ධනංජය සිරිවර්ධනට පසුගිය දවසක පුංචි පුංචි කරදර කිහිපයකට මුහුණදෙන්න සිද්ධවුණා.
මේ ගැන ඔහු මුහුණු පොතේ පුංචි සටහනක් පවා කරලා තිබුණා. ඒ හින්දාම අපි ධනංජය සිරිවර්ධනට කතා කළා.
සිල්ලර සමනල්ලූ එක්ක ගෙවන ජීවිතය කොහොමද?
සිල්ලර සමනල්ලූ කියන්නේ මගේ ජීවිතයේ මට හමුවුණ වෙනස්ම චරිතයක්. මම කවදාකවත් එහෙම චරිතයක් කරලා නැහැ. කවදාවත් මගේ පේ්රක්ෂකයන් මගෙන් එවැනි චරිතයක් බලාපොරොත්තුවුණේ නැහැ. මගේ රංගන ජීවිතයටම එක්තරා විදිහකට ආලෝකයක් වෙච්ච චරිතයක් තමයි නින්ජා කියන්නේ.
නින්ජා කොමඩි චරිතයක් වගේ ?
වැඩේ කියන්නේ මේ නාට්‍යයේ කිසිම කොමඩි නළුවෙක් නැහැ. මේ නාට්‍යයේ රඟපාන ඔක්කොම වෘත්තීමය දක්ෂතා දක්වපු නළුවෝ ඉන්නේ. ඉතිං වැඩේ තියෙන්නේ අපි මේක ඇතුළේ කොමඩි කරන්නේ නැහැ. කිසිම බ්ලේඩ් තලයක්වත් නැති චණ්ඩියෙත් මහා සන්නද්ධ සේනාවක් ඉන්න ඇත්ත චණ්ඩියෙක්ම හැම තැනදීම පරද්දනවා. මේක තමයි මේකේ තියෙන හාස්‍ය කතාව.
මේ දවස්වල ධනංජය ගැන මුහුණුපොතේ වගේම අන්තර්ජාලයේ වෙනස්ම විදිහේ කතාවක් පැතිරෙනවා නේද?
ඕක ඉතිං සාමාන්‍ය දෙයක්. මේ දවස්වල සිල්ලර සමනල්ලූ” සංහිඳ පාමුල” පෝටාවැටිය” හරස් පාර” ඇලඩින්ගේ පුදුම පහන කියන නිර්මාණ පහම එකවර විකාශනය වෙනවා. ඉතිං මේක බලාගෙන ඉන්න බැරි පිරිසකුත් ඉන්නවා.
ඒ කියන්නේ ධනංජයට ඇත්තටම තරහකාරයෝ ඉන්නවා. එහෙමද?
මට විතරක් නෙමෙයි” මම හිතන්නේ කෙනෙක් ජනප්‍රියත්වයට පත්වෙනකොට ඒ කෙනාට ජනතා ආකර්ෂණය වැඩිවෙනකොට” හොඳින් පවුල් ජීවිත ගත කරන ජීවිත දැක්කහම සමහරුන්ට නළියනවා වගේ වෙනවානේ. පවුල කඩනකම් විසුමක් නැහැ. දෙන්නෙක් හොඳින් ඉන්න එකත් සමහරුන්ට ප්‍රශ්නයක්නේ.
ධනංජය සහ සශිනි හොඳින් පවුල්කනවා කියන එකත් සමහරුන්ට ප්‍රශ්නයක්ද?
අපි දෙන්නා විතරක් නෙමෙයි කේෂ්ත්‍රයේ හොඳින් පවුල් ගතකරන අය දිහා බලාගෙන ඉන්නේ මේ දෙන්නා විරසකවෙලා” ඩිවෝස්වෙලා” ගහගෙන කියන ආරංචිය පතුරුවන්න සමහරු බලාගෙන ඉන්නවා. ඉතිං ඒ ගොල්ලෝම පුවත් මවලා ඒ ගොල්ලෝම කතාන්දරය හදාලා ගොසිප් සයිට්වලින් ගහනවා. ඉතිං මට කියන්න තියෙන්නේ ඔය කට්ටියට කායිකව වගේම මානසිකව වැටුණු හිඟන්නෝ සෙට් එකක්. ජීවත්වීම සඳහා සල්ලි අර්බුදයක් එහෙමත් ඇති. අපිට ගහලා හරි රුපියල් සීයක් දෙසීයක් හොයාගෙන බත්පැකට් එකක් කාලා ජීවත්වෙනවා ඇති.
මේ පළවුණ කතාවත් එක්ක ඔබ මුහුණුපොතේ සටහනක් තබනවා. ඒ ගැනත් ගොඩක් දෙනෙක් කතාවෙනවා ?
