මුතුකුඩ ටෙලිනාට්‍යය හරහා නිතර කතාබහවෙන සකුන්තලා මැණිකේ එක්ක අපි ටිකක් කතාබහ කරන්න හිතුවා. මොකද සකුන්තලා මැණිකේ මේ දිනවල රිදී තිරයට ගොඩවෙලා. ඒ පෝරිසාදයා එක්ක. ඇය ඒ ගැන අපිට කිව්වේ මෙන්න මේ විදිහට.
ටිකක් කාර්ය බහුලයි වගේ නේද?
මේ දවස්වල නං ඇත්තටම කිව්වොත් කාර්ය බහුලයි. මුතුකුඩ ෂූටින් යනවා දිගටම. ඒ වගේම අලුත් ටෙලි නාට්‍යයක් පටන් ගත්තා අපේ ආදරේ කියලා. ඒකෙත් රූපගත කිරීම් පටන් ගත්තා. ඒ අතරතුරේම අහස් ටෙලි නාට්‍යයේත් වැඩ පටන් ගත්තා. මේ මමයි නාට්‍යයටත් සම්බන්ධ වුණා.
එතකොට ෆිල්ම් එකත් රිලීස් වුණා නේද?
ඔව්.. පෝරිසාදයා ෆිල්ම් එකත් රිලීස් වුණා. ඒ චිත්‍රපටයේ රූගත කිරීම් තිබුණේ 2016 අන්තිම කාලේ වගේ. ඉතිං අවුරුද්දක් වගේ කාලෙකදී ෆිල්ම් එක රිලීස් වුණා. ඒ ගැන සතුටුයි. ඒ වගේම කුණාටුවේ මායා චිත්‍රපටය බොහෝ විට ලබන වසර වෙද්දී තිරගත වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
මේ කාලය තුළ ඔබට ලැබුණු ඔය නිර්මාණ අතරේ සුවිශේෂ චරිතය මොකක්ද?
මම ක්ෂේත්රයට එන්නේ 2014 මිස් ශ්‍රී ලංකා කිරුළ හිමි කරගත්තට පස්සේ. ඊට පස්සෙත් 2015 දී මිස් ග්ලෝබල් ක්වීන් කිරුළ සඳහාත් මම ඉදිරිපත් වුණා. ඉතිං ඒ අවුරුද්දෙදීම තමයි මම රංගන කටයුතුවලට සම්බන්ධ වෙන්නේ. ඉතිං මේ කෙටි කාලය තුළ මම කරපු චරිත එකිනෙකට වෙනස්. නමුත් ඒ චරිත අතරින් මට හැරවුම් ලක්ෂ්‍යයක් වුණේ මුතුකුඩ නාට්‍යයේ චරිතය.
වේදිකා නාට්‍යවලට ඔය කාලයේදී සම්බන්ධ වුණේ නැද්ද?
වේදිකා නාට්‍ය සඳහා සම්බන්ධ වෙන්න තිබුණු අවස්ථා කිහිපයක්ම මට මඟහැරුණා විවිධ හේතු නිසා. හැබැයි ෆිල්ම් එක රිලීස් වුණාට පස්සේ මට වේදිකා නාට්‍ය කිහිපයකට ආරාධනා ලැබුණා. ඉන් දෙකක් ඉතිහාසය සම්බන්ධ කතා තේමා රැගත් නිර්මාණ. තව ඒවායේ වැඩ පටන් ගත්තේ නැහැ.
ඒ කියන්නේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්නද බලාපොරොත්තුව?
ඔව්... මොකද වේදිකාව කියන්නේ අනිවාර්යයෙන් ඕනෑම කෙනෙකුට රංගනය පිළිබඳ පාසලක් වගේ. බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන්. මොකද මම රංගනය ගැන හැදෑරීමක් කරලා නෙමෙයි ක්ෂේත්රයට එන්නේ. මිස් ශ්‍රී ලංකා කිරුළත් එක්කයි මට ක්ෂේත්රයට එන්න අවස්ථාව ලැබුණේ. ඒ නිසා මට ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා කියලා හිතෙනවා.
රියෑලිටි වැඩසටහන්වලට සම්බන්ධ වුණේ නැද්ද?
එක නාලිකාවක රියෑලිටි වැඩසටහනට සම්බන්ධ වෙන්න කැමැත්තෙන් හිටියා මම. නමුත් ඒක හාස්‍යෝත්පාදක නිර්මාණ ඔස්සේ සිදු කෙරුණේ. ඒක මම අභියෝගයක් කියලා හිතුවා. කොමඩි කියන්නේ හැමෝටම කරන්න පුළුවන් දෙයකුත් නෙමයි. අනික ප්‍රවීණ ශිල්පීන් එක්ක හැප්පෙන්න තිබුණේ. ඒකත් ලේසි දෙයක් නෙමෙයිනේ.... ඒ නිසා පොඩ්ඩක් ඒ වැඩේ මඟඇරලා හිටියා. ඉදිරියේදී බලමු. ඒ ගැන අකැමැත්තක් නෑ මගේ හිතේ.
විදෙස් සංචාරවලට ආරාධනා ලැබුණේ නැද්ද?
ඒ ගැනත් මතක් කරන්නම ඕන. සංගීත ප්‍රසංග සහ විනිශ්චය මණ්ඩල සඳහා ආරාධනා ලැබුණා. ඒ වගේම ඉතාලියේ පැවැත්වුණු මිස් ශ්‍රී ලංකා තරගාවලියේ විනිශ්චය මණ්ඩලය සඳහා සහභාගි වුණා. ඒක මට ලැබුණ සුවිශේෂී අවස්ථාවක්.
වැඩිපුර කැමැති සිනමාවටද?
ඔව්... සිනමාවේ රඟපාන්න වැඩි කැමැත්තක් තියෙනවා. ටෙලි නාට්‍යවලට අකැමැත්තක් නෙමෙයි. නමුත් ටෙලි නාට්‍යවලට බොහෝ පිරිසක් එනවා අද. නමුත් සිනමාව වෙනස්. සිනමාවේ දුර ගමනක් යන්න ආසාවක් හිතේ තියෙනවා. අනික මට නිතර පේන්න ඉන්න කෙනෙක් වෙන්න ආසාවක් නැහැ. එහෙම දකින කොටත් මිනිස්සුන්ට එපා වෙනවනේ. හොඳ නිර්මාණ තෝරාගෙන රංගනයේ යෙදෙන්නයි කැමැත්ත.
ජනප්‍රිය නිළිය සම්මානය ගැන තියෙන බලාපොරොත්තුව කොයි වගේද?
ඇත්තටම ඒ සම්මානය වටින සම්මානයක්. මොකද ප්‍රේක්ෂක ආදරය දිනා ගන්නා වැඩි පිරිසක් ආදරය කරන කෙනෙක් තමයි ඒ සම්මානය දිනා ගන්නේ. නමුත් ඔතන ප්‍රශ්නයක් තියෙනවනේ මේ වෙද්දී. සම්මාන උළෙල සහ බොහෝ දේවල් සිද්ධ වෙන්නේ ව්‍යාපාර මට්ටමින්. ඉතිං ඒ ගැන ගැටලු තියෙනවනේ. නමුත් සම්මාන උළෙල ගැන නැතුව ජනප්‍රිය සම්මානය ගැන කතා කළොත් ඒක හැම කෙනෙකුටම ගන්න පුළුවන් සම්මානයක් නෙමෙයි. මොකද ප්‍රසිද්ධ වෙන්න පුළුවන් ඕන කෙනෙකුට. නමුත් ජනප්‍රිය වෙන්න හැමෝටම බෑ. ඒ නිසා ඒක හුඟක් වටින සම්මානයක්.
ඔබේ ආදරවන්තයා රජිත?
ඔව්... රජිත් සපරමාදු. ඔහු ඉතාලියේ රැකියාව කරන්නේ. අපි සාමාන්‍ය පෙළ පන්තියේදී ඇතිවුණු ආදර සම්බන්ධයක්. දැන් ඉතින් අවුරුදු 11 ක් විතර වෙනවා. තව අවුරුදු දෙකකින් විතර විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
විවාහයෙන් පස්සේ ඉමායාත් ඉතාලියට යනවද?
අපි දෙන්න හිතාගෙන ඉන්නේ මට පුළුවන් වෙලාවට එහෙ යන්නත් ඔහුට පුළුවන් වෙලාවට මෙහෙට එන්නත්. ඒ ඇරුණුකොට ස්ථිරව එහෙ ඉන්නවද මෙහෙ ඉන්නවද කියලා තීරණයක් නැහැ අපේ. බොහෝ දුරට අප රටවල් දෙකේම ඉඳීවි.
යුගන්ති යශෝදරා