දශක පහකට අධික කාලයක් මුළුල්ලේ සිංහල සිනමා ක්ෂේත්රයට සුවිශාල දායකත්වයක් ලබාදුන් අතිදක්ෂ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකාගේ සිනමා දිවියට වසර 50 ක් පිරීම නිමිත්තෙන් මේ දිනවල කොළඹ කේන්ද්‍ර කොටගෙන උත්සව මාලාවක් පැවැත්වේ.
සම්මානනීය රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී, මාලිනීගේ රංගන ශෛලිය පාදක කොටගෙන මාලිනී රංග න්‍යාය නමින් පොතක් පළ කළේය.
එම පොත එළිදැක්වීම හා සමගාමීව නිදර්ශනාත්මක දේශනයක්ද ඔහු විසින් පවත්වන ලදී. ඊයේ සිට ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී මාලිනී ෆොන්සේකා චිත්‍රපට උළෙලක් පැවැත්වේ. අගෝස්තු 18 සිට 21 දක්වා පැවැත්වෙන මෙම චිත්‍රපට උළෙල ආරම්භ වූයේ ලෙස්ටර්ගේ නිධානය ප්‍රදර්ශනය කරමිනි. අද ප්රතිරාවද, හෙට අම්මාවරුනේද, අගෝස්තු 21 වැනිදා ආකාස කුසුම් ද ප්‍රදර්ශනය වනු ඇත. මාලිනී උපහාර උළෙලේ උච්චතම අවස්ථාව 22 වැනි දින පැවැත්වෙන උපහාර උළෙලයි.
1968 දී පුංචි බබා තුළින් සිනමාවට පිවිස අද වන විට සිංහල සිනමාවේ නිළි රැජන වන මාලිනීගෙන් අප මේ පිළිබඳව විමසීමු.
ජැක්සන්ගේ පොත නම් සුවිශේෂී එකක්. මෙතෙක් ලංකාවේ රංගන ශිල්පියෙකුගේ හෝ ශිල්පිනියකගේ රංගන භාවිතය ගැන ශාස්ත්‍රීය මට්ටමින් පොතක් එළිදක්වලා නැහැයි කියලා තමයි බොහෝ අය කියන්නෙ. රංගනය හදාරන අයට ඒ පොත උපකාරී වේවි, මොකද මේ විෂය හදාරන්න අපට පාසලක්වත් නැහැනෙ. මේ දේ අනාගත පරපුර වෙනුවෙන් ඉතිරිවේවි. මගේ සිනමා දිවියට වසර 50 ක් පිරීම වෙනුවෙන් මේ සා විශාල උපහාර උළෙලක් හා උත්සව මාලාවක් සංවිධානය කරන්න මූලික වූ සංවිධායක මඬුල්ලේ සාමාජිකයන්ට මගේ විශේෂ උපහාරය පුදන්නට කැමතියි. ධම්මික දිසානායක, ප්‍රේම් දිසානායක, සමන් අතාවුදහෙට්ටි, සුනිල් ආරියරත්න, ලාලිත්‍ර පල්ලෙගංගොඩ, බුද්ධදාස ගලප්පත්ති, රෝහණ වීරසිංහ, චන්න විජේවර්ධන, රේණුකා බාලසූරිය, සෝමරත්න දිසානායක, ජයන්ත ධර්මදාස, රවීන්ද්‍ර රන්දෙණිය, රවීන්ද්‍ර ගුරුගේ වගේ මේ අය අතරින් විශේෂයි.
අපි සිනමාවට ආපු කාලෙ ප්රේක්ෂකයන්ගෙ විශාල පිබිදීමක් වගේම ආදරණීය බවක් තිබුණා. ඒ අය සිනමාවත් එක්ක බද්ධවෙලා හිටියා, අපි වගේම. සිනමාව කියන්නෙ හරියට පොතක් වගේ. මි.මී. 35 විතරක් නෙවෙයි, නවීන තාක්ෂණය යොදාගෙන හෝ හදන චිත්‍රපට හැමදාම පවතීවි, පොතක් වගේම. ඒක නැතිකරන්න බැහැ.