මට ඒක ගැන එච්චර ගාණක් නෑ. බිරිඳට කියලා තියෙන කතාවලට මම දැඩි සේ විරුද්ධයි. මොකද මට මොනවත් කිව්වාට කමක් නැහැ. මොකද මම කොල්ලෙක්. ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. මිනිස්සු දන්නවා මම කවුද කියලා. ඒ වුණාට මගේ බිරිඳ ගැන කියලා තිබුණ කතාවලට තමයි මම දැඩි නීතිමය පියවරක් අරගෙන තියෙන්නේ.
මේ සිද්ධියත් එක්ක ඔබ නීතිය ඉදිරියට යන්න සූදානම් වෙනවා කියන්නේ ඇත්තද?
නීතිය ඉදිරියට යන්න පළමු පියවර තබලයි තියෙන්නේ. නීතියේ කාර්යයක් සිද්ධවෙන හින්දා වැඩි විස්තර කියන්න විදිහක් නෑ. ඒ දේවල් ඒ විදිහට සිද්ධවේවි.
ධනංජයගෙයි බිරිඳගෙයි දියුණුව බලාගෙන ඉන්න බැරි පිරිසක් මේ දේවල් කළා කියලාද හිතන්නේ ?
ඔව්. ඊට අමතරව මමයි සම්පත් ජයවීරයි එකතුවෙලා අලූත් පරම්පරාවකුත් හදනවානේ.ඉතිං මේ එකක්වත් අසාර්ථකවෙලා නැහැ. හැමදේම සාර්ථකව සිද්ධවෙනකොට සමහර අයට” හැමෝටම නෙමෙයි ඒක දරාගන්න බැහැ. දැන් මගේ ප්‍රාණ එකටත් දොස් කියලා තිබුණා. මගේ ප්‍රාණ එක ඇතුළේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ දන්නවා මම කවුද කියලා.
අලූත් පරපුරට ඔබට උගන්වන්න පුළුවන් තරම් දැනුමක් තියෙනවාද කියලත් සමහරු අහනවා නේද?
හැමෝම කියනවා ලංකාවේ රඟපෑම ගැන ඉගෙනගත්තු පිරිසක් නෑ. ඔහේ ආවාට ගියාට එන පිරිසක් තමයි ඉන්නේ කියලා. කවුරුත් ඒවාට මොකුත් කරන්නෙත් නෑ. මමයි සම්පතුයි එකතුවෙලා ප්‍රවීණ ගුරු මණ්ඩලයක් එක්ක පටන්ගත්තු ප්‍රාණ අතිසාර්ථක දෙවැනි කණ්ඩායමත් පටන්ගන්නවා. සමහරුන්ට මේක දරාගන්න බෑ. අලූත් පරපුරකට උගන්වනවා” අලූත් පරපුරක් හැදෙනවා කියන එකටත් විරුද්ධයි. ඉතිං මොකාක් හරි පන්තිය ඇතුළේ දෙයක් හදලා ඒකටත් ගහනවා.
බිරිඳ මේ දේවල් ගැන මොකද කිව්වේ ?
ඇයට මේවා කියවාගෙන යද්දී හිනාගියා. මේක අපි දෙන්නා අතරේ වෙච්ච නැති කතාවක්. හැබැයි අපේ නම්වලින් දාලා තියෙනකොට අපි හරි සතුටින් කියෙව්වා. හැබැයි දෙවැනි වර කියවන විට තමයි ඇය කිව්වේ අපි මේ සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගමු. ඇයගෙත් මගෙත් කිසිම කැළඹීමක් නෑ. පේ්රක්ෂකයන්ට අපි දෙන්නා යම්කිසි කැළඹීමකද ඉන්නේ කියලා යම්කිසි අදහසක් ආවා නම් අපි දෙන්නාට එහෙම කැළඹීමක් නෑ. මමත් හොඳින්. ඇයත් හොඳින්. ඇත්තටම අපි දෙන්නා හොඳින් ඉන්න එක දරාගන්න බැරි කුහකයෝ ලංකාවේ ඉන්නවා. නීතිමය පියවරෙන් පසුව මම ඒ දේවල් ප්‍රසිද්ධ කරන්න සූදානම්.
මේ දේවල් කරපු කෙනා ඔබ දන්නවා වගෙයි ?
ලංකාවේ නීතියක් තියෙනවා. ඒ නීතියට අපි ගරු කරන්න ඕනෑ. ඒ නීතියෙන් ඒ දේවල් සිද්ධවෙනකම් මම නිශ්ශබ්දව ඉන්නවා. නීතියට භාරදුන් පසු ඒකට ඇඟිලි ගැසීම් කරන්න බැහැ. අපි ඔහොම ටික දවසක් ඉමු.
දිනේෂ් විතාන
දිවයින