සමන් සෑහෙන කාලෙකට පස්සෙ ලංකාවට ඇවිත්
මම අවුරුද්දක් ගානෙ දරුවන්ගේ නිවාඩු කාලෙට ලංකාවට එනවා. විශේෂයෙන්ම අගෝස්තු නිවාඩුවට එහෙම ඇවිත් ඔවුන් සමඟ එකතු වෙලා මමත් විවේකය ගත කරලා යනවා.
මෙවර ආවෙ කොච්චර කාලෙකට පස්සෙද?
වැඩි කාලයක් නෑ. මෙවර ආවෙ අවුරුද්දකට පස්සෙ. ගිය අවුරුද්දෙත් මේ කාලෙ මම ලංකාවෙ හිටියා.
කොහොමද පිටරට ගෙවන ජීවිතේ
අපි එහේ ගෙවන ජීවිතේ ඇත්තටම මෙහෙට සාපේක්ෂව සැප පහසුයි. වැඩ කරගන්න ලේසියි. විශේෂයක් තියෙනවා. ඒත් දැන් අවුරුදු 13 ක් විතර එක දිගට එහේ ඉඳලා ආපසු හැරිල බැලූවම අපේ දරුවන්ට සහ අපේ ජීවිතවලට නැති වෙන කොටසකුත් තියනවා මේ විදියට ලංකාවෙන් ඈත් වෙලා සිටීම තුළ.
* ආපහු ලංකාවෙ පදිංචියට එන්න අදහසක් නැද්ද?
ඇත්තටම මට මෙවර දැඩිව දැනුන දෙයක් තමයි ආපහු ලංකාවට එන්න ඕන කියන එක. මම ගොඩක් රටවල්වලට ගිහින් තියෙනවා.. ඒ කොයි රටට ගියත් අපේ රටේ අපි ලබන තෘප්තිය වෙන කොහේදිවත් ලබන්න බෑ.
කොහොමද සංගීත වැඩ කටයුතු එහෙම
මම ජනපි‍්‍රයත්වයේ ඉහළටම ගිය කාලයක් තිබුණා. ඒ කාලෙදි රැකියාව නිසාත් අවිවේකී බව නිසාත් අලූත් නිර්මාණ ගැන හිතන්න අවස්ථාව මට අහිමි වුණා. නමුත් පිටරටදී මට අවස්ථාව ලැබුණ මම කරපු දේ ගැනත් මේ ක්ෂෙත්රයේ දැවැන්තයන් කරල තියෙන සේවය ගැනත් අවදි බුද්ධියෙන් විචාරය කරලා අපි කළ යුත්තේ කුමක්ද අපේ අඩුපාඩු මොනවද කියලා ස්වයං අධ්‍යයනයක යෙදෙමින් අපි කවුද කියලා අඳුර ගන්න. ඒ වගේම ඉතාම වැදගත් රසිකයන් පිරිසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. එහෙදි ඔවුන් සමඟ එකතු වෙලා නොයෙක් සංස්කෘතික වැඩ කටයුතුත්” ගීත ගායනය වගේම සංදර්ශනත් පවත්වනවා. ඊට අමතරව අපි සම්බන්ධ වෙලා ශී‍්‍ර ලාංකික දරුවන් වෙනුවෙන් සිංහල පාසලක් පවත්වා ගෙන යනවා.
බහරේන් රටේ ඔබ කරන රැකියාව කුමනාකාරද?
මම වෘත්තියෙන් යාන්ති‍්‍රක ඉංජිනේරුවරයෙක්. ශ්‍රී ලංකාවේ අවුරුදු ගණනාවක් සේවය කරලා දැනට එහේ නැව් අලූත්වැඩියා කරන සමාගමක සේවය කරනවා. එහෙදි ලංකාවෙදි භාවිතා කරන්නට නොලැබුණු තාක්ෂණික අංශ භාවිතා කිරීමේ වාසනාව උදා වුණා. විශේෂයෙන්ම මුහුද මැද නවත්වලා තෙල් ලබා ගැනීමේ ගවේෂණ ක්‍රමවේද සහිත යන්ත්‍ර සූත්‍ර අලූත්වැඩියාවට අවස්ථාව හිමි වුණා.
අලූත් ගීත කිරීමේ අදහසක් නැද්ද?
මේ වෙද්දී ලංකාවට ඇවිත් සති තුනයි. ඒ කාලෙ ඇතුළත මම අලූත් ගීත පහක වැඩ කටයුතු අවසන් කළා.
මේ වගේ කෙටි කාලයක් තුළ එච්චර දෙයක් කරන්න ඔබට හැකි වුණාද?
ඇත්තටම අපි කලින් ඒවා සාකච්ඡා කරලා සූදානම් කරගෙනයි හිටියෙ. පද රචනා හදාගෙන පටිගත කරලා ට්‍රැක් සූදානම් කරගෙනයි හිටියෙ.
මේ ගීත පහ රසිකයන්ට අහන්න ලැබෙන්නෙ කවදද?
මම නිවාඩුව ඉවර වෙලා යන්න කලින් මේ ගීත පහ සීඞී තැටියක් හැටියට නිෂ්පාදනය කරලා ගුවන්විදුලි නාළිකාවලට දීලා යනවා ප්‍රචාරය කරන්න.
ගීත පහ ගැනත් විස්තර ටිකක් කියමුද?
ඉතාම ආශාවෙන් ගායනා කරපු බොහොම සුන්දර ගීත පහක්. පළවෙනිඑක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් වන මාධවී හේරත් රචනා කරපු කියනු මැන හන්තාන කියන ගීතය. ඒක ඉතාම මිහිරි ගීතයක් වෙයි කියලා මට හිතෙනවා. සංගීතය නවරත්න ගමගේ. නයිජීරියාවේ සේවය කරන ඉංජිනේරුවරයෙක් ලියලා දීපු ගැයෙන්න මිහිරිම ගීයක් වෙලා. එයින් කියවෙන්නේ තමන්ගේ දියණිය ගැන. සංගීතය නාලක අංජන කුමාරගෙ. නයනසේන වන්නිනායකගේ බණ්ඩි කුරක්කන් පීදෙන සහ පාද පරිචාරිකාවෝ කියන ගීත දෙකත් මම ගායනා කරනවා. සංගීතවත් කළේ නාලක අංජන කුමාර. අන්තිම ගීතය රොහාන් ලියනගේ රචනා කරපු චමත්කා කියන ගීතය සංගීත අධ්‍යක්ෂණය කළේ නවරත්න ගමගේ.
කොපමණ කාලෙකට පස්සෙද ඔබේ ගීත රසිකයො අතරට යන්නෙ?
මම සැරින් සැරේ ලංකාවට ආවම ගීතයක් කරලා යනවා. ඒත් ගීත පහක් මේ විදියට රසිකයන් අතරට යවන්න හැකියාව ලැබුණෙ අවුරුදු දහයකට විතර පස්සෙ. මේ අවස්ථාව මට විශේෂයි.
ඔබේම කියලා ප්‍රසංගයක් කළොත් නරකද?
එහෙම අදහසක් තියෙනවා. මගේම නැතත් මගේ කාලේ ශිල්පීන් කිහිප දෙනෙක් එකතු කරගෙන ප්‍රසංගයක් කරන්න. විශේෂයෙන්ම මගේ පාසල බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ විද්‍යාර්ථින්ගේ සංගමයෙන් ඒ සඳහා ඉල්ලීමක් තියෙනවා.
සමන් ජයනාත් කිව්වම ගොඩක් දෙනෙක් කතා කරන්නෙ තුමුල නමනු තුළ ගීතය ගැන. ඒ අතීතය ගැන ආපසු හැරිල බලද්දි මොකද හිතෙන්නෙ?
අපේ මුළු ජීවිතේ දිහා වුණත් ආපහු හැරිලා බලද්දි හැම දෙයක්ම අහම්බයක් කියලා තමයි හිතෙන්නෙ. අපි ඉපදෙන්නෙ මේ ජීවිතෙන් සමුගන්නෙ සැලසුම් කරලා නෙමෙයි. ඒ වගේ තමයි තුමුල නමුණුකූල ගීතය මට ලැබෙන්නෙත්. එය ජනපි‍්‍රය වෙන්නෙත් රසිකයො ඒ ගීතය වැලඳ ගන්නෙත් නොහිතපු විදියට. ඒක මට ලැබුණ මහඟු වාසනාවක් ත්‍යාගයක් හැටියටයි මම සලකන්නෙ. මොන තැනකට ගියත් මගේ නමට වඩා ඒ ගීතය අදටත් ඉදිරියෙන් තියෙනවා.
නමට වඩා මිනිස්සු දන්නෙ උමා කියල මොකද හිතෙන්නෙ?
ඒක තමයි ඒ නිර්මාණයේ තියෙන ප්‍රබල කම. ඕක මුලින්ම කරද්දී ගොඩක් ගැඹුරට දැනගෙන හිතලා කරේ නෑ. ඒ වගේ පසුබිමක මගේ ගීත මේ විදියට රසිකයෝ වැලඳගෙන සිටීම මට සතුටට කාරණයක් වගේම ආඩම්බරයක්.
එදාට වඩා අද ජනපි‍්‍රයත්වයේ අඩුවක් තිබෙන බව ඔබට දැනෙන්නෙ නැද්ද?
මම මේ රටින් ගියේ ජනපි‍්‍රයත්වයේ ඉහළම තැනක ඉන්න කාලෙනෙ. ඒත් ජනපි‍්‍රයත්වය රඳවාගෙන මට මෙහේ ඉන්න ක්‍රමයක් තිබුණෙ නෑ. ඒ අනුව අපේ ආගමට අනුවත් මට තේරුම් ගත්තා මේ හැමදේම කවදා හරි දවසක අපිට අතහරින්න වෙනවා කියලා. රසිකයො අතර ඉඳගෙන ඔවුන්ට අවශ්‍ය දේ නොදෙන කොට ඔවුන්ගේ මතකයෙන් ඕනම කෙනෙක් ඉබේම ඈත් වෙනවා. එහෙම වුණාම ජනපි‍්‍රයත්වය ඉබේම අඩු වෙනවා.
දිනේෂ් විතාන
දිවයින