මගේ වසර 50ක සිනමා චාරිකාව දෙස ආපහු හැරිලා බලද්දී මම ඒ හැමදෙයක්ම දකින්නෙ සුභවාදී විදිහට. ජීවිතයක් කියන්නෙ ළමා කාලය, තරුණ කාලය, ඊටපස්සෙ බිරියක් වීම, මවක් වීම, මිත්තණියක් වීම වගේ චක්රයක්නෙ. සැබෑ ජීවිතයේදී ඇතැම් කඩඉම් මගෙන් ගිලිහිලා යන්න ඇති. ඒත් ඒවා මම සුභවාදීව දකින්න පුරුදුවෙලා තියෙනවා. සැබෑ ජීවිතයේදී මට දෛවය විසින් අහිමිකළ භූමිකා රැසකට මම රිදීතිරයේ පණපොවා තිබෙනවා. සිනමාතිරයේ මම ජීවිත ගණනාවක්, චරිත විශාල ගණනාවක් නිරෑපණය කරලා තියෙනවා. ඒ විරල වාසනාව හැමකෙනෙකුටම ලැබෙන්නෙ නැහැ. එනිසා මම විශ්වාස කරනවා මම සුවිශේෂී වාසනාවන්ත ගැහැනියක් කියලා.
මේ වසර 50ක කාලය තුළ විඳපු දුක් කන්දරාවන්, කළ කැපකිරීම් ගැන කියනවනම් ඒ ගැන වෙනම පොතක් ලියන්න පුළුවන්. මානසිකව වගේම ශාරීරික වශයෙනුත් මම පීඩාවට පත්වුණු අවස්ථා එමටයි. ඒවායින් ගොඩ එන්න තනියම බැහැ. ඒ වගේම තමයි සිනමා නිළියක ලෙස ප්‍රේක්ෂක ජනාදරය ලබන්නත් අපේ තනි කැපකිරීම්වලින් බැහැ. අපේ පවුලේ අයගෙ උනන්දුව, මගේ සහෝදර නළු නිළියන්ගේ විශ්වාසය හා කැපකිරීම, ඒ වගේම තමයි අධ්‍යක්ෂකවරු, නිෂ්පාදකවරු, කාර්මික ශිල්පීන්, මේ සියලුදෙනාම ඉන්නවා මගේ ජයග්‍රහණය පිටුපස. ඒ අය මට යෝධ සෙවණැල්ලක් වෙලා තියෙනවා.
ඉදිරි බලාපොරොත්තුවත් ඉතින් හැකිතාක් දුරට සිනමා නිළියක ලෙස දායකත්වය ලබාදෙන්න තමයි. අලුතින් චිත්‍රපටයක් හදන්න මේ මොහොතෙනම් අදහසක් නැහැ. සමහරවිට එහෙම අවස්ථාවක් එන්නත් බැරි නැහැ.
දේශපාලනයට පිවිසීම ගැන මගේ හිතේ කිසිම පසුතැවිල්ලක් හෝ කණගාටුවක් නැහැ. ඒක මට තවත් අපූරු අත්දැකීමක් වුණා. ජීවිතේ මම ඒ වගේ අත්දැකීම් තුළින් ඉදිරියට ආපු කෙනෙක්. ඒ ගමනේදී අභියෝග රැසකට මුහුණදුන්නා. මම මුලින්ම රංගනයට පිවිසුණේ වේදිකාවෙන්. ඊටපස්සෙ සිනමාව, රූපවාහිනිය. ජීවත්වෙනවා කියන්නෙත් ඉතින් එන එන අභියෝගවලට මුහුණදෙන එකනෙ.
මාලිනී ෆොන්සේකා චිත්‍රපට නාමාවලිය
(1) පුංචි බබා - 1968 (2) අබුද්දස්ස කාලේ - 1968 (3) දහසක් සිතුවිලි - 1968 (4) ආදරවන්තයෝ - 1969 (5) කවුද හරි - 1969 (6) ප්‍රවේශම් වන්න - 1969 (7) පාරාවළලු - 1969 (8) දැන් මතකද - 1970 (9) අක්කර පහ - 1970 (10) හතර දෙනාම සූරයෝ - 1971 (11) අභිරහස - 1971 (12) සමනළ කුමරියෝ - 1971 (13) මහ හේනේ ඊරියකා - 1971 (14) නිධානය - 1972 (15) හොඳම නිළිය - 1972 (16) සහනය - 1972 (17) එදත් සූරයා අදත් සූරයා - 1972 (18) මේ දෑස කුමටද - 1972 (19) ආදරේ හිතෙනව දැක්කම - 1972 (20) මාතර ආච්චි - 1973 (21) සුහද පැතුම - 1973 (22) තුෂාරා - 1973 (23) සදහටම ඔබ මගේ - 1973 (24) හත්දින්නත් තරු - 1973 (25) හොඳම වෙලාව - 1973 (26) සිනාවයි ඉනාවයි - 1973 (27) හොඳයි නරකයි - 1973 (28) දාහකින් එකෙක් - 1973 (29) හොඳට හොඳයි - 1973 (30) අහස් ගව්ව - 1973 (31) කස්තුරි සුවඳ - 1973 (32) සිසී - 1974 (33) සැණකෙළිය - 1974 (34) ආවා සොයා ආදරේ - 1975 (35) කොහොම කියන්නද - 1975 (36) සූරයා සූරයාමයි - 1975 (37) සධානා - 1975 (38) සංගීතා - 1975 (39) ප්‍රදීපේ මා වේවා - 1976 (40) නයනා - 1976 (41) කවුද රජා - 1976 (42) වාසනා - 1976 (43) ගංගා - 1976 (44) උන්නත් දාහයි මළත් දාහයි - 1976 (45) ඔන්න මාමේ කෙල්ල පැනපි - 1976 (46) සරදියෙල්ගෙ පුතා - 1976 (47) ආදරෙයි මං ආදරෙයි - 1976 (48) නීලා - 1977 (49) සකුන්තලා - 1977 (50) හිතුවොත් හිතුවාමයි - 1977 (51) පෙම්බර මධූ - 1977 (52) දෙවියනි ඔබ කොහිද? - 1977 (53) එයා දැන් ලොකු ළමයෙක් - 1977 (54) සිරිපාල සහ රන් මැණිකා - 1977 (55) විශ්මය - 1978 (56) සෙලිනාගේ වලව්ව - 1978 (57) කුණ්ඩලකේශී - 1978 (58) වීර පුරන් අප්පු - 1978 (59) බඹරු ඇවිත් - 1978 (60) සැලී - 1978 (61) අපේක්ෂා - 1978 (62) සඳ වට රන් තරු - 1978 (63) අනුපමා - 1978 (64) හිඟන කොල්ලා - 1979 (65) දිවි තිබෙන තුරු - 1979 (66) මුවන් පැලැස්ස 1 – 1979 (67) වසන්තේ දවසක් - 1979 (68) මොනරතැන්න 1 1979 (69) නුවන් රේණු - 1979 (70) සිල්වා - 1979 (71) එක්ටැම්ගේ - 1979 (72) රක්තා - 1980 (73) දඬුමොනර - 1980 (74) රජ දවසක් - 1980 (75) බැද්දේගම - 1981 (76) සත්වැනි දවස - 1981 (77) සයුරු තෙර - 1981 (78) බඹා කෙටූ හැටි - 1981 (79) සොල්දාදු උන්නැහේ - 1981 (80) සිටු කුමරියෝ - 1981 (81) එක දවසක් රෑ - 1981 (82) ගීතිකා - 1981 (83) ඉන්දුට මල් මිටක් - 1981 (84) ආරාධනා - 1981 (85) බඹර ගීතය - 1982 (86) යසඉසුරු - 1982 (87) අනුරාධා - 1982 (88) මිහිදුම් සිහින - 1982 (89) නැවත හමුවෙමු - 1982 (90) සමුගනිමි මා සැමියනි - 1983 (91) තුත්තිරි මල් - 1983 (92) ලොකු තාත්තා - 1983 (93) සමනළ සිහින - 1983 (94) මුවන්පැලැස්ස - 3 – 1983 (95) බඹර පැටික්කි - 1984 (96) කෝකිලා - 1984 (97) හිතවතිය - 1984 (98) සසර චේතනා - 1984 (99) වදුල - 1984 (100) සහෝදරියකගේ කතාව - 1984 (101) මල්වරුසා - 1986 (102) දෙව්දුව - 1986 (103) පූජා - 1986 (104) අවුරුදු දා - 1986 (105) කැලෑ කෙල්ල - 1987 (106) අහිංසා - 1987 (107) සඳකඩ පහණ - 1988 (108) නැව ගිලුණත් බෑංචූන් - 1988 (109) ශක්තිය ඔබයි අම්මේ - 1989 (110) වරදට දඬුවම් - 1989 (111) සිරිමැදුර - 1989 (112) වීර උදාර - 1990 (113) හොඳ හොඳ සෙල්ලම් - 1990 (114) පාරාදීසේ - 1991 (115) හිතට දුකක් නැති මිනිහා - 1991 (116) රජ කෙල්ලෝ - 1991 (117) මධුසමය - 1991 (118) ස්ත්‍රී - 1991 (119) සුවදෙන සුවඳක් - 1991 (120) අහිමි දඩමං - 1992 (121) උමයංගනා - 1992 (122) රූපයයි නීතියයි - 1992 (123) සත්‍යා - 1992 (1240 සඳමඬල - 1994 (125) 150 මුල්ලේරියාව - ........ (126) අපායේ තත්පර 8400 ක් – 1997 (127) අන්තිම රැය - 1998 (128) වෑකන්ද වලව්ව - ......... (129) අම්මාවරුනේ - 2006 (130) ආකාස කුසුම් -
Ramesh Uavis
Deshaya