙළසන විට ඇයගේ වයස අවුරුදු පහකටත් අඩුයි. ඇයගේ මූලික අයිතිය වන්නේ ස්ත්‍රී ලිංගිකයකු වශයෙන් මූලිකව ලැබිය යුතු පූර්ණ ආරක්ෂාව සහ නිදහසයි. ඊට ඔබ්බෙන් ඇති කිසිවක් මා අර තරම් ගැටලු හැටියට සලකන්නේ නැහැ. මගේ ප්‍රේම ජවනිකා කෘතිය පිළිබඳව වැඩි විස්තර අවශ්‍ය පුද්ගලයින්ට මගේ ඊ මේල් අංකය හරහා හෝ දුරකථන අංකය හරහා වැඩි තොරතුරු ලබාගත හැකියි.
මගේ ඊ මේල් අංකය වන්නේ janadari@yahoo.com
ශිරෝනි ග්‍රේරෝ