වසර 26ක්තිස්සේවේදිකාවේමෙන්මටෙලිනාට්යසහසිනමාමාධ්යයේදකටයුතුකරනචමිලාපීරිස්, මේදිනවලවේදිකාගතවන ‘හැම්ලට්’, ‘සාදයමාරයිසල්ලිහමාරයි’ ආදීවේදිකානාට්යවලමෙන්ම ‘සහෝදරයා’ ටෙලිනාට්යයේදකැපීපෙනෙනචරිතයක්නිරූපණයකළප්රවීණශිල්පිනියකි.
ඇයතවමත්සමාජමාධ්යඔස්සේකතාබහටලක්වන ‘සහෝදරයා’ ටෙලිනාට්යයේඅධ්යක්ෂවරයාවනසම්මානනීයතිරරචකනාමල්ජයසිංහගේබිරිඳයි. මේඇයසමගින්කළකෙටිකතාබහකසටහනකි.
මම ඒකට කැමති කෙනෙක්. ඒක මම ඔහුව දැක්ක කාලෙ ඉඳන්ම තිබුණු දෙයක්. අනික මගේ ජීවිතෙත් ඒ වගේ. කලාවයි, පෞද්ගලික ජීවිතෙයි කියල දෙකක් මට නැහැ. ඒත් නිර්මාණකරණය තුළ යෙදෙන දර්ශනයට වඩා පරස්පර දර්ශනයක තමන්ගේ ජීවිතය ගෙන යනකෙනෙකුට නම් හිතෙන්න පුළුවන් මේක ඉතා අමාරු කටයුත්තක් කියලා. හැබැයි මට එහෙම නැහැ. මම ඔහුගේ ඒ ගතියට ආදරය කරපු කෙනෙක්.
ඔව්. මම දන්නවා මට යමක් කරන්න පුළුවන් කියලා. මගේ පරාසය ගැන අනික් අය කියනවා වගේම මමත් අඳුනගෙන තියෙනවා. විශේෂයෙන් මට වේදිකාව තුළ හොඳ චරිත ලැබිලා තියෙනවා.මම දන්නවා ඒ නිසා මට තවදුරටත් වැඩ කරන්න පුළුවන් කියලා. ආපසු හැරිලබැලුවත් මම යෙදුණු කටයුතු ගැන මට හුඟක් සතුටුයි.
බැහැ. ඉතාම පහළ ස්ථානයක් තමයි එදා සිටම ඔවුන් කලාව වෙනුවෙන් ලබාදුන්නේ. එවැනි පිරිසකට තමයි අපි එදා සිටම බලය දුන්නෙත්. අනික තාමත් අපට රූපණය හැදෑරීමට පවා නිශ්චිත ස්ථානයක් නැහැ. වේදිකා රූපණයේ අභ්‍යාස සඳහා වේදිකාවක් හෝ පැවතුණත් තිරරූපණය සඳහා තාමත් එවැනි නිශ්චිත අභ්‍යාසගත අවකාශයක් නැහැ. ඒ නිසා උගන්වන්න දන්න මිනිස්සුත් අඩුයි.
ඒත් ගෝලීය සමාජයක ජීවත් වන අපට එදාට වඩා තාක්ෂණයෙන් අනූන විශ්වවිද්‍යාල පද්ධතියක් අද තියෙනවා?
මං හිතන්නේ නැහැ ඒ තුළ දියුණු සාර්ථක වැඩපිළිවෙළක් තියෙනවා කියල. මම කිව්වේ නාට්‍ය කලාවට සාපේක්ෂව. මං හිතන්නේ නැහැ විශ්වවිද්‍යාලවල සාර්ථක විෂය පද්ධතියක්, සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා කියලා. අනික කොතරම් හොඳ ගුරුවරුන් ඒ ස්ථානවලටගියත්, කොයිතරම් උත්සාහ කළත් වැඩක් වෙන්නේ නැහැ. මොකද මේ සියල්ලම පාලනය වෙන්නේ රාජ්‍ය පාලන පද්ධතියක් ඇතුළේ. අනික සමහරු නාට්‍ය හා රංග කලාව වගේ කලා උපාධි කරන්නේ වෙන මුකුත් බැරි හින්දා. සමහරු ප්‍රසිද්ධ වෙන්න පුළුවන් කියලහිතාගෙන කරනවා. ඒත් හුඟක් දෙනෙක් නාට්‍ය හා රංග කලාව විෂය හදාරන්නේ රැකියාවක් විදිහට ගුරු වෘත්තියේ යෙදෙන්න බලාගෙන. සියයට 95කට වඩා ඉන්නේ එහෙම පිරිසක්. සරච්චන්ද්‍ර යුගයේදී විශ්වවිද්‍යාලයට විද්‍යාර්ථීන් ආවේ ඔවැනි අරමුණු ඇතුව නෙමෙයි. ඔවුන්ට ඒ වෙද්දිත් ලෝක සාහිත්‍යයේ ඇසුර ලැබුණා. නාට්‍යකරණයේ ඔවුන් යෙදිලා හිටියා. හොඳ ඉංග්‍රීසි දැනුමක් තිබුණා. දියුණු වාමාංශික අදහස් දැරුවා. ඒ නිසයි දියුණු විශ්වවිද්‍යාල සංස්කෘතියක් ඒ කාලේ නිර්මාණය වෙලා තිබුණේ.
මැදිහත් වීමක් අවශ්‍යයි. මොකද ලබාදුන් නිදහස වල්බූරු නිදහසක් විදිහට භාවිත කරන්න ඉඩ දෙන්න බැහැ. උදාහරණයක් විදිහට විදෙස් ටෙලිනාට්‍ය ආනයනය කිරීම සීමා කිරීමට රාජ්‍ය මැදිහත් විය යුතුයි. හැබැයි එතැනදි ඊට දායක වන දේශීය කලාකරුවන් අසාධාරණයකටලක් කළ යුතුයි කියල මම කියන්නේ නැහැ. එක් නාළිකාවකට එක් විදෙස් ටෙලිනාට්‍යයක් පමණක් ආනයනය කළ හැකි ආකාරයේ මැදිහත් වීමක් රාජ්‍ය මට්ටමෙන් සිදුවිය යුතුයි. එතැනදි ඒවායේ තේමාවලින් ප්‍රේක්ෂකයාට වෙන හානිය ගැනත් සොයා බලා ආනයනය කිරීමටඅවසර ලබාදෙන්න පුළුවන් නම් තමයි එය වඩාත් වටින්නේ. එවිටයි ඒ මැදිහත් වීම සාධාරණ වෙන්නේ.
අනිවාර්යයෙන්. කලාව නැතුව කිසිම රටක් දියුණු වෙන්නේ නැහැ කියන්නේ ඒකයි. සංස්කෘතිකමය වශයෙන්, ආර්ථිකමය වශයෙන් රටක් දියුණු කරන්න නම් පළමුව මනුෂ්‍යයාගේ පරිකල්පනය දියුණු කළ යුත්තේ ඒ නිසයි. මොකද සංස්කෘතික මිනිසෙක් කියල කියන්නේඅනෙකා ගැන හිතන, හොඳ පරිශීලනයක් තියෙන, බුද්ධිමත්ව හිතන, ඉදිරි අනාගතයක් ගැන හිතන, පරිසරය ගැන හිතන, ඉදිරි පරම්පරාව ගැන හිතන කෙනෙක්ට. ඒ හින්දයි රටක අවධානය ඒ කරා යොමු විය යුත්තේ. ඒ නිසා අවුරුදු 25කට එහා සංවර්ධනයක් ගැන හිතලාදැන් නිශ්චිත ක්‍රමයකට දරුවෝ ටික හැදුවොත්, තව අවුරුදු 25කින්, 50කින් අපට හොඳ පරම්පරාවක් නිර්මාණය කරගන්න පුළුවන්. මේ ක්‍රමය කණපිට පෙරළන්න පුළුවන්.
මීට කලින් අපිට එවැනි දියුණු ටෙලිනාට්‍ය සංස්කෘතියක් තිබුණා. එවැනි ටෙලිනාට්‍ය නැරඹීමේ පුරුද්දක් බොහෝ දෙනෙකුට නොතිබීම නිසයි බොහෝ දෙනෙක්ට මේ පිළිවෙළ අලුත් අත්දැකීමක් වෙන්නේ. මොකද සිනමාවෙත් දැන් එවැනි සිනමාත්මක පිළිවෙළක් බොහෝවෙලාවට නැහැ. ඒ නිසා මෙවැනි සිනමාත්මක ටෙලිනාට්‍ය නිර්මාණය කිරීමේ වරදක් තියෙනවා කියලා මම නම් හිතන්නේ නැහැ. ඒ කියන්නේ වත්මන් ටෙලිනාට්‍ය සංස්කෘතිය තුළ